කියවීම්
2028 ජූනි 18
The Body and Blood Of Christ Solemnity
දවසේ දේව මෙහෙය
First Reading
උත්පත්ති කථාව 14: 18-20
18තවද, සාලෙම්හි රජ වූ පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජක වූ මෙල්කිසෙදෙක් රොටි සහ මිදියුස ගෙනැවිත්
19ඔහුට ආශීර්වාද කරමින්, ”අහසත්, පොළොවත් මවා වදාළ පරමෝත්තම දෙවියන් වහන්සේ ආබ්‍රම්ට ආශීර්වාද කරන සේක් වා!
20ඔබේ සතුරන්, ඔබ අතට පාවා දුන් පරමෝත්තම දෙවියන් වහන්සේට තුති පැසසුම් වේ වා!”යි කීවේ ය. ආබ්‍රම් ද සියල්ලෙන් දසයෙන් එක ඔහුට දුන්නේ ය.
Responsorial Psalm
ගීතාවලිය 110: 1, 2, 3, 4
1සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, ”මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.
2සමිඳාණන් සියොන්හි සිට ජයකොන්තය ඔබ අතට දුන් විට ඔබේ සතුරන් මැද රජකම් කළ මැනව.
3ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය. අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.
4නුඹ මෙල්කිසදෙක්ගේ පරපුරෙන් සදහට ම පූජකයෙක් ය”යි සමිඳාණෝ දිවුළ සේක; එය වෙනස් නොකරන සේක.
Second Reading
1 කොරින්ති 11: 23-26
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Alleluia
ශුද්ධ වූ ජොහන් 6: 51
51ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 9: 11b-17
11එහෙත් සමූහයෝ එපවත් අසා උන් වහන්සේ පසුපස්සේ ගියහ, උන් වහන්සේ ඔවුන් පිළිගෙන, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට වදාරා, සුවය අවශ්‍ය වූ අය සුව කළ සේක.
12සවස් වේගෙන එත් ම, දොළොස් දෙනා උන් වහන්සේ වෙත අවුත්, ”මෙහි අප සිටින්නේ පාළු පෙදෙසක බැවින්, අවට නියම්ගම් හා ගොවි ජනපදවලට ගොස් නවාතැන් හා කෑම සපයාගන්නා පිණිස සමූහයා හැරිය මැනවැ”යි කී හ.
13උන් වහන්සේ, ”ඔබ ඔවුන්ට කෑමට යමක් දෙන්නැ”යි වදාළ සේක. ”අප ළඟ නම්, රොටි පහකට හා මසුන් දෙදෙනෙකුට වඩා නැත; කළ යුතු දේ නම්, අප ගොස් මේ මුළු සෙනඟට කෑම මිල දී ගැනීම ය”යි ඔව්හු කී හ.
14එසේ කීවේ, පුරුෂයන් පන්දහසක් පමණ එහි සිටි බැවිනි. එවිට උන් වහන්සේ, ”ඔවුන් පණස් දෙනා බැගින් කාණ්ඩ වශයෙන් හිඳුවන්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක.
15ඔව්හු එසේ කොට, හැම දෙන ම හිඳගන්න සැලැස්සූ හ.
16එකල උන් වහන්සේ රොටි පහත් මසුන් දෙදෙනාත් ගෙන, ස්වර්ගය දෙස බලා, ආශීර්වාදය පවසා, ඒවා කඩා, සමූහයා ඉදිරියෙහි තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක.
17සියල්ලෝ ම කා තෘප්තියට පැමිණියහ. ඔවුන් කෑ පසු ඉතිරි වූ කැබලිවලින් කූඩා දොළොසක් රැස් කරගන්නා ලදී.