ඔක්තෝබර් 2028

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031
අද දිනට

කියවීම්

2028 ඔක්තෝබර් 3

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

ජෝබ් 3: 1-3, 11-17, 20-23

1ඉන්පසු මේ තාක් නිහඬ ව සිටි ජෝබ් තමා උපන් දිනයට සාප කරගනිමින් 2මෙසේ කී ය: 3මා උපන් දිනයට සාප වේ වා! මා වැනි පිරිමි දරුවෙකු පිළිසිඳ ගත් රාත්‍රියට සාප වේ වා! 11මවු කුසේ දී ම මා නොමළේ මන් ද? කුසෙන් නික්ම ආ විගස ම මාගේ පණ නොගියේ මන් ද? 12මවු තුරුල්ලට මා පිළිගත්තේ කුමට ද? මවගේ ළයෙහි මව් කිරි මට පෙව්වේ කුමට ද? 13මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි; කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි. 14එසේ වී නම්, නැති වී යන රාජ මාලිගා ඉදි කළ නිරිඳුන් සහ ඇමතිවරුන් සමඟ මටත් සැතපෙන්නට තිබිණි. 15සිය මැදුරු රන් රිදීයෙන් පුරවාගත් කුමරුන් සමඟ ද මට සැතපෙන්නට තිබිණි. 16මෙලොව එළිය නුදුටු දරුවන් මෙන් ගබ්සා වී මා මිය නොගියේ මන් ද? 17සොහොනෙහි පවිටු දනන් තම පව්කම් නිම කර ඇත; වෙහෙසට පත් කම්කරු දනන් සිය වෙහෙසින් තොර වී ඇත. 20එතුමා දුකින් සිටින අයට එළිය දෙන්නේ මන් ද? සොවින් පෙළෙන අයට දිවි දෙන්නේ මන් ද? 21ඔව්හු මරු එන තුරු බලා සිටිති; එහෙත්, මරු එන්නේ නැත. අන් සැම සම්පතට වඩා ඔව්හු සොහොන අගේ කරති. 22සොහොනට යෑම ඔවුන්ට සතුටකි; මිනීවළට යන විට ඔව්හු ප්‍රිය හඬ දෙති. 23දෙවි තුමන් හැම අතින් ම හිර කර සිටින, තමා යා යුතු මඟ නොපෙනෙන මිනිසා උපත ලැබුවේ මන් ද?
Responsorial Psalm

ගීතාවලිය 88: 2-3, 4-5, 6, 7-8

2මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා! මාගේ හඬට සවන් දුන මැනව. 3මාගේ සිත කරදරවලින් ගහණ වී ඇත්තේ ය. මාගේ ජීවිතය මිනී වළට ආසන්න ය, 4මරණාසන්න කෙනෙකු මෙන් මම ගණන්ගනු ලැබුවෙමි. මම දුබලයෙකු මෙන් වී ඇත්තෙමි. 5මළවුන් අතර ම උන් කෙනෙකු මෙන් මම අත්හරිනු ලැබුවෙමි; සොහොනේ තැන්පත් කරනු ලැබූ කෙනෙකු මෙන් මම වැටී සිටියෙමි; ඔබ විසින් සදහට ම අමතක කරන ලද ඔබේ සරණින් ඈත් වූවෙකු මෙන් වී සිටිමි. 6ඔබ මා පාතාලයේ පතුලට හෙළූ සේක. අඳුරු ගැඹුරු පෙදෙසට මා දැමූ සේක. 7ඔබේ උදහස මට මහ බරකි; ඔබේ කෝපාග්නිය මට පීඩා කරන්නේ ය. 8ඔබ මාගේ මිතුරන් මා වෙතින් ඈත් කළ සේක. මා ඔවුන්ට පිළිකුලක් මෙන් වන්නට හළ සේක. සිරගත වී සිටි බැවින් මට මිදී යා නොහැකි ය.
Alleluia

ශුද්ධ වූ මාර්ක් 10: 45

45කුමක් හෙයින් ද මනුෂ්‍ය-පුත්‍රයාණන් වුව ද වැඩියේ, සේවය ලැබීමට නොව සේවය කිරීමට ය; බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වී සිය දිවි පිදීමට ය.”
Gospel

ශුද්ධ වූ ලූක් 9: 51-56

51තවද, උන් වහන්සේගේ ස්වර්ගාරෝහණ දිනය ආසන්න වූ කල, උන් වහන්සේ ජෙරුසලම බලා යන අධිෂ්ඨානයෙන් 52තමන්ට පෙරටුව දූතයන් යැවූ සේක. ඔව්හු ගොස් උන් වහන්සේට අවශ්‍ය දේ පිළියෙළ කරන පිණිස සමාරීයයන්ගේ ගමකට ඇතුළු වූ හ. 53එහෙත්, උන් වහන්සේ හුදෙක් ජෙරුසලමට ම යන්නට අදහස් කර සිටි බැවින් ඔව්හු උන් වහන්සේ නොපිළිගත්හ. 54උන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ ජාකොබ් ද ජොහන් ද ඒ දැක, ”ස්වාමීනි, මොවුන් විනාශ කරන පිණිස අහසින් ගිනි වැටෙන්නට අප අණ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. 55උන් වහන්සේ හැරී ඔවුන්ට තරවටු කළ සේක. 56ඉන්පසු ඔව්හු අන් ගමකට ගියහ.