කියවීම්
2027 නොවැම්බර් 27
Ordinary Weekday/ Optional Memorial of the Blessed Virgin Mary
Optional Memorial of the Blessed Virgin Mary
First Reading
දානියෙල් 7: 15-27
15දානියෙල් වන මාගේ සිත ශෝකාකූල විය; මාගේ හිසට නැඟුණ දර්ශනවලින් මම කැළඹුණෙමි.
16මම එහි සිටි අයගෙන් එක් කෙනෙකු ළඟට එළඹ ඒ සියල්ලේ තේරුම මට කියන ලෙස ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු කතා කොට, ඒ සියල්ලේ තේරුම මෙසේ පහදා දුන්නේ ය:
17”දැවැන්ත මෘගයන් සතරදෙනා නම්, රජවරු සතරදෙනෙකි. ඔව්හු පොළොවෙන් නැඟී එන්නාහ.
18එසේ වුව ද, මහෝත්තමයාණන්ගේ ශුද්ධවරයෝ රාජ්‍යය ලැබ සදාකාලයෙන් සදාකාලයට එය භුක්ති විඳින්නෝ ය.
19ඊළඟට සතර වන මෘගයා ගැන තතු දැනගන්නට මම කැමැති වීමි. ඒ මෘගයා නම්, සෙසු සියලු මෘගයන්ට වඩා වෙනස් වූ, ඉතාමත් භයානක වූ, යකඩ දත් සහ ලෝකඩ නිය ඇති, ගොදුර පොඩිකර කාදමා ඉතිරි දේ පයින් පාගාදැමූ මෘගයා ය.
20එපමණක් නොව, මෘගයාගේ හිසේ තිබුණු අං දසය ගැන ද සියල්ලට වඩා මහත් ලෙස පෙනුණ අඟ, එනම්, හටගත් පසු අං තුනක් හෙළාදැමූ, ඇස් සහ උඩඟු ලෙස කතා කරන කටක් ඇති අඟ ගැන ද දැනගන්නට කැමැති වීමි.
21මා බලා සිටිය දී මේ අඟ සැදැහැවතුන්ට විරුද්ධ ව යුද්ධ කර ජයගත් බව මම දිටිමි.
22එසේ වූයේ, පෞරාණිකයාණන් පැමිණ මහෝත්තමයාණන්ගේ ශුද්ධවරයන්ට යුක්තිය ඉටු කර දී ශුද්ධවරයන් රාජ්‍යය භුක්ති විඳින කාලය පැමිණෙන තුරු ය.
23මනුෂ්‍ය-පුත්‍රයාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: ”සතර වන මෘගයා නම්, සියලු රාජ්‍යවලට වෙනස් වූ, මුළු පොළොව නාස්ති කර පාගාදමා පොඩි කරන හතර වන රාජ්‍යයක් ය.
24අං දසය නම්, මේ රාජ්‍යයෙන් පැන නඟින රජවරු දසදෙනෙකි. ඔවුන්ට පසු ව තවත් රජ කෙනෙක් නැඟිටින්නේ ය. ඔහු පළමු කී රජවරුන්ට වඩා වෙනස් වන්නේ ය. ඔහු රජවරුන් තුන්දෙනෙකු පහතට හෙළාදමන්නේ ය.
25ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ය; මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට පීඩා කරන්නේ ය. ඔහු කාලයන් ද ව්‍යවස්ථාව ද වෙනස් කරන්නට සිතන්නේ ය; සැදැහැවත්හු අවුරුදු තුනහමාරකට ඔහුගේ අතට භාරදෙනු ලබන්නෝ ය.
26එහෙත්, අධිකරණ සභාව රැස් වී, ඔහු නැත්තට ම නැති වී යන පිණිස ඔහුගේ පාලනය ඔහු අතින් පැහැරගන්නී ය.
27ඉන්පසු, අහස යට තිබෙන සියලු රාජ්‍යවල රජකම ද පාලනය ද මහන්තත්ත්වය ද මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට දෙනු ඇත. ඔවුන්ගේ රාජ්‍යය සදාකාලික ය. සියලු පාලකයන් ඔවුන්ට සේවය කර කීකරු වනු ඇත.”
Responsorial Psalm
දානියෙල් 3: 82, 83, 84, 85, 86, 87
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Alleluia
ශුද්ධ වූ ලූක් 21: 36
36එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.”
Gospel
ශුද්ධ වූ ලූක් 21: 34-36
34ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න.
35මන්ද, එය මුළු පොළොවෙහි සකල ලෝක වාසීන් පිට පැමිණෙන්නේ ය.
36එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.”