මැයි 2027

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2027 මැයි 6

Easter Weekday

දවසේ දේව මෙහෙය
First Reading

ක්‍රියා 18: 1-8

1මින්පසු පාවුලු ඇතන්ස් නුවරින් පිටත්ව, කොරින්තියට පැමිණියේ ය. 2එහි දී ඔහුට මෑතක දී ඉතාලියට පැමිණි, පන්තස්හි උපන් අකිලා නම් එක්තරා ජුදෙව්වරයෙක් මුණගැසුණේ ය. ක්ලෞදියස් සියලු ජුදෙව්වරුන්ට රෝමයෙන් අහක් ව යන්නට අණ කර තිබුණු බැවින්, ඔහු ප්‍රිස්කිලා නම් සිය බිරිඳ සමඟ කොරින්තියට පැමිණ සිටියේ ය. පාවුලු ඔහු හමු වීමට ගියේ ය. 3දෙගොල්ල ම එක ම කර්මාන්තය කරන්නන් වූ බැවින්, පාවුලු ඔවුන් සමඟ නැවතී වැඩ කෙළේ ය. ඔවුන්ගේ කර්මාන්තය කූඩාරම් සෑදීම ය. 4පාවුලු සියලු සබත් දවස්වල ධර්මශාලාවෙහි දී වාද කර, ජුදෙව්වරුන් ද ග්‍රීක්වරුන් ද ඇදහිල්ලට පමුණුවාගන්නට උත්සාහ කෙළේ ය. 5සීලස් ද තිමෝතියස් ද මසිදෝනියෙන් ආ කල ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ම යයි පාවුලු ජුදෙව්වරුන්ට සාක්ෂි දෙමින්, ධර්මය දේශනා කිරීමේ කාර්යයෙහි ම නිරත විය. 6එහෙත් ඔවුන් විරුද්ධ ව සිට, අපහාස කළ කල්හි, පාවුලු තමාගේ වස්ත්‍රවල ධූලි ගසාදමා, ඔවුන්ට කතා කොට, ”ඔබගේ ලේ ඔබගේ ම හිස් පිට වැගිරේ වා; මම නිදොස් වෙමි. මෙතැන් පටන් විජාතීන් වෙතට යමි”යි කී ය. 7ඔහු එතැනින් නික්ම ගොස් දෙවියන් වහන්සේට නමස්කාර කළ තීතස් ජුස්තස් නම් මිනිසෙකුගේ ගෙදරට ගියේ ය. ඔහුගේ නිවස ධර්මශාලාවලට යාව තිබිණි. 8ධර්මශාලා මුළාදෑනියා වූ ක්‍රිස්පස් තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ සමිඳාණන් වහන්සේ අදහා ගත්තේ ය. කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක් ද පාවුලුගේ බස් අසා අදහා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.
Responsorial Psalm

ගීතාවලිය 98: 1, 2-3ab, 3cd-4

1සමිඳුන්ට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක. 2සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක; විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක. 3එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය. 4එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
Alleluia

ශුද්ධ වූ ජොහන් 14: 18

18ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි, මම නැවත ඔබ වෙතට එන්නෙමි.
Gospel

ශුද්ධ වූ ජොහන් 16: 16-20

16ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය”යි උන් වහන්සේ වදාළ සේක. 17එබැවින් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරෙක් තම තමන් අතර කතා කරගනිමින්: ” ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු ය,’ කියා ද එයට හේතුව ‘මා පියාණන් වහන්සේ වෙතට යන නිසා ය’ කියා ද උන් වහන්සේ අපට වදාරන මේ කතාව කුමක් දැ”යි කී හ. 18උන් වහන්සේ ‘ස්වල්ප වේලාවකැ’යි කියන මේ දේ කුමක් ද? උන් වහන්සේ කියන කතාව අපට නොතේරේ” යයි කී හ. 19ඔවුන් තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට අදහස් කළ බව ජේසුස් වහන්සේ දැන, මෙසේ ඔවුන්ට වදාළ සේක: ” ‘ස්වල්ප වේලාවකින් ඔබ මා තවත් නොදක්නහු ය; එහෙත් තව ස්වල්ප වේලාවකින් ඔබ මා දක්නහු’යි මා කී මේ කරුණ ගැන ඔබ එකිනෙකා විචාරන්නහු ද? 20ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ හඬා වැලපෙන්නහු ය; එහෙත් ලෝකයා ප්‍රීති වන්නාහ. ඔබ දොම්නස් වන නමුත් ඔබේ දොම්නස සොම්නසට හැරෙනු ඇත.