නොවැම්බර් 2027

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
282930
අද දිනට

කියවීම්

2027 නොවැම්බර් 11

Martin of Tours, Bishop Obligatory Memorial

දවසේ දේව මෙහෙය
First Reading

සලමොන්ගේ ප්‍රඥාව 7: 22b - 8: 1

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Responsorial Psalm

ගීතාවලිය 119: 89, 90, 91, 130, 135, 175

89සමිඳුනි, ඔබේ වචනය සදාතනික ය; එය තිර ලෙස සගලොව ඇත. 90ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවත්නේ ය. ඔබ පොළොව පිහිටෙවු සේක. එය ස්ථිර ව පවතී. 91ඔබේ නියමයන් ලෙස ඒ මැවිලි අද දක්වා පවතී. මන්ද, සියල්ල ඔබට මෙහෙ කරයි. 130ඔබේ වචන පැහැදිලි වන විට ආලෝකය ලැබේ. එයින් අනුවණයන්ට නුවණ ලැබේ. 135දයාවෙන් මා දෙස බැලුව මැනව; ඔබේ පණත් මට ඉගැන්නුව මැනව. 175ඔබට ප්‍රශංසා කරන පිණිස මට ජීවත් වන්නට ඉඩ දුන මැනව. ඔබේ නියමයෝ මට උපකාරවත් වෙත් වා!
Alleluia

ශුද්ධ වූ ජොහන් 15: 5

5මිදි වැල මම ය, ඔබ අතු ය. යමෙක් මා තුළ සිටින්නේ ද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ පල දරයි. මන්ද, මාගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නොහැකි ය.
Gospel

ශුද්ධ වූ ලූක් 17: 20-25

20දෙවියන් වහන්සේගේ රාජ්‍යය කවර කලෙක පහළ වන්නේ දැ”යි පරිසිවරුන් ඇසූ බැවින්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඇසට පෙනෙන අයුරින් නොපැමිණෙයි. 21මෙ‍න්න මෙ‍තැන ය, අන්න අතැන යයි කිසිවෙකුට කිව නොහැකි ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ g අතරෙහි ය”යි වදාළ සේක. 22උන් වහන්සේ ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: ”මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩ සිටින දවස්වලින් එකක් වුව ද දැකීමට ඔබ ආශාවන කාලයක් පැමිණෙයි; එහෙත් ඔබ එය නොදක්නාහු ය. 23‘අන්න, එතැන ය! මෙ‍න්න මෙ‍තැන ය!’යි ඔවුන් කියන කල, පිටත් වී එය පසුපස්සේ නොයන්න. 24අහසෙහි එක් දිශාවකින් පහළ වන විදුලිය අහසේ අනෙක් දිශාව දක්වා බබළන්නාක් මෙ‍න්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පහළ වන දවසේ දී බබළන සේක. 25එහෙත් පළමුකොට එතුමාණෝ බොහෝ දුක් විඳ මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුත්තාහ.