ඔක්තෝබර් 2028

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031
අද දිනට

කියවීම්

2028 ඔක්තෝබර් 22

Twenty-Ninth Sunday in Ordinary Time

දවසේ දේව මෙහෙය
First Reading

නික්මයාම 17: 8-13

8එවිට අමලෙක්වරු පැමිණ රෙපිඩීම් නම් ස්ථානයේ දී ඉශ්රායෙල් ජනයා සමඟ සටන් කළහ. 9මෝසෙස් ජෝෂුවාට කතා කොට, ”අප උදෙසා ඔබ මිනිසුන් තෝරාගෙන, නික්ම ගොස් හෙට අමලෙක්වරුන් සමඟ සටන් කරන්න. මම දෙවියන් වහන්සේ දුන් සැරයටිය මා අතට ගෙන කඳු මුදුනේ සිටිමි”යි කීවේ ය. 10ජෝෂුවා මෝසෙස් තමාට කී පරිදි අමලෙක්වරුන් සමඟ සටන් කෙළේ ය. මෝසෙස් සමඟ ආරොන් සහ හූර් යන දෙදෙනා කඳු මුදුනට නැඟී ගියහ. 11මෝසෙස් තමාගේ අත් ඔසවාගෙන සිටි තෙක් ඉශ්රායෙල්වරුන්ට ජය අත් විය. ඔහු තම අත් පහතට හෙළූ විට අමලෙක්වරු ජයගත්හ. 12එහෙත්, මෝසෙස්ගේ අත් විඩාවට පත් වූ විට, ඔව්හු ගලක් ගෙන ඔහු පිටුපස තැබූයෙන් ඔහු ද එය මත වාඩි විය. එවිට ආරොන් සහ හූර් දෙපැත්තේ සිටගෙන ඔහුගේ අත් උසුලාගෙන සිටියහ. මෙසේ ඔහුගේ අත්, හිරු බැස යන තෙක් ම පහතට නොවැටී තිබිණි. 13ජෝෂුවා, අමලෙක් සහ ඔහුගේ සෙනඟ කඩු පහරින් වනසාදැමී ය.
Responsorial Psalm

ගීතාවලිය 121: 1-2, 3-4, 5-6, 7-8

1කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට පිහිට ලැබෙන්නේ කොතැනින් ද? 2මට පිහිට ලැබෙන්නේ සමිඳාණන්ගෙන් ම ය. අහස පොළොව මැවූ සමිඳාණන්ගෙන් ම ය. 3එතුමාණෝ ඔබ පය පැකිළෙන්නට ඉඩ නොදෙන සේක. අවදි ව සිටිමින් ඔබ නිතින් රැක බලාගන්න සේක. 4ඉශ්රායෙල් ජාතියේ රැකවරණයාණන් හට නිදි බරවීමක් වත්, නිදාගැනීමක් වත් නැත්තේ ය. 5සමිඳාණෝ ඔබ රක්නා උත්තමයාණෝ ය. සමිඳාණෝ ඔබ දකුණත සිට ඔබට රැකවරණය දෙන සේක. 6දවාලේ හිරු ඔබට පීඩා නොකරන්නේ ය. රාත්‍රියේ සඳ ඔබට පීඩා නොකරන්නේ ය. 7සමිඳාණෝ සියලු නපුරෙන් ඔබ රැකගන්න සේක; ඔබේ ජීවිතය රැකවල් කරන සේක. 8මෙතැන් සිට සදාකාලයෙන් සදාකාලයට සමිඳාණෝ, ඔබේ යාම ඊම ආරක්ෂා කරන සේක.
Second Reading

2 තිමෝති 3: 14 - 4: 2

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Alleluia

හෙබ්‍රෙව් 4: 12

12දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.
Gospel

ශුද්ධ වූ ලූක් 18: 1-8

1තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: 2එක් නුවරක දෙවියන්ට බිය නැති, මිනිසුන්ට ගරු නොකරන විනිශ්චයකාරයෙක් වී ය. 3එම නුවර වැන්දඹුවක් ද වූවා ය; ඈ නොයෙක් වර ඔහු වෙත ගොස්, ‘මාගේ විරුද්ධකාරයා මට කළ අයුක්තියට, යුක්තිය ඉෂ්ට කළ මැනවැ’යි කීවා ය. 4ඔහු කලක් ඒ ඉල්ලීම නොසලකා හැරියේ ය. පසුව ඔහු තමාට ම මෙ‍සේ කියාගත්තේ ය, ‘මා දෙවියන් වහන්සේට ගරුබිය නොපෑවත්, මනුෂ්‍යයන්ට ගරු සරු නොකළත්, 5මේ වැන්දඹුවගේ, කරදරය නිසා ඈ නිතර පැමිණ මා නොවෙහෙසන පිණිස, ඈට යුක්තිය ඉටු කර දෙමි’යි කීයේ ය.” 6තවද, සමිඳාණන් වහන්සේ කතා කොට, ”මේ අධාර්මික විනිශ්චයකාරයා කියන දේ අසන්න. 7දෙවියන් වහන්සේත්, දිවා රෑ දෙක්හි තමන් හට අයැදින, තමන් තෝරාගත් අය ගැන යුක්තිය ඉටු නොකරන සේක් ද? උන් වහන්සේ ඔවුන් ගැන බොහෝ නොඉවසන සේක් ද? 8උන් වහන්සේ ඔවුන්ට වහා ම යුක්තිය ඉටු කරන සේකැ යි, මම ඔබට කියමි. එසේ වුව ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩිනා කල මිහි පිට ඇදහිල්ල ඇති අය උන් වහන්සේට සම්බ වනු ඇද්දැ”යි ඇසූ සේක.