ඔක්තෝබර් 2026

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
25262728293031
අද දිනට

කියවීම්

2026 ඔක්තෝබර් 27

Tuesday of the Thirtieth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

එපීස 5:21-33

21ක්‍රිස්තුන් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වන්න. 22භාර්යාවෙනි, ඔබ සමිඳාණන් වහන්සේට මෙන්, තම ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටින්න. 23මන්ද, ක්‍රිස්තුන් වහන්සේ සභාවේ, එනම් උන් වහන්සේගේ ශරීරයේ, හිස වන්නාක් මෙන්, පුරුෂයා භාර්යාවගේ හිස ය. උන් වහන්සේ එම ශරීරයේ ගැළවුම්කාරයාණෝ වන සේක. 24එබැවින් සභාව ක්‍රිස්තුන් වහන්සේට යටත් වන්නාක් මෙන්, භාර්යාවන් ද සියලු දේවල දී පුරුෂයන්ට යටත් විය යුතු ය. 25පුරුෂයෙනි, ක්‍රිස්තුන් වහන්සේ සභාවට ප්‍රේම කොට සභාව වෙනුවෙන් සිය දිවි පුද කළාක් මෙන්, ඔබත් ඔබගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න. 26උන් වහන්සේ එසේ කෙළේ, වචනය නමැති වතුරෙන් ද සභාව සෝදා පිරිසුදු කර, කැප කර, 27එය තේජාන්විත සභාවක් වශයෙන් කැළලක් වත්, රැල්ලක් වත්, එබඳු කිසිවක් වත් නැති ව විශුද්ධ ව, නිකෙලෙස් ව, තමන්ට ම ප්‍රදානය කරගැනීමට ය. 28එසේ ම පුරුෂයන් විසින් ද සිය භාර්යාවන්ට තම ශරීරයට මෙන් ප්‍රේම කටයුතු ය. සිය භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාට ම ප්‍රේම කරගන්නේ ය. 29කවරකුවත් කිසි ම කලෙක තමාගේ ශරීරයට ද්වේෂ කරගෙන නැත. එසේ නොව, ඔහු එය පෝෂණය කරගෙන ආරක්ෂා කරයි. ක්‍රිස්තුන් වහන්සේ සභාව ගැන සලකන්නේත් එසේ ම ය. මන්ද, එය උන් වහන්සේගේ ශරීරය වන බැවිනි. 30අපි ඒ ශරීරයේ අවයවයෝ වෙමු. 31මේ නිසා මිනිසෙක් තමාගේ පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. ඒ දෙදෙන එක් කෙනෙක් වන්නෝ ය. 32මෙය මහා අබිරහසකි. මට හැඟෙන පරිදි එය අදාළ වන්නේ ක්‍රිස්තුන් වහන්සේට සහ සභාවට ය. 33එහෙත් එය පෞද්ගලික වශයෙන් ඔබටත් අදාළ වන්නේ ය. හැම පුරුෂයෙකු ම තමාට මෙන් තම භාර්යාවට ප්‍රේම කළ යුතු ය. හැම භාර්යාවක් ම තම ස්වාමි පුරුෂයාට ගෞරව දැක්විය යුතු ය.
Responsorial Psalm

ගීතාවලිය 128:1-2, 3, 4-5

1සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති, එතුමන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝ ය. 2මන්ද, ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නෙහි ය. ඔබ වාසනාවන්ත ය; ඔබට ශුභසිද්ධ වන්නේ ය. 3ඔබේ බිරිඳ ඔබේ නිවෙස තුළ පල දෙන මිදිවැලක් මෙන් වන්නී ය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැල මෙන් වන්නෝ ය. 4සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මෙසේ ආසිරි ලබන්නේ ය. 5සමිඳාණෝ සියොන්හි සිට ඔබට ආශීර්වාද කරන සේක් වා! ඔබේ මුළු ජීවිත කාලයේ දී ජෙරුසලමේ සුබ සෙත ඔබට දක්නට ලැබේ වා!
Alleluia

ශුද්ධ වූ මතෙව් 11:25

25ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.
Gospel

ශුද්ධ වූ ලූක් 13:18-21

18උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන ද? එය කුමකට උපමා කරම් ද? 19එක්තරා මිනිසෙකු තම වත්තෙහි රෝපණය කළ පසු වැඩී, මහ ගසක් වූ අබ ඇටයකට එය සමාන ය. අහසේ කුරුල්ලෝ අවුත් එහි අතු පතරෙහි ලැගුම් ගත්හ”යි වදාළ සේක. 20යළිදු උන් වහන්සේ කතා කොට, ”දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට උපමා කරම් ද? 21ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් මුළුමනින් ම පිපෙනතෙක් එහි දමන ලද මුහුන් පිඬකට එය සමාන ය”යි වදාළ සේක.