දෙසැම්බර් 2028

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2028 දෙසැම්බර් 15

Advent Weekday

දවසේ දේව මෙහෙය
First Reading

යෙසායා 48: 17-19

17නුඹලාගේ මිදුම්කාරයාණන් ද ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: ”නුඹලාගේ යහපත පිණිස නුඹලාට උගන්වන, යා යුතු හරි මඟ නුඹලාට පෙන්වන, නුඹලාගේ දෙවි සමිඳාණෝ මම ය. 18නුඹලා මාගේ ආඥාවලට සවන් දුන්නහු නම්, මාගේ ආශීර්වාද නොසිඳී ගලන ගඟක් සේ නුඹලා කරා ගලා එන්නේ ය. මුහුදේ රළ පතර මෙන් දැහැමිකම නුඹලා වෙත පැමිණෙන්නේ ය. 19නුඹලාගේ දරු පරම්පරාව වැලි ඇට මෙන් බහුල වන්නෝ ය. ඔවුන්ගේ නම මැකී යන්නේ වත්, මා ඉදිරියෙන් ඔවුන් කිසි කලක විනාශ වන්නේ වත් නැත.”
Responsorial Psalm

ගීතාවලිය 1: 1-2, 3, 4 and 6

1දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන, 2සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය. 3ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ. 4පවිටු දනෝ එසේ නොවෙති; ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය. 6දමිටුන් හට සමිඳාණෝ සරණ වන සේක. පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේ ය.
Gospel

ශුද්ධ වූ මතෙව් 11: 16-19

16මේ පරම්පරාව කුමකට සමාන කරම් ද? වෙළඳ පොළේ හිඳ තමන්ගේ යහළුවන්ට හඬගා, 17‘අපි ඔබට නළා පිම්බෙමු, ඔබ නැටුවේ නැත; අපි ඔබට විලාප කීමු, ඔබ හැඬුවේ නැත’ කියන දරුවන්ට එය සමාන ය. 18ජොහන් කමින් බොමින් ආවේ නැත. එබැවින්, ‘ඔහු දුෂ්ටාත්මාවේශ වූවෙකි’යි ඔව්හු කියති. 19මනුෂ්‍ය-පුත්‍රයාණෝ කමින් බොමින් ආ සේක. එබැවින්, ‘බලන්න, ඔහු කෑදර මනුෂ්‍යයෙකි; මුද්‍රික පානය බොන්නෙකි; අයකැමියන්ගේ ද පව්කාරයන්ගේ ද යහළුවෙකි’යි ඔව්හු කියති. එහෙත්, දේව ප්‍රඥාව නිවැරදි බව එහි ක්‍රියාවලින් දිස්වේ.”