මැයි 2027

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2027 මැයි 10

Easter Weekday/ Damien Joseph De Veuster of Moloka’i, Priest

Damien Joseph De Veuster of Moloka’i, Priest
First Reading

ක්‍රියා 19: 1-8

1තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටිය දී, පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට, එපීසයට පැමිණියේ ය. එහි දී ඔහුට සමහර ශ්‍රාවකයෝ හමු වූ හ. 2පාවුලු ඔවුන් අමතා: ”ඔබ අදහා ගත් කල ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබුවහු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු, ”නැත, ශුද්ධාත්මයාණන් වහන්සේ ඇති බවක් වත් නොඇසීමු”යි කී හ. 3එසේ වී නම්, ඔබ කුමන බව්තීස්ම-ස්නාපනයක් ලැබුවහු දැ”යි ඔහු ඇසී ය. ”ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය”යි ඔව්හු කී හ. 4පාවුලු කතා කොට, ”ජොහන් පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනයෙන් බව්තීස්ම-ස්නාපනය කොට සෙනඟට කතා කරමින්, තමන්ට පසු ව එන තැනැන් වහන්සේ කෙරෙහි, එනම් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා ලෙස සෙනඟට කී ය”යි පැවසී ය. 5ඔව්හු ඒ අසා ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. 6පාවුලු ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක. ඔව්හු අන්‍ය භාෂාවලින් කතා කරමින් දිවැස් වැකි පැවසූ හ. 7ඒ මනුෂ්‍යයෝ දොළොස් දෙනෙක් පමණ වූ හ. 8පාවුලු ධර්මශාලාවට ඇතුළු වී තුන් මසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ලෙස තර්ක කරමින් ද සිත් දිනාගැනීමට උත්සාහ කරමින් ද සාකච්ඡා කෙළේ ය.
Responsorial Psalm

ගීතාවලිය 68: 2-3ab, 4-5acd, 6-7ab

2සුළඟට ගසාගෙන යන දුමක් මෙන් එතුමාණෝ ඔවුන් පහකරන සේක; ගිනි ළඟ දිය වන ඉටි මෙන් දෙවිඳුන් අබිමුව දුදනෝ වැනසී යෙත් වා! 3එහෙත්, දැහැමියෝ දෙවිඳුන් අබිමුව ප්‍රීති ප්‍රමෝද වෙත් වා! ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයත් වා! 4දෙවිඳුන්ට ගී ගයන්න; එතුමන්ගේ නම කියා එතුමන් පසසන්න. වලාකුළු අරා වඩින සමිඳුන් හට මාවතක් පිළියෙළ කරන්න; එතුමන්ගේ නාමය සමිඳාණෝ ය, එතුමන් අබිමුව ප්‍රීතියෙන් සිටින්න. 5එතුමාණෝ, අනාථයන්ගේ පියාණෝ ද වැන්දඹුවන්ගේ ආරක්ෂකයාණෝ ද වන සේක. සිය ශුද්ධ නිවාසයෙහි වසන එතුමාණෝ දෙවිඳාණෝ ය. 6දෙවිඳාණෝ අනාථ වූවන්ට නිවෙස් තනා දෙන සේක; හිරකරුවන්ට නිදහස දෙන සේක; එහෙත්, කැරලිකරුවන් මරුකතරේ විසීමට හරින සේක. 7අහෝ දෙවිඳුනි! සෙනඟට පෙරටුවෙන් ඔබ ගමන් කළ සේක; කාන්තාරය ඔස්සේ යුද පෙරහරින් ඔබ වැඩිය සේක.
Alleluia

කොලොස් 3: 1

1ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබූ බැවින්, දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින තැන ඇති, ලොව්තුරු දේ ප්‍රාර්ථනා කරන්න.
Gospel

ශුද්ධ වූ ජොහන් 16: 29-33

29උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, ”ආ, දැන් ඔබ උපමා මඟින් නොව, පැහැදිලි ලෙස කතා කරන සේක. 30ඔබ සියල්ල දන්නා බව ද කිසිවෙකු ඔබගෙන් ප්‍රශ්න අසන්න නුවුවමනා බව ද දැන් අපි දනිමු. මෙයින්, ඔබ දෙවියන් වහන්සේ කෙරෙන් පැමිණි බව අපි විශ්වාස කරමු”යි කී හ. 31ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඔබ දැන් විශ්වාස කරන්නහු ද? 32ඒ කෙසේ වෙතත් ඔබ මා තනි කරදමා, තම තමන්ගේ තැන්වලට විසුරුවනු ලබන පැය පැමිණෙන්නේ ය; දැනටමත් එය පැමිණ තිබේ. එසේ වුවත් පියාණන් වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනි නොවෙමි. 33මේ දේවල් මා ඔබට කීවේ මා තුළ ඔබට ශාන්තිය ඇති වන පිණිස ය. ලෝකයෙහි ඔබට දුක්ගැහැට තිබේ. එහෙත් ධෛර්යවත් වන්න; මම ලෝකය අභිබවා ජයගතිමි”යි වදාළ සේක.