ඔක්තෝබර් 2028

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031
අද දිනට

කියවීම්

2028 ඔක්තෝබර් 19

Isaac Jogues and John De Brébeuf, Priests, Religious, Missionaries, Martyrs, and Companions, Martyrs Obligatory Memorial

දවසේ දේව මෙහෙය
First Reading

එපීස 1: 1-10

1දේව කැමැත්තෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලු නම් මම, එපීසයේ සිටින, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහන සැදැහැවතුන් වෙත ලියමි. 2අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාව හා ශාන්තිය ඔබ හට වේ වා! 3ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා වදාළ, අපගේ ස්වාමීන් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! 4ප්‍රේමයෙන් උන් වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධ ව නොකැළැල් ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක. 5තවද ස්වකීය ප්‍රසාදය හා අරමුණ අනුව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, උන් වහන්සේ, අප දරුකමට පිළිගන්න පිණිස, දෙවියන් වහන්සේ පෙර නියම කළ සේක. 6උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්‍රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහා ය. 7ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය කරණකොටගෙන, දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපට මිදීමත්, පව් කමාවත් ලැබී ඇත. 8ඒ වරප්‍රසාදය, සියලු ප්‍රඥාවෙන් හා නුවණින් උන් වහන්සේ අපට බහුල ව ප්‍රදානය කර, 9උන් වහන්සේගේ කැමැත්තේ අබිරහස අපට දන්වා වදාළ සේක. එසේ කරන ලද්දේ, තමන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුළ, සිය කැමැත්තෙන් නියම කරගත් ස්වකීය අභිප්‍රාය අනුව ය. 10දෙවියන් වහන්සේගේ ඒ අභිප්‍රාය නම්, නියමිත කාලයේ දී ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, එනම් මුළු විශ්වයෙහි ඇති සියල්ල, ක්‍රිස්තුන් වහන්සේ යටතේ එක්සත් කිරීම ය.
Responsorial Psalm

ගීතාවලිය 98: 1, 2-3ab, 3cd-4, 5-6

1සමිඳුන්ට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක. 2සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක; විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක. 3එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය. 4එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න. 5වීණාව වයමින් සමිඳුන්ට ගී ගයන්න; වීණාවෙන් ද ගී නාදයෙන් ද ප්‍රශංසා කරන්න. 6හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.
Alleluia

ශුද්ධ වූ ජොහන් 14: 6

6ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නො‍් ය.
Gospel

ශුද්ධ වූ ලූක් 11: 47-54

47ඔබට වන විපතක මහත! ඔබගේ පියවරුන් අතින් මැරුම්කෑ දිවැසිවරයන්ගේ සොහොන් කොත් ඔබ ගොඩනඟන්නාහු ය. 48එසේ කිරීමෙ‍න් ඔබගේ පියවරුන්ගේ ඒ ක්‍රියා ඔබ අනුමත කරන බව සහතික කරන්නාහු ය; ඔව්හු ඔවුන් මැරූ හ. ඔබ ඔවුන්ගේ සොහොන් කොත් ගොඩනඟන්නාහු ය. 49එහෙයින් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පවසන ලෙස: ‘දිවැසිවරයන් ද ප්‍රේරිතයන් ද ඔවුන් වෙත යවන්නෙමි; මනුෂ්‍යයෝ ඔවුන්ගෙන් ඇතැමෙ‍කුට තළා පෙළා ඇතැමෙ‍කු මරාදමති.’ 50මෙ‍සේ ආබෙල්ගේ මරණයේ පටන්, පූජාසනය හා ශුද්ධස්ථානය අතර මරන ලද සෙකරියස්ගේ මරණය දක්වා, 51ලෝකය මැවීමේ සිට වගුරුවන ලද සියලු දිවැසිවරයන්ගේ ලේ ගැන මේ පරම්පරාව වගකිව යුතු ය. එසේ ය, මේ පරම්පරාව ඒ ගැන වගකිව යුතු යයි මම ඔබට කියමි. 52විනයධරයෙනි, ඔබට වන විපතක මහත! විද්‍යාවේ යතුරු ඔබ ගෙන ගියාහු ය; එහෙත් ඔබ ම ඇතුළු නොවූවහු ය; ඇතුළු වන්නන් ද වළක්වාලූවහු ය.” 53උන් වහන්සේ එතැනින් ආ කල්හි විනයධරයෝ ද පරිසිවරු ද උන් වහන්සේ කටවචනයෙන් අල්ලාගනු වස් මාන බලමින්, 54බොහෝ දේ ගැන, විවාදයට පොළඹවනු පිණිස උන් වහන්සේ අවුස්සාලීමට පටන්ගත්හ.