කියවීම්
2027 නොවැම්බර් 15
Ordinary Weekday/ Albert the Great, Bishop, Religious, Doctor
Albert the Great, Bishop, Religious, Doctor
First Reading
1 මකබි 1: 10-15, 41-43, 54-57, 62-63
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Responsorial Psalm
ගීතාවලිය 119: 53, 61, 134, 150, 155, 158
53ඔබේ ව්‍යවස්ථාව අත්හරින අදමිටුවන් දකින විට මා තුළ කෝපාග්නිය ඇවිළී යයි.
61දුදනන් මට උගුලක් අටවා ඇත. එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාව අමතක නොකෙළෙමි.
134මිනිසුන්ගේ හිරිහැරවලින් මා මුදාලුව මැනව; එවිට ඔබේ නියෝග මම පිළිපදින්නෙමි.
150නපුරු අරමුණු ඇති ව මට පීඩා කරන දුදනෝ මට ළඟා වෙති. ඔව්හු ඔබේ ව්‍යවස්ථාවෙන් ඈත් ව සිටිති.
155දුදනන් හට ගැළවීමක් නැත; ඔව්හු ඔබේ පණත් නොසලකති.
158ද්‍රෝහිකම් කරන්නන් දැක මම ඔවුන් පිළිකුල් කෙළෙමි. ඔව්හු ඔබේ නියමයන් නොපිළිපදිති.
Alleluia
ශුද්ධ වූ ජොහන් 8: 12
12යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 18: 35-43
35ජේසුස් වහන්සේ ජෙරිකෝවට සමීප වූ කල, එක් අන්ධයෙක් සිඟමින් පාර අයිනේ ඉඳගෙන සිටියේ ය.
36ජනකායක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, ”ඒ කුමක් දැ”යි විමසී ය.
37එවිට ඔව්හු නාසරෙත්හි ජේසුස් වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කී හ.
38ඔහු ද, ”ජේසුස් වහන්ස, දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි මොරගැසී ය.
39ඉදිරියෙන් ගිය අය නිශ්ශබ්ද වන ලෙස ඔහුට සැර කළහ. එහෙත් ඔහු ශබ්ද නඟා: ”දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය.
40ජේසුස් වහන්සේ නැවතී, ඔහු තමන් ළඟට ගෙනෙන්න අණ කළ සේක. ඔහු ළඟට ආ කල,
41මා ඔබට කුමක් කර දෙනවාට කැමැත්තෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ”ස්වාමීනි මාගේ පෙනීම මට ලබා දුන මැනවැ”යි ඔහු කී ය. ජේසුස් වහන්සේ කතා කරමින්,
42පෙනීම ලබන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කෙළේ ය”යි වදාළ සේක.
43එකෙණෙහි ම ඔහු ඇස් පෙනීම ලබා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. මුළු ජනතාව තමන් දුටු දේ ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.