නොවැම්බර් 2028

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2028 නොවැම්බර් 20

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

එළිදරව් 1: 1-4; 2: 1-5

1දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට දැක්වූ එළිදරව්ව මේ ය. එය උන් වහන්සේට දෙන ලද්දේ ඉක්මනින් සිදු වන්නට තිබෙන දේවල් ස්වකීය සේවකයන්ට පෙන්වන පිණිස ය. ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය දූතයා එවමින් ඒ දේවල් තමන් සේවක ජොහන් හට දැන්වූ සේක. 2ජොහන් ද දෙවියන් වහන්සේගේ පණිවුඩය ගැනත්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාක්ෂිය ගැනත්, එනම්, තමන් දුටු සියල්ල ගැන සාක්ෂි දුන්නේ ය. 3මේ දිවැසි වාක්‍යය කියවන්නා ද, එහි වචනවලට සවන් දී ඒවා පිළිපදින්නෝ ද භාග්‍යවන්තයෝ ය. මන්ද, නියමිත කාලය ආසන්න ය. 4ආසියාවේ සභා සතට මෙය ලියා එවන්නේ ජොහන් නම් මම ය. වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින දෙවියන් වහන්සේගෙන් ද, උන් වහන්සේගේ සිහසුන ඉදිරියෙහි සිටින ආත්මයන් සත් දෙනාගෙන් ද, විශ්වාසවන්ත සාක්ෂිකරුත් 1එපීස සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘සිය දකුණතෙහි තාරකා සත දරන, රන් පහන් රුක් සත මැද සක්මන් කරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක. 2ඔබේ ක්‍රියා ද ඔබේ වෙහෙසීම් ද ඔබේ ඉවසීම ද මම දනිමි. ඔබ දුදනන් නුරුස්සන බව ද, ප්‍රේරිතවරුන්ගේ පදවිය අයුතු ලෙස පවරාගත් අය සෝදිසි කර බලා ඔබ ඔවුන් බොරුකාරයන් යයි දැනගත් බව ද මම දනිමි. 3මාගේ නාමය නිසා, ඔබ ඉවසිල්ලෙන් දුක් ඉසිලීමේ දී පසුබට නො වූ බව ද මම දනිමි. 4‘එහෙත් ඔබට විරුද්ධ ව එක චෝදනාවක් මට ඇත. මුලින් ඔබ මට දැක්වූ ප්‍රේමය දැන් නැත. 5ඔබ කෙතරම් පහතට වැටී ඇත් දැ යි සිහියට ගෙන, පසුතැවී සිත හරවා ගන්න. මුලින් කළ ක්‍රියා නැවත කරන්න; එසේ නොකළොත්, පසුතැවී සිත හරවා නොගතහොත්, මම ඔබ වෙත පැමිණ, ඔබේ පහන් රුක තිබෙන තැනින් එය ඉවත් කරන්නෙමි.
Responsorial Psalm

ගීතාවලිය 1: 1-2, 3, 4 and 6

1දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන, 2සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය. 3ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ. 4පවිටු දනෝ එසේ නොවෙති; ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය. 6දමිටුන් හට සමිඳාණෝ සරණ වන සේක. පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේ ය.
Alleluia

ශුද්ධ වූ ජොහන් 8: 12

12යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ ලූක් 18: 35-43

35ජේසුස් වහන්සේ ජෙරිකෝවට සමීප වූ කල, එක් අන්ධයෙක් සිඟමින් පාර අයිනේ ඉඳගෙන සිටියේ ය. 36ජනකායක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, ”ඒ කුමක් දැ”යි විමසී ය. 37එවිට ඔව්හු නාසරෙත්හි ජේසුස් වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කී හ. 38ඔහු ද, ”ජේසුස් වහන්ස, දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි මොරගැසී ය. 39ඉදිරියෙන් ගිය අය නිශ්ශබ්ද වන ලෙස ඔහුට සැර කළහ. එහෙත් ඔහු ශබ්ද නඟා: ”දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය. 40ජේසුස් වහන්සේ නැවතී, ඔහු තමන් ළඟට ගෙනෙන්න අණ කළ සේක. ඔහු ළඟට ආ කල, 41මා ඔබට කුමක් කර දෙනවාට කැමැත්තෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ”ස්වාමීනි මාගේ පෙනීම මට ලබා දුන මැනවැ”යි ඔහු කී ය. ජේසුස් වහන්සේ කතා කරමින්, 42පෙනීම ලබන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කෙළේ ය”යි වදාළ සේක. 43එකෙණෙහි ම ඔහු ඇස් පෙනීම ලබා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. මුළු ජනතාව තමන් දුටු දේ ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.