ජූනි 2028

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
252627282930
අද දිනට

කියවීම්

2028 ජූනි 27

Ordinary Weekday/ Cyril of Alexandria, Bishop, Doctor

Cyril of Alexandria, Bishop, Doctor
First Reading

රාජාවලියේ දෙ වන පොත 19: 9b-11, 14-21, 31-35a, 36

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Responsorial Psalm

ගීතාවලිය 48: 2-3ab, 3cd-4, 10-11

2උතුරු දෙසින් වන, මහ රජුගේ නුවර වූ සියොන් කන්ද උස මහතින් මනරම් ය; මුළු පොළොවට පියකරු ය. 3නුවර බලකොටු ඇතුළෙහි සුරැකි ව විසිය හැකි බව, දෙවි තුමන් පෙන්වා දී ඇත. 4රජවරුන් රාශිභූත ව, නුවරට එරෙහි ව සටනට යන හැටි නරඹන්න; 10දෙවිඳුනි, ඔබට හිමි ගරු පැසසුම් දස දෙසින් ඔබ වෙත නැඟී එයි. ඔබේ කිතු ගොස පොළොව පුරා පැතිර ඇත. ඔබ සාධාරණ ලෙස රජ කරන සේක. 11ඔබේ සාධාරණ විනිසයන් නිසා සියොන් කන්දේ වැසියෝ සතුටින් පිනා යත් වා! ජුදාහි නුවරවල ප්‍රීති ගීත ඇසේ වා!
Alleluia

ශුද්ධ වූ ජොහන් 8: 12

12යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ මතෙව් 7: 6, 12-14

6පූජනීය දේ බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඇට ඌරන් ඉදිරියෙහි නොදමන්න. එසේ කළොත්, උන් ඒවා පයින් පාගාදමා හැරී අවුත් ඔබ කැබලි කොට ඉරාදමනු ඇත.” 12අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ හරය එය වේ.” 13පටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශයට යන දොරටුව විශාල ය, පාරත් පළල් ය. එයින් ඇතුළු වන්නෝ ද බොහෝ ය. 14එහෙත්, ජීවනයට යන දොරටුව පටු ය; පාර ද අවහිර ය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි.”