නොවැම්බර් 2028

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2028 නොවැම්බර් 6

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

පිලිප්පි 2: 1-4

1ක්‍රිස්තුන් වහන්සේට අයිති වීමෙන් ඔබට යම් ශක්තියක් තිබේ ද? ප්‍රේමයෙහි යම් අස්වැසිල්ලක් තිබේ ද? ආත්මයාණන් වහන්සේ සමඟ යම් සහභාගිකමක් තිබේ ද? එකිනෙකා කෙරෙහි ආදරයක් හා දයාබරකමක් තිබේ ද? 2එසේ නම්, ඔබ එක සමාන චේතනා ඇති ව, එක ම ප්‍රේමයෙන් බැඳී, එක ම අරමුණකින් එක්සිත් ව සිටීමෙන් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න. 3පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න. 4සැමදෙන තම තමාගේ ම යහපත පමණක් නොසොයා, අනුන්ගේ යහපත ගැන ද සලකන්න.
Responsorial Psalm

ගීතාවලිය 131: 1bcde, 2, 3

1සමිඳුනි, මාගේ සිත තුළ අහංකාරයක් නැත. උදාරම් ලෙස මම ඇස් නොඔසවමි. වඩා උසස් දේ ගැන වත්, මාගේ තරම ඉක්මවා යන දේ ගැන වත් මම කරදර නොවෙමි. 2ඒ වෙනුවට මම ලද දෙයින් නිහතමානී ව සැනසී සිටිමි. මවු තුරුල්ලේ සංසුන් ව සිටින ළදරුවෙකු සේ මා තුළ මාගේ සිත සංසුන් වී ඇත. 3එම්බා ඉශ්රායෙල්වරුනි! මෙතැන් පටන් සදහට ම සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න.
Alleluia

ශුද්ධ වූ ජොහන් 8: 31b-32

31එබැවින්, තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට, ”ඔබ මාගේ ධර්මයෙහි පිහිටා පවතින්නහු නම්, සැබැවින් ම ඔබ මාගේ ශ්‍රාවකයෝ ය; 32ඔබ සත්‍යය අවබෝධ කරගන්නහු ය; සත්‍යය ඔබ නිදහස් කරන්නේ ය”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ ලූක් 14: 12-14

12උන් වහන්සේ තමන්ට ආරාධනා කළ තැනැත්තාට කතා කොට, ”ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් හෝ පිළියෙළ කරන කල, ඔබේ මිතුරන්, සහෝදරයන්, නෑයන් හෝ පොහොසත් අසල්වාසීන් හෝ නොකැඳවන්න; එසේ කළොත් ඔවුන් ද එසේ ම ඔබත් කැඳවනු ඇත. එයින් ඔබට එහි විපාකය ලැබෙයි. 13එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙළ කරන කල, දිළිඳුන් ද අබ්බගාතයන් ද කොරුන් ද අන්ධයන් ද කැඳවන්න. 14ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නෙහි ය. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේ දී ඔබට ප්‍රතිවිපාකයක් ලැබෙන්නේ ය”යි වදාළ සේක.