ජූනි 2028

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
252627282930
අද දිනට

කියවීම්

2028 ජූනි 25

Twelfth Sunday in Ordinary Time

දවසේ දේව මෙහෙය
First Reading

සෙකරියා 12:10, 11 සෙකරියා 13: 1

10මම දාවිත්ගේ වංශයට ද ජෙරුසලමේ සෙනඟට ද කරුණාවේ හා අයැදීමේ සිතක් දෙන්නෙමි. ඔව්හු තමන් විසින් ඇන තුවාළ කරන ලද්දා වූ තැනැත්තා දෙස බලා, නැති වූ එක ම පුත්‍රයා ගැන වැලපෙන අය මෙන් වැලපෙන්නෝ ය; එක ම පුත්‍රයා ගැන ශෝක වන්නාක් මෙන් ශෝක වන්නෝ ය.
Alleluia

ශුද්ධ වූ ජොහන් 10: 27

27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel

ශුද්ධ වූ ලූක් 9: 18-24

18ඉන්පසු උන් වහන්සේ තනියම යාච්ඤා කරද්දී ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ සිටියහ. එවිට උන් වහන්සේ, ”මහජනයා මා කවරෙකැ යි කියද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. 19ඔව්හු, ”සමහරු ‘ස්නාවක-ජොහන් ය’ කියාත් සමහරු ‘එලියා ය’ කියාත් අන් සමහරු, ‘ආදියෙහි සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් නැවත උත්ථාන වී ය’ කියාත් කියති”යි පිළිතුරු දුන්හ. 20එහෙත්, ඔබ! ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ”ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ය”යි පේදුරු පිළිතුරු දුන්නේ ය. 21උන් වහන්සේ මෙ‍ය කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට තදින් අණ දුන් සේක. 22තවද, ”මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකවරයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්න හා මරනු ලබන්ටත් තෙ වන දින යළි මරණින් උත්ථාන කරනු ලබන්ටත් නියම ව ඇතැ”යි වදාළ සේක. 23ජේසුස් වහන්සේ සියල්ලන්ට කතා කොට, ”යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා, දිනපතා සිය කුරුසිය දරාගෙන මා අනුව ආවා වේ. 24සිය ජීවිතය රැක ගන්න කැමැති යමෙක් වේ ද, ඔහු එය නැති කරගනියි; මා නිසා සිය ජීවිතය නැති කරගන්න යමෙක් වේ ද ඔහු එය රැකගනියි.