කියවීම්
2027 නොවැම්බර් 22
Cecilia, Virgin, Martyr Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
දානියෙල් 1: 1-6, 8-20
1ජුදාහි රජ වූ ජෙහෝයාකිම්ගේ රාජ්‍ය කාලයෙහි තුන් වන අවුරුද්දේ දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් රජ ජෙරුසලම ආක්‍රමණය කොට එය වටලාගත්තේ ය.
2සමිඳාණන් වහන්සේ ඔහුගේ අතට ජුදාවේ රජ වූ ජෙහෝයාකිම් පාවා දුන් සේක; ඔහු සමඟ දෙවියන් වහන්සේගේ මාලිගාවේ බඩු බාහිරාදිය සමහරක් ද පාවා දුන් සේක. නෙබුකද්නෙශර් ඒ බඩු බාහිරාදිය ශීනාර් දේශයේ තමාගේ ම දෙවියන්ගේ දේවාලයට ගෙන ගොස් දේවාල භාණ්ඩාගාරයේ ඒවා තැන්පත් කෙළේ ය.
3රජතුමා අශ්පෙනස් නම් තමාගේ ප්‍රධාන නපුංසකයා අමතා, ඉශ්රායෙල් සෙනඟ අතරෙන් රාජ වංශයට හා රදළ පෙළපතට අයත් තරුණයන් ස්වල්ප දෙනෙකු ගෙනෙන්නට ඔහුට නියම කෙළේ ය.
4ඔවුන් ශරීරාබාධ නැති, ශෝභා සම්පන්න, සිප්සතරෙහි සමත්, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, විචක්ෂණ, රාජ මාලිගාවේ සේවා කරන්නට සුදුසුකම් ඇති, අය විය යුතු යයි ද ඔවුන් ගෙනා පසු, කල්දිවරුන්ගේ භාෂාවත් සාහිත්‍යයත් ඔවුන්ට ඉගැන්විය යුතු යයි ද රජතුමා අශ්පෙනස්ට නියම කෙළේ ය.
5රජ තෙමේ තමා වළඳන භෝජනවලින් ද තමා පානය කරන මිදියුසින් ද කොටසක් දවස් පතා ඔවුන්ට දෙන්නටත් නියම කෙළේ ය. ඔවුන් තුන් අවුරුද්දක් පුහුණුව ලැබූ පසු රාජ සේවයට ඇතුළත් කළ යුතු ව තිබිණි.
6තෝරාගනු ලැබූ අය දානියෙල් ද හනනියා ද මිෂායෙල් ද අසරියා ද යන නම් ඇති ජුදා ජාතික තරුණයෝ වූ හ.
8දානියෙල් තෙමේ රජුගේ භෝජනයෙන් වත්, ඔහු බොන මිදියුසෙන් වත් තමා අපවිත්‍ර නොවී සිටින පිණිස අධිෂ්ඨාන කරගෙන, එසේ අපවිත්‍ර නොවී සිටීමට ප්‍රධාන නපුංසකයාගෙන් අවසර අයැද සිටියේ ය.
9දෙවියන් වහන්සේ දානියෙල්ට ප්‍රධාන නපුංසකයාගෙන් කරුණාවත්, අනුකම්පාවත් ලැබෙන්නට සැලැස්සූ සේක.
10ප්‍රධාන නපුංසකයා දානියෙල්ට මෙසේ කී ය: ”ඔබේ කෑම ද බීම ද නියම කළ මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මම බිය වෙමි. යම් හෙයකින් ඔබේ වයසේ තරුණයන්ට වඩා ඔබේ මුහුණ මැලවී ඇති බව එතුමාට පෙනී ගියොත්, මාගේ හිස ගසාදැමීමෙන් මා අනතුරට භාජනය විය හැකි ය.”
11එවිට දානියෙල් තමා ද හනනියා ද මිෂායෙල් ද අසරියා ද භාර ව සිටීමට ප්‍රධාන නපුංසකයා පත් කළ භාරකාරයාට කතා කොට,
12”ඔබේ මෙහෙකරුවන් වන අපට කෑමට එළවළු ද බීමට වතුර ද දී දස දිනක් ඇතුළත දී කුමක් වන්නේ දැ යි සෝදිසි කර බලන්න;
13ඉන්පසු අපේ පෙනීම ද රජතුමාගේ භෝජන අනුභව කරන තරුණයන්ගේ පෙනීම ද සසඳා බලා, ඔබට පෙනී යන හැටියට ඔබේ මෙහෙකරුවන්ට සුදුස්සක් කළ මැනවැ”යි කී ය.
14ඔහු ඒ යෝජනාවට එකඟ වී දස දිනක් තුළ ඔවුන් සෝදිසි කර බැලුවේ ය.
15දස දිනකට පසු ඒ සතරදෙනා රජතුමා නියම කළ භෝජන අනුභව කළ තරුණයන්ට වඩා හොඳ පෙනීමෙන් හා සනීප ශක්තියෙන් සිටින බව පෙනී ගියේ ය.
16එබැවින් භාරකාරයා ඉන්පසු, ඔවුන්ට කන්න නියම ව තිබූ ආහාර ද බොන්න නියම ව තිබූ මිදියුස ද නතර කර එළවළු පමණක් ඔවුන්ට දුන්නේ ය.
17ඒ තරුණයන් සතරදෙනාට දෙවියන් වහන්සේ සාහිත්‍ය විෂයය හා ශිල්ප ශාස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් හා අවබෝධයක් දුන් සේක. සියලු ආකාර දර්ශන හා ස්වප්න තේරුම් කර දීමේ වරම ද දානියෙල්ට තිබිණි.
18තරුණයන් පුහුණු කිරීමට නියම ව තිබූ කාලය හමාර වූ විට, ඔව්හු සියලු දෙන ප්‍රධාන නපුංසකයා විසින් නෙබුකද්නෙශර් රජු ඉදිරියට ගෙනෙන ලදී.
19රජතුමා ඔවුන් සමඟ කතා කෙළේ ය. ඔවුන් සියලු දෙනා අතුරෙන් දානියෙල්ටත්, හනනියාටත්, මිෂායෙල්ටත්, අසරියාටත් සමාන කළ හැකි අන් කිසිවෙක් නොවූ හ.
20එබැවින් ඔව්හු රාජ සේවයට ඇතුළත් කරන ලද හ. තේරුම් පැහැදුම් ඇති ව විමසිය යුතු යම් යම් කරුණු සම්බන්ධයෙන් රජතුමා ඔවුන්ගෙන් විමසූ විට, මුළු රාජ්‍යයේ සිටි සියලු මන්ත්‍රකාරයන්ටත්, අනවිනකාරයන්ටත් වඩා දස ගුණයකින් ඔවුන් සමත් බව එතුමාට පෙනී ගියේ ය.
Responsorial Psalm
දානියෙල් 3: 52, 53, 54, 55, 56
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Alleluia
ශුද්ධ වූ මතෙව් 24: 42a, 44
42එබැවින් අවදි ව ඉන්න. ඔබගේ සමිඳාණන් වහන්සේ කිනම් දවසක එන සේක් දැ යි ඔබ නොදන්නහු ය.
44එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. කුමක්නිසා ද ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණෝ වඩින සේක.”
Gospel
ශුද්ධ වූ ලූක් 21: 1-4
1උන් වහන්සේ අවට බැලූ විට ධනවතුන් සිය පුදපඬුරු දේව මාලිගා ගබඩාවෙහි දමනු දුටු සේක.
2එක් දිළිඳු වැන්දඹු ස්ත්‍රියක් තඹ සල්ලි දෙකක් දමනු උන් වහන්සේ දැක,
3ඇත්තෙන් ම මම ඔබට කියමි, මේ දිළිඳු වැන්දඹුව අනෙක් හැමට ම වඩා පඬුරු දැම්මා ය.
4මන්ද, ඔවුන් සියල්ලෝ ම තමන්ට තිබුණු වැඩිපුර දෙයින් ගබඩාවට පඬුරු දැමූ හ. එහෙත් මෑ, දුප්පත් ව සිටියදීත් තම දිවි පෙවෙත සඳහා වූ මුළු වත්කම ම පිදුවා ය”යි වදාළ සේක.