සලමොන්ගේ ප්‍රඥාව 15

පෙර මීළඟ
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19
1අපේ දෙවියන් වහන්ස, ඔබ කාරුණික ය; පක්ෂපාත ය; වහා නොකිපෙනසුලු ය. ඔබ දයාන්විත ව සියල්ල පාලනය කරන සේක. 2අප පව් කරන විට පවා ඔබේ බලය පිළිගන්න බැවින් අපි ඔබට අයිති වෙමු. එහෙත්, අපි ඔබට අයිති ය කියා ඔබ පිළිගන්නා බව දන්නා බැවින් අපි පව් නොකරමු. 3සැබැවින් ම සැබෑ දැහැමිකම නම් ඔබ පිළිගැනීම ය. ඔබ බල මහිමය දැනගැනීම අමරණීය භාවයේ මුල ය. 4දූෂ්‍ය වූ මිනිස් කලා කෘතියක් වත්, සිත්තරෙකුගේ පලක් නැති ශ්‍රමයක් වත්, 5පෙනුමෙන් අනුවණයන් වශී කරවන වෛවර්ණ පාට ගාන ලද රූපයකින් වත් හො‍් හුස්ම නොහෙළන අප්‍රාණික රූපයකට ආශා කිරීමෙන් වත් හො‍් අපි නොමඟ නොගියෙමු. 6ඒවා සාදන්නො‍් ද, ඒවාට ගරු කරන්නො‍් ද, ඒවා නමදින්නො‍් ද ඒවායේ නපුරට ප්‍රේම කරන්නො‍් ය. ඒවා කෙරෙහි බලාපොරොත්තු තැබීමට සුදුස්සෝ ය. 7පොළොවේ මැටි ගෙන, වෙහෙස මහන්සි වී අපේ භාවිතය සඳහා විවිධ දේ හැඩගස්වන කුඹල්කරුවකු ගැන සිතා බලන්න. එක ම පසින්, ඔහු පවිත්‍ර දේවල් සඳහා ද අපවිත්‍ර දේවල් සඳහා ද, එක සේ ම බඳුන් සාදන්නේ ය. එ දෙවර්ගයේ ම බඳුන්වලින් කුමන ඒවා ඒ ඒ පාවිච්චියට ගන්නේ ද යන්න තීරණය කිරීම කුඹල්කරු සතු ය. 8මෙලෙස ඔහු ඒ මැටියෙන් ම, වැඩක් නැති දේව රූපයක් සඳහා නිකරුනේ තම ශ්‍රමය යොදයි. ටික කලකට පෙර පසින් තනන ලද ඔහු, තමන් ණයට ලැබූ ජීවිතය ගැන ගණන් දීමට කැඳවනු ලබන විට ඒ පසට ම විගස හැරී යනු ඇත. 9තවද, ඔහු ඉක්මනට එන මරණය ගැන වත්, කෙටි ආයුෂ ගැන වත් කල්පනා නොකරයි. මෙසේ කල්පනා නොකරනු පමණක් නොව, ඔහු රන් කරුවන් හා රිදී කරුවන් අබිබවයි. ලෝකුරුවන් ද අනුගමනය කරයි. ඔහු තමා සාදන ව්‍යාජ පිළිම ගැන උදම් අනයි. 10ඔහුගේ සිත අළු හා සමාන ය; ඔහුගේ බලාපොරොත්තුව කුණු කසළටත් වඩා පහත් ය. ඔහුට ක්‍රියාශීලි ආත්මයක් දී ඔහු ජීවමාන ලෙස පණගැන් වූ 11තමා මැවූ තැනැන් වහන්සේ වැරදි ලෙස තේරුම්ගත් නිසාත් ඔහුගේ ජීවය මැටි පසටත් වඩා නීච ය. 12තවත් කිව යුතු දෙයක් වේ; ඔහු මේ ජීවිතය සෙල්ලමක් ලෙස සලකයි; මිහි පිට තමාට ලැබෙන කාලය ලාබෙට බඩු ගත හැකි වෙළෙඳ පොළක් මෙන් සලකයි. ”කොතරම් නින්දිත මාර්ගයකින් වේවා, මිනිසෙක් තම දිවි පෙවෙත ලබාගත යුතු”යි කියා ඔහු පවසයි. 13පොළොවේ එක ම පසින් කැඩෙන සුලු භාජන සහ පිළිම සාදන මොහු අන් හැමට ම වඩා හොඳින් තමා පව් කරන බව දනියි. 14කුඩා ළමුන්ට දක්වනවාටත් වඩා අනුකම්පා දැක්විය යුතු ඉතාමත් ම අනුවණ අය නම්, ඔබේ සෙනඟ වරක් සැහැසි ලෙස පාලනය කළ සතුරො‍් ය. 15මන්ද, ඔව්හු, ඇස් තිබුණත් නොපෙනෙන, කන් තිබුණත් නෑසෙන, නාස් තිබුණත් හුස්ම නොගන්න, අත් ඇඟිලි තිබුණත් පාවිච්චි නොකරන විජාතීන්ගේ පිළිම දෙවිවරුන් මෙන් සැලකූ හ. ඔවුන්ට පාද තිබුණත් ඔව්හු ගමන් නොකරති. 16මනුෂ්‍යයෙකු ඔවුන් සෑදූ නිසා ඔවුන් හැඩගැස්වූයේ හුස්ම ණයට ලබාගත් මැවිල්ලක් විසිනි. කිසිම මිනිසෙකුට තමා වැනි දෙවියෙකු හැඩගැස්වීම නුපුළුවන. 17ඔහු මැරෙනසුලු බැවින් ඔහුගේ අධාර්මික අත්වලින් නිපදවිය හැක්කේ මළ දෙයක් පමණ ය. ඔහුගෙන් වන්දනාමාන ලබන දේවලට වඩා ඔහු අගනේ ය. ඔහුට අඩු වශයෙන් ජීවත් වීමේ හැකියාව වත් තිබුණේ ය. එහෙත්, ඒවාට නම්, එවැන්නක් නොතිබුණේ ය. 18සෙසු දේවලටත් වඩා ඉතාමත් ම අනුවණ වූ ලෙස, බොහෝ සේ ද්වේෂ කටයුතු සතුන්ට පවා වන්දනා කරනු ලැබේ. 19මේ සතුන් හට සමහර සතුන්ට තිබෙන ලෙස වන්දනාවට මිනිසා වශී කරන යම් කිසි ශෝභනත්වයක් නැති වුවත් දේව ප්‍රශංසාව හා ආසිරි කෙරෙන් ඔවුහු බැහැර ව සිටිති.