කියවීම්
2028 නොවැම්බර් 24
Andrew Dung-lac, Priest, Martyr, and Companions, Martyrs Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
එළිදරව් 10: 8-11
8ස්වර්ගයෙන් ඇසුණු හඬ නැවතත් මට කතා කරමින්, ”ඔබ ගොස් මුහුද පිට ද ගොඩබිම ද සිටින දේව දූතයාගේ අතේ දිගහැර තිබෙන පොත ගන්නැ”යි මට කී ය.
9මම දේව දූතයා වෙත ගොස්, ”කුඩා පොත මට දෙන්නැ”යි කීවෙමි. ඔහු ද: ”එය රැගෙන කන්න; එයින් ඔබේ ආමාශය තික්ත වන්නේ ය. එහෙත් එය ඔබේ කටෙහි මීපැණි ලෙස මිහිරි වන්නේ ය”යි මට කී ය.
10මම ද දේව දූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි. එය මගේ කටේ මීපැණි ලෙස මිහිරි ව තිබුණේ ය. එය කෑ පසු මාගේ ආමාශය තික්ත විය.
11තවද: ”ඔබ බොහෝ සෙනඟ ද ජාතීන් ද භාෂාවන් ද රජුන් ද ගැන නැවතත් දිවැස් වැකි ප්‍රකාශ කළ යුතු ය”යි මට කියන ලද්දේ ය.
Responsorial Psalm
ගීතාවලිය 119: 14, 24, 72, 103, 111, 131
14සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත් වෙමි.
24ඔබේ ශික්ෂා පද මාගේ ප්‍රීතිය වේ. ඒවා මාගේ උපදේශකයා ය.
72ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට අගේ ය.
103ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද? එසේ ය, ඒවා මාගේ කටට මී පැණිවලට වඩා මිහිරි ය.
111ඔබේ ශික්ෂා පද සදහට ම උරුම කොටගතිමි. ඒවා මසිතට ප්‍රීතිය ගෙන දෙයි.
131ඔබේ ආඥාවලට පිපාසයෙන් සිටිමි. මම මුව අයා හතිලන්නෙමි.
Alleluia
ශුද්ධ වූ ජොහන් 10: 27
27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel
ශුද්ධ වූ ලූක් 19: 45-48
45උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු වී, එහි සිටි වෙළඳුන් පලවා හරින්න පටන්ගෙන,
46‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයක් වන්නේ ය’යි ලියා ඇත. එහෙත් ඔබ එය සොරුන්ගේ ගුහාවක් කර තිබේ ය”යි ඔවුන්ට වදාළ සේක.
47උන් වහන්සේ දිනපතා දේව මාලිගාවෙහි ඉගැන්වූ සේක. එහෙත්, නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රභූවරයෝ ද උන් වහන්සේ නසාලීමට උපක්‍රම සෙවූ හ.
48මුළු ජනතාව උන් වහන්සේගේ ඉගැන්වීම්වලට සතුටින් සවන් දුන් බැවින්, උන් වහන්සේට කිසිවක් කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබිණි.