ඔක්තෝබර් 2028

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031
අද දිනට

කියවීම්

2028 ඔක්තෝබර් 7

Our Lady of the Rosary Obligatory Memorial

දවසේ දේව මෙහෙය
First Reading

ජෝබ් 42: 1-3, 5-6, 12-17

1එවිට ජෝබ්, හිමි තුමන් හට පිළිතුරු දෙමින්, මෙසේ කී ය. 2ඔබ සව් බලැති දෙවි තුමාණන් බවත්, ඔබට නොකළ හැකි කිසිත් නැති බවත්, මම දනිමි. 3මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය. 5කලින් මා ඔබ ගැන කනින් අසා තිබුණේ ය. එහෙත්, දැන් මාගේ ම දෙනෙතින් මම ඔබ දැක ගතිමි. 6එබැවින් මම මා ගැන ම ලජ්ජා වෙමි; දූවිල්ලෙහි හා අළුවල හිඳ පසුතැවී සිත් තැවෙමි.” 12මෙසේ සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ මුල් කාලයට වඩා අවසාන කාලයට ආශීර්වාද කළ සේක. බැටළුවන් දහහතර දහසක් ද ඔටුවන් හයදහසක් ද ගොන්බාන් දහසක් ද කොටළු දෙනුන් දහසක් ද ඔහුට සිටියෝ ය. 13ඒ ඇර ඔහුට පුත්‍රයන් සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ. 14ඔහු වැඩිමල් දුවට පාරාපතිනිය යන අර්ථය ඇති ජෙමිමා ද දෙ වැනි දුවට සුගන්ධනී යන අර්ථය ඇති කෙශියා ද තුන් වැනි දුවට සුලෝචනී යන අර්ථය ඇති කෙරෙන්-හප්පූක් ද කියා නම් තැබී ය. 15ජෝබ්ගේ දූවරු තරම් සුරූපී කාන්තාවෝ ඒ මුළු රටෙහි ම නොසිටියහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සොහොයුරන් සමඟ ඔවුන්ට ද සම්පත් උරුම කොට දුන්නේ ය. 16ඉන්පසු, කාලයාගේ ඇවෑමෙන් ජෝබ් එකසිය සතළිස් වසක් ජීවත් වී සතර වැනි පරපුර දක්වා දරු මුණුබුරන් දැක 17දිගායු වළඳා මරණයට පත් වී ය.
Responsorial Psalm

ගීතාවලිය 119: 66, 71, 75, 91, 125, 130

66මට තියුණු නැණනුවණ හා දැනුම දුන මැනව. මන්ද, මම ඔබේ ආඥා විශ්වාස කරමි. 71පීඩා විඳීම මට යහපතක් විය; එයින් ඔබේ පණත් ඉගෙනගතිමි. 75සමිඳුනි, ඔබේ විනිශ්චයයන් සාධාරණ බවත්, ඔබ විශ්වාසවන්ත නිසා මට පීඩා කළ බවත් දනිමි. 91ඔබේ නියමයන් ලෙස ඒ මැවිලි අද දක්වා පවතී. මන්ද, සියල්ල ඔබට මෙහෙ කරයි. 125මම ඔබේ මෙහෙකරුවා වෙමි. ඔබේ ශික්ෂා පද දැනගන්න පිණිස මට නැණනුවණ දුන මැනව. 130ඔබේ වචන පැහැදිලි වන විට ආලෝකය ලැබේ. එයින් අනුවණයන්ට නුවණ ලැබේ.
Alleluia

ශුද්ධ වූ මතෙව් 11: 25

25ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.
Gospel

ශුද්ධ වූ ලූක් 10: 17-24

17ඉන්පසු d සැත්තෑ දෙනා ප්‍රීතියෙන් හැරී අවුත්, ”ස්වාමීනි, ඔබගේ නාමයේ අනුහසින් දුෂ්ටාත්මයෝ පවා අපට අවනත වෙති”යි කී හ. 18උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”සාතන් විදුලියක් මෙ‍න් අහසින් වැටෙනු දිටිමි. 19බලන්න, සර්පයන් ද ගෝනුස්සන් ද පාගන්ටත්, සතුරාගේ මුළු ශක්තිය මැඬලන්ටත් මා ඔබට බලය පවරා ඇත; කිසිවකින් ඔබට අනතුරක් නොවෙයි. 20එසේ වුව ද අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න; ඔබගේ නාම ස්වර්ගයෙහි ලියා ඇති නිසා සන්තෝෂ වන්නැ”යි වදාළ සේක. 21ඒ පැයේ දී ම උන් වහන්සේ ශුද්ධාත්මයෙන් පූර්ණ වී උදන් අනමින්, ”ස්වර්ගයටත් පොළොවටත් අධිපති වූ පියාණෙනි, ඔබ මේ දේවල් පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ බැවින් ඔබට තුති පුදමි. එසේය පියාණෙනි, ඔබට ප්‍රිය මනාප වූයේත් එය ම ය. 22මාගේ පියාණන් වහන්සේ සියල්ල ම මට පවරා දී තිබේ. පුත්‍රයාණෝ කවරෙක් දැ යි පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් නොදනිති. එසේ ම පුත්‍රයාණනුත්, පුත්‍රයාණන් විසින් පියාණන් වහන්සේ එළිදරව් කිරීමට තෝරාගනු ලැබූ අයත් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ කවරෙක් දැ යි නොදනිති”යි වදාළ සේක. 23එවිට උන් වහන්සේ ශ්‍රාවකයන් සමඟ තනියම සිටිය දී ඔවුන්ට කතා කොට, ”ඔබ නරඹන දේ දකින ඇස් භාග්‍යවන්ත ය. 24මෙ‍ය මම ඔබට කියමි, ඔබ දකින දේ දකින්ටත්, ඔබ අසන දේ අසන්ටත් බොහෝ දිවැසිවරු ද රජවරු ද අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් ඔවුන් එය දුටුවේ වත් නැත, ඇසුවේ වත් නැතැ”යි වදාළ සේක.