කියවීම්
2028 සැප්තැම්බර් 10
Twenty-Third Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
First Reading
සලමොන්ගේ ප්‍රඥාව 9: 13-18b
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Responsorial Psalm
ගීතාවලිය 90: 3-4, 5-6, 12-13, 14 and 17
3ඔබ මිනිසා යළි දූවිල්ලට හරවන සේක, ”මිනිසුනි, දූවිල්ලට හැරේවා” කියා ඔබ වදාරන සේක.
4ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය, රැයේ එක යාමයක් වැනි ය.
5සැඬ පහරකින් මෙන් ඔබ මිනිසුන් ගෙන යන සේක; ඔව්හු සිහිනයක් මෙන් පහ වී යති; උදේ දලු දැමූ තණ පත හා සමාන වන්නෝ ය.
6උදේ ඒවා සරුසාර ලෙස වැඩෙන්නේ ය, සවස් කල පර වී වියළී යන්නේ ය.
12දිවි පෙවෙත කොතරම් ලුහුඬු ද කියා වටහා දුන මැනව. මෙය මෙනෙහි කරන පිණිස නැණවත් සිතක් අපට දුන මැනව.
13සමිඳුනි, මෙපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ අප වෙත පෙරළා පැමිණිය මැනව. ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව.
14උදයෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදි වමු. දිවිය පුරා තුටු පහටු සිතින් අපි ගී ගයමු.
17අප දෙවිඳුන්ගේ කරුණාව අප කෙරෙහි බැබළේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට පැමිණේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට ම පැමිණේ වා!
Second Reading
පිලමොන් 1: 9-10, 12-17
9එසේ නොකර, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ තානාපතියෙකු වන, දැන් උන් වහන්සේ උදෙසා හිරකාරයෙකු ව සිටින, පාවුලු නම් මම, ඉතා ආදරයෙන් ඔබගෙන් ඉල්ලීමක් කරමි.
10ඒ ඉල්ලීම නම්, මා හිරගෙදර සිටිය දී මාගේ දරුකමට පත් වූ ඔනේසිමස් ගැන ය.
12මාගේ හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවමි.
13සුබ අස්න නිසා මා හිර අඩස්සියේ සිටිය දී ඔබ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස ඔහු මා ළඟ නවතාගැනීමට මම කැමැත්තෙමි.
14එහෙත් ඔබේ අනුමැතිය නැති ව කිසිත් කරන්නට මම කැමැති නොවෙමි. මන්ද, ඔබේ උපකාරය බල කිරීමෙන් නොව, සිය කැමැත්තෙන් ම දෙන දෙයක් විය යුතු යි.
15සමහර විට ඔනේසිමස් ඔබෙන් ටික කලකට වෙන් වූයේ, නැවත ඔහු ඔබට නිත්‍ය ලෙස අයිති වන පිණිස විය හැකි ය.
16එහෙත් මෙතැන් පටන් ඔහු දාසයෙකු නොව, දාසකම ඉක්ම වූ ප්‍රේමණීය සහෝදරයෙකි. මට එසේ වන ඔහු මිනිසෙකු වශයෙන් ද සමිඳාණන් වහන්සේ තුළ ද ඔබට ඊටත් වඩා අගනා විය යුතු ය.
17ඔබ මා ගැන ඇදහිල්ල පිළිබඳ සහකාරයෙකු හැටියට සිතන්නෙහි නම්, ඔබ මා පිළිගන්නාක් මෙන් ඔනේසිමස් ද පිළිගන්න.
Alleluia
ගීතාවලිය 119: 135
135දයාවෙන් මා දෙස බැලුව මැනව; ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
Gospel
ශුද්ධ වූ ලූක් 14: 25-33
25තවද මහා ජනකායක් ජේසුස් වහන්සේ සමඟ ගමන් ගත්හ. උන් වහන්සේ හැරී ඔවුන්ට මෙසේ වදාළ සේක:
26මා වෙත එන තැනැත්තේ මට වඩා තම පියාට ද මවට ද භාර්යාවට ද දරුවන්ට ද සහෝදරයන්ට ද සහෝදරියන්ට ද තමාගේ ම ජීවිතයට වුව ද ප්‍රේම කරන්නේ නම්, ඔහුට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය.
27කුරුසිය දරා ගෙන, මා අනුව නොඑන තැනැත්තාට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය.
28ඔබ අතුරෙන් යමෙක් මුර අටල්ලක් ගොඩනැඟීමට අදහස් කරයි නම්, එය නිම කරලීමට කොතරම් වියහියදම් ඇද්දැ යි පළමුකොට හිඳ ගණන් නො බලන්නේ ද?
29එසේ නොකළොත්, අත්තිවාරම දමා ඒ අටල්ල නිමකරන්නට නොහැකි වූ විට, එය දකින සියල්ලන්,
30‘මේ මිනිසා ගොඩනඟන්නට පටන්ගත් නමුත් නිම කරන්නට ඔහුට බැරි වී යයි කියා සරදම් කරනු ඇත.
31තවද, තමන්ට විරුද්ධ ව විසි දහසක් රැගෙන යුද පිණිස එන රජෙකුට මුහුණ පෑමට දස දහසක් රැගෙන යා හැකි දැ යි පළමුකොට හිඳ නොවිමසන කිසි යම් රජෙක් ඇද් ද?
32එසේ කළ නොහැකි නම්, ඔහු ඒ රජ දුර සිටිය දී ම, රාජ දූතයන් යවා, සාම ගිවිසුමක් ඉල්ලා සිටිනු ඇත.
33එමෙන් ම ඔබ අතුරෙන් තමන් සතු සියල්ල අත් නොහරින කිසිවෙකුට මාගේ ශ්‍රාවකයෙකු වන්නට බැරි ය.”