ජනවාරි 2028

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2028 ජනවාරි 27

Ordinary Weekday/ Angela Merici, Virgin, Religious Founder

Angela Merici, Virgin, Religious Founder
First Reading

සාමුවෙල්ගේ දෙ වන පොත 7: 18-19, 24-29

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Responsorial Psalm

ගීතාවලිය 132: 1-2, 3-5, 11, 12, 13-14

1සමිඳුනි, දාවිත් වින්ද දුක් කරදර සියල්ල ඔහුගේ යහපත උදෙසා සිහිකළ මැනව. 2ඔහු සමිඳුන්ට දිවුරමින්, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට පොරොන්දු වෙමින් කී මේ දේ සිහි කළ මැනව: 3මාගේ නිවෙස තුළට වත්, මාගේ යහනට වත් මම නොයන්නෙමි; 4මම විවේකය නොගනිමි; දෑස පියා නොගනිමි. 5සමිඳුන්ට වාසස්ථානයක් සොයන තුරු, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට මණ්ඩපයක් සපයන තුරු මම එසේ කරන්නෙමි.” 11සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක: ”නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි. 12නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්‍රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,” 13සමිඳාණෝ සියොන් තෝරාගත් සේක. සිය වාසභවනය ලෙස ඊට කැමැති වූ සේක. 14මෙය සදාකල් ම මාගේ වාසස්ථානය වේ. මම මෙහි වැඩ වසන්නෙමි; මම ඊට කැමැති වෙමි.
Alleluia

ගීතාවලිය 119: 105

105ඔබේ වචන මාගේ දෙපයට පහනක් ය; මාගේ මාවතට එළියක් ය.
Gospel

ශුද්ධ වූ මාර්ක් 4: 21-25

21තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, ”පහනක් ගෙනෙන්නේ බඳුනක් හෝ යහනක් හෝ යට තබන පිණිස ද? පහන් රුක උඩ තැබීමට නොවේ ද? 22මන්ද යත්, හෙළි නොකරනු ලබන සැඟවුණ දෙයක් වත්, පළ නොකරනු ලබන රහසක් වත් නැති හෙයිනි. 23සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි වදාළ සේක. 24තවද, උන් වහන්සේ ඔවුන් අමතා, ”ඔබ අසන දේ හොඳින් සිතට ගන්න. ඔබ මැන දෙන මිනුමෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ; වැඩියෙනුත් දෙනු ලැබේ. 25යමක් ඇති තැනැත්තාට වැඩියෙනුත් දෙනු ලැබේ; නැති තැනැත්තාගෙන් ඇති දෙයත් ගනු ලැබේ” යයි වදාළ සේක.