අප්‍රේල් 2027

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
252627282930
අද දිනට

කියවීම්

2027 අප්‍රේල් 25

Fifth Sunday of Easter

දවසේ දේව මෙහෙය
First Reading

ක්‍රියා 9: 26-31

26ඉන්පසු සාවුල් ජෙරුසලමට පැමිණිවිට, ශ්‍රාවකයන් සමඟ එක්වන්නට උත්සාහ කෙළේ ය. එහෙත් ඔහු ශ්‍රාවකයෙකැ යි විශ්වාස නොකොට සියල්ලෝ ඔහුට බිය වූ හ. 27එවිට බාර්ණබස් ඔහු කැටුව ප්‍රේරිතයන් ළඟට කැඳවා ගෙන ගොස්, මාර්ගයේ දී ඔහු සමිඳාණන් වහන්සේ දුටු සැටිත්, උන් වහන්සේ ඔහුට කතා කළ බවත්, දමස්කයේ දී ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔහු නිර්භීත ලෙස දේශනා කළ සැටිත්, ඔවුන්ට විස්තර කෙළේ ය. 28සාවුල් ද ඔවුන් සමඟ ජෙරුසලමෙහි සැරිසරමින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් නිර්භීත ව කතා කෙළේ ය. 29ඔහු ග්‍රීක බස කතා කළ ජුදෙව්වරුන් සමඟ සාකච්ඡාවෙහි ද වාද කිරීමෙහි ද යෙදීම නිසා ඔව්හු ඔහු මරන්නට අධිෂ්ඨාන කර ගත්හ. 30සහෝදරයෝ ඒ බව දැන, ඔහු කායිසාරියට ගෙන ගොස් එතැනින් තාර්සස්ට පිටත් කර යැවූ හ. 31මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය.
Responsorial Psalm

ගීතාවලිය 22: 26-27, 28, 30, 31-32

26දුගී දුප්පත් අය කා බී තෘප්තිමත් වන්නෝ ය; හිමි තුමන් සොයන්නෝ එතුමන්ට ගී පසස් නඟන්නෝ ය. ඔව්හු සදහට ම සෞභාග්‍යය ලබත් වා! 27මහ පොළොවේ සතර දිගින් ජනයෝ සමිඳුන් සමරමින් එතුමන් වෙත හැරී එති. සකල ලෝක වාසීහු ඔබ අබිමුව වැඳ වැටෙති. 28මන්ද, සමිඳාණෝ රජිඳාණෝ ය, ජාතීන්ගේ පාලකයාණෝ ය. 30මාගේ වංශය එතුමන්ට මෙහෙ කරනු ඇත; මතු පරම්පරාවලට සමිඳුන් පිළිබඳ මෙපුවත කියනු ඇත. 31එතුමාණෝ මෙසේ කළ සේකැ”යි කියමින්, ඔව්හු මතු ඇති වන පරම්පරාවලට එතුමන්ගේ දැහැමි ක්‍රියා පවසනු ඇත.
Second Reading

1 ජොහන් 3: 18-24

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Alleluia

ශුද්ධ වූ ජොහන් 15: 4a, 5b

4මා තුළ සිටින්න, මම ද ඔබ තුළ සිටිමි. අත්ත මිදි වැලට යා වී නැත්නම් වෙන් ව පල දරන්නට ඊට නොහැකි සේ, ඔබ මා හා ඒකාබද්ධ නොවන්නහු නම්, පල දැරීමට ඔබට නොහැකි ය. 5මිදි වැල මම ය, ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය.
Gospel

ශුද්ධ වූ ජොහන් 15: 1-8

1සැබෑ මිදි වැල මම ය; මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයාණෝ ය. 2උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක. 3මා ඔබට වදාළ දහම කරණකොටගෙන ඔබ දැනට ම පිරිසිදු ය. 4මා තුළ සිටින්න, මම ද ඔබ තුළ සිටිමි. අත්ත මිදි වැලට යා වී නැත්නම් වෙන් ව පල දරන්නට ඊට නොහැකි සේ, ඔබ මා හා ඒකාබද්ධ නොවන්නහු නම්, පල දැරීමට ඔබට නොහැකි ය. 5මිදි වැල මම ය, ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය. 6යම් තැනැත්තෙක් මා තුළ නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළී යයි. වියළි අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ; ඒවා දැවී යන්නේ ය. 7ඔබ මා තුළ සිටින්නහු නම්, මාගේ වචන ඔබ තුළ පවතී නම්, ඔබ කැමැති දෙයක් අයැදින්න; එය ඔබට දෙනු ලැබේ; 8මාගේ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන්නේ, ඔබ බොහෝ සේ පල දරමින් මාගේ ශ්‍රාවකයන් වීමෙන් ය.