මාර්තු 2028

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
262728293031
අද දිනට

කියවීම්

2028 මාර්තු 5

First Sunday of Lent

දවසේ දේව මෙහෙය
First Reading

ද්විතීය නීති සංග්‍රහය 26: 4-10

4පූජකවරයා ද පැස ඔබේ අතින් ගෙන දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට එය තැබිය යුතු ය. 5ඉන්පසු ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරිපිට මෙසේ කිව යුතු ය: ‘මාගේ ආදි පියා තැනින් තැන සංචාරය කළ අරමීය ජාතිකයෙකි. ඔහු කුඩා පිරිසක් කැටුව මිසරයට ගොස්, එහි කලකට පදිංචි වී මහත් බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් විය. 6මිසරවාසීහු ද නපුරු ලෙස ක්‍රියා කරමින්, අපට හිංසා පීඩා කොට අප දැඩි වහල්කමට පත් කළහ. 7අපේ ආදි පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට අප මොරගැසූ විට සමිඳාණන් වහන්සේ අපට සවන් දී අපේ දුක් කරදර ද හිංසා පීඩා ද වෙහෙස මහන්සි ද දෙස බැලූ සේක. 8සමිඳාණන් වහන්සේ සිය හස්තය දිගු කොට, බාහු බලය පා, බියජනක අරුමපුදුම දේවලින් සහ හාස්කම්වලින් මිසර දේශයෙන් අප පිටතට ගෙනා සේක. 9උන් වහන්සේ අප මෙහි ගෙනවුත්, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන මේ දේශය අපට දුන් සේක. 10සමිඳුනි, දැන් බලනු මැනව; ඔබ මට දුන් දේශයේ නාඹුල් පල මම ගෙනැවිත් සිටිමි.’ මෙසේ කියා දෙවි සමිඳාණන් ඉදිරියෙහි එය තබා උන් වහන්සේට නමස්කාර කළ යුතු ය.
Responsorial Psalm

ගීතාවලිය 91: 1-2, 10-11, 12-13, 14-15

1පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය. 2ඔහු සමිඳුන්ට මෙසේ පවසයි: ”එතුමාණෝ මාගේ රැකවරණය ය; මාගේ බලකොටුව ය; මාගේ දෙවිඳාණෝ ය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.” 10එවිට ඔබට කිසි උවදුරක් නොවන්නේ ය; ඔබේ නිවෙසට කිසියම් වසංගතයක් ළං නොවන්නේ ය. 11ඔබ ගන්න සෑම පියවරක දී ඔබ රක්නා පිණිස, එතුමාණෝ සිය දූතයන්ට අණ දෙන සේක. 12ඔබ දෙපා, ගල්වල නොහැප්පෙන පිණිස, ඔව්හු සිය’තින් ඔබ උසුලාගන්නෝ ය. 13ඔබ, සිංහයෙකු වුවත්, සර්පයෙකු වුවත් පාගන්නෙහි ය; ඔබ කේශර සිංහයෙකු වුවත්, මකරෙකු වුවත් පාගා දමන්නෙහි ය. 14සමිඳාණෝ මෙසේ වදාරන සේක: ”ඔහු මට ප්‍රේම කරන්නේ නම්, මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම්, මම ඔහු රැකගන්නෙමි. 15ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.
Second Reading

රෝම 10: 8-13

8එයින් තව කුමක් පැවසේ ද? පැවසෙන්නේ: ”වාක්‍යය ඔබේ මුවෙහි ය, ඔබේ සිතෙහි ය, ඔබ ළඟ ම ය” කියා ය. ඒ වාක්‍යය අප ප්‍රකාශ කරන ඇදහිල්ලේ පණිවුඩය වේ. 9ඔබ ‘ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය’යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගැළවීම ලබන්නෙහි ය. 10මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දමිටු බවට පැමිණෙන්නේ ය; මුවින් පැවසීමෙන් ගළවනු ලබන්නේ ය. 11උන් වහන්සේ අදහන කිසිවෙක් ලජ්ජාවට නොපැමිණෙති”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත. 12ජුදෙව්වා හා ග්‍රීකයා අතර වෙනසක් නැත. එක ම සමිඳාණන් වහන්සේ සියල්ලන්ගේ ම සමිඳාණන් වහන්සේ ය; උන් වහන්සේගේ පිහිට අයැදින සියල්ලන්ට උන් වහන්සේ සියලු යසඉසුරු සලසා දෙන සේක. 13මන්ද: ”සමිඳාණන් වහන්සේගේ නාමය කියා අයැදින කවරෙක් නමුත් ගැළවීම ලබති”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත.
Verse Before the Gospel

ශුද්ධ වූ මතෙව් 4: 4b

4උන් වහන්සේ උත්තර දෙමින්, ” ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ ලූක් 4: 1-13

1ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් පූර්ණ ව ජොර්දානෙන් ආපසු ආ විට, ආත්මයාණන් වහන්සේ විසින් උන් වහන්සේ පාළුකරයට ගෙනයනු ලැබූ සේක. 2එහි දී දින සතළිසක් මුළුල්ලේ යක්ෂයා උන් වහන්සේ පරීක්ෂා කෙළේ ය. ඒ දවස්වල දී උන් වහන්සේ කිසිවක් නොවැළඳූ සේක. ඒ කාලය නිම වූ පසු උන් වහන්සේට කුසගිනි ඇති විය. 3එකල යක්ෂයා කතා කරමින්, ”ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, මේ ගල් ගෙඩිය පාන් ගෙඩියක් වන්නට අණ කළ මැනවැ”යි උන් වහන්සේට කී ය. 4ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ” ‘මිනිසා කෑමෙ‍න් පමණක් ජීවත් නොවන්නේ ය’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක. 5එවිට යක්ෂයා උන් වහන්සේ උස් තැනකට පමුණුවා, ක්ෂණයකින් ලෝකයේ සියලු රට රාජ්‍යයන් උන් වහන්සේට පෙන්වා, 6මේවා කෙරෙහි මුළු ආධිපත්‍යය ද ඒවායේ යස ඉසුරු ද ඔබට දෙන්නෙමි; ඒවා මට පවරා දී ඇති හෙයින් මා කැමැති කෙනෙකුට ඒවා දෙමි; 7එබැවින් ඔබ මා ඉදිරියෙහි නමස්කාර කරන්නෙහි නම් ඒ සියල්ල ම ඔබ සන්තක වන්නේ ය”යි උන් වහන්සේට කී ය. 8ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ” ‘නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක. 9ඉන්පසු ඔහු උන් වහන්සේ ජෙරුසලමට ගෙන ගොස්, දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, ”ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මෙ‍තැනින් පහතට පනින්න. 10එසේ කියන්නේ, ‘ඔබට රැකවරණ සලසනු වස් උන් වහන්සේ සිය දූතයන් හට අණ දෙනු ඇතැ’යි ද 11‘යම් ලෙසකින් ඔබේ පය ගලක නොවදින පිණිස ඔවුන් සිය දෝතින් ඔබ උසුලනු ඇතැ’යි ද කියා ලියා ඇති බැවිනැ”යි උන් වහන්සේට කී ය. 12ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ” ‘නුඹේ දෙවි වන සමිඳාණන් වහන්සේ පරීක්ෂා නොකරන්න,’ කියා ද ලියා ඇතැ”යි වදාළ සේක. 13යක්ෂයා මෙ‍කී පරීක්ෂා නිමවා, සුදුසු අවස්ථාවක් යළිත් එළඹෙන තුරු උන් වහන්සේ අත්හැර ගියේ ය.