කියවීම්
2028 ජූනි 22
Ordinary Weekday/ Paulinus of Nola, Bishop/ John Fisher, Bishop, Martyr, and Thomas More, Married Man, Martyr
John Fisher, Bishop, Martyr, and Thomas More, Married Man, Martyr
First Reading
උපදේශකයා හෙවත් සිරාක් 48: 1-14
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Responsorial Psalm
ගීතාවලිය 97: 1-2, 3-4, 5-6, 7
1සමිඳාණෝ රජකම් කරන සේක, මිහිතලය ප්‍රීති වේ වා! දිවයින් සියල්ල ප්‍රීති ප්‍රමෝද වේ වා!
2වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය.
3එතුමාණන් පෙරටුවෙන් ගින්නක් යන්නේ ය; එය එතුමන් සිසාරා සිටින සතුරන් දවාලන්නේ ය.
4එතුමන්ගේ විදුලිසැර කෙටීම ලෝකයට ආලෝකය දෙයි; පොළොව එය දැක කම්පා වෙයි.
5කඳු හෙල් සමිඳාණන් දැක ඉටි මෙන් උණු වන්නේ ය; මුළු මිහිතලය ද සමිඳුන් දැක එසේ වන්නේ ය.
6දෙව්ලොව එතුමන්ගේ සාධාරණකම ප්‍රකාශ කරන්නේ ය; සකල ජනතාවෝ එතුමන්ගේ මහිමය නරඹන්නෝ ය.
7රූප වඳින්නෝ ද පිළිම ගැන පාරට්ටු කරන්නෝ ද ලජ්ජා වෙත් වා! සියලු දෙවි දේවතාවෝ දෙවිඳුන්ට හිස නමත් වා!
Alleluia
රෝම 8: 15bc
15මන්ද, ඔබ ලබා ඇත්තේ නැවතත් බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව, ”අබ්බා, පියාණෙනි”යි අමතා යාච්ඤා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි.
Gospel
ශුද්ධ වූ මතෙව් 6: 7-15
7තවද, යාච්ඤා කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති.
8ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක.
9එහෙයින් මෙසේ යාච්ඤා කරන්න: ‘ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා,
10ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා.
11අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව.
12අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව.
13අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව. c
14ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක.
15එහෙත්, ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම්, පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක.”