ජනවාරි 2028

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2028 ජනවාරි 19

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

සාමුවෙල්ගේ පළමු වන පොත 17: 32-33, 37, 40-51

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Responsorial Psalm

ගීතාවලිය 144: 1b, 2, 9-10

1මාගේ පර්වතය වන සමිඳුන්ට ප්‍රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක. 2එතුමාණෝ මට කරුණා නිධානය ය; මාගේ බලකොටුව ය; මාගේ උස් කොටුව හා මාගේ මිදුම්කරු ය; මාගේ පලිහ ය. මා විශ්වාසය තබන තැනැන් වහන්සේ ය. ජාතීන් මට යටත්කර දෙන්නේ එතුමාණෝ ය. 9දෙවිඳුනි, ඔබට නව ගීයක් ගයන්නෙමි. තත් දසයේ වීණාව ගෙන ඔබට පසස් ගී ගයන්නෙමි. 10රජුන්ට ජය දෙන්නේත්, ඔබේ මෙහෙකරු දාවිත් රුදුරු කඩුවෙන් මුදාගන්නේත් ඔබ ය.
Alleluia

ශුද්ධ වූ මතෙව් 4: 23

23තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.
Gospel

ශුද්ධ වූ මාර්ක් 3: 1-6

1තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය. 2එවිට එහි රැස් ව සිටි අය උන් වහන්සේට වරද තබන පිණිස, සබත් දිනයේ දී උන් වහන්සේ ඔහු සුව කරනු ඇද්දැ යි බල බලා උන්හ. 3උන් වහන්සේ අත පණ නැති මිනිසාට කතා කොට, ”නැඟිට ඉදිරියට එන්නැ”යි වදාරා 4ඉන්පසු, ”සබත් දිනයේ දී කළ යුත්තේ යහපත ද අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නැසීම දැ”යි සෙනඟගෙන් ඇසූ සේක. එහෙත්, ඔව්හු නිහඬ ව සිටියහ. 5උන් වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම ගැන දුක් ව, උදහසින් වටේට බලා ”ඔබේ අත දිග හරින්නැ”යි ඒ මිනිසාට වදාළ සේක. ඔහු එය දිග හැරියේ ය. එකෙණෙහි ම ඔහුගේ අත සුව විය. 6එවිට පරිසිවරු පිටත් ව ගොස් උන් වහන්සේ කෙසේ නසමු දැ යි උන් වහන්සේට විරුද්ධ ව හෙරෝදීයයන් සමඟ එකෙණෙහි ම කුමන්ත්‍රණය කළහ.