කියවීම්
2027 දෙසැම්බර් 22
Advent Weekday (O Rex Gentium)
දවසේ දේව මෙහෙය
First Reading
සාමුවෙල්ගේ පළමු වන පොත 1: 24-28
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Responsorial Psalm
සාමුවෙල්ගේ පළමු වන පොත 2: 1, 4-5, 6-7, 8abcd
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ ලූක් 1: 46-56
46එවිට මරිය තුමී මෙසේ උදන් ඇනුවා ය: ”මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි,
47මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි;
48මක්නිසා ද, එතුමාණෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක. හැම පරපුරක් ම මෙතැන් සිට, භාග්‍යවන්තී ය’යි මට කියනු ඇත.
49පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක. ‘පරිශුද්ධයාණෝ’ යනු එතුමන්ගේ නාමය ය.
50එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ, පරපුරෙන් පරපුරට පැතිරේ.
51සිය බාහුවෙන් එතුමාණෝ විකුම් පා, උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර,
52මහ නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා, දීනයන් ඉහළ නංවා උසස් කළ සේක.
53සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.
54අප පියවරුන් වූ, ආබ්‍රහම්ට හා එම පරපුරට,
55සදහට ම පොරොන්දු වූ දයාව සිහි කරමින් සිය සේවක ඉශ්රායෙල් සෙනඟ හට, පිහිට වූ සේක.”
56මරිය තුමී, එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිට සිය නිවෙසට පෙරළා ගියා ය.