පෙබරවාරි 2028

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
272829
අද දිනට

කියවීම්

2028 පෙබරවාරි 5

Agatha, Virgin, Martyr Obligatory Memorial

දවසේ දේව මෙහෙය
First Reading

රාජාවලියේ පළමු වන පොත 3: 4-13

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Responsorial Psalm

ගීතාවලිය 119: 9, 10, 11, 12, 13, 14

9තරුණයෙකු තම දිවි මඟ පිවිතුරු ව තබාගන්නේ කෙසේ ද? ඔබේ ආඥාවට කීකරු වීමෙනි. 10මාගේ මුළු සිතින් ඔබ සෙවීමි; ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව. 11ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි. 12සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පණත් මට ඉගැන්නුව මැනව. 13ඔබ ප්‍රකාශ කළ සියලු නීති මාගේ මුවින් පතුරුවා හැරීමි. 14සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත් වෙමි.
Alleluia

ශුද්ධ වූ ජොහන් 10: 27

27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel

ශුද්ධ වූ මාර්ක් 6: 30-34

30ප්‍රේරිතයෝ ජේසුස් වහන්සේ වෙත රැස් ව තමන් කළ සියල්ල ද ඉගැන්වූ සියල්ල ද උන් වහන්සේට සැළ කළහ. 31එවිට උන් වහන්සේ කතා කරමින්, ”ඔබ පමණක් වෙන් ව, හුදකලා තැනකට අවුත් මඳ වේලාවක් විවේක ගන්නැ”යි ඔවුන්ට වදාළ සේක. එසේ කීවේ, ඔවුන්ට කෑම කන්න වත් අවකාශයක් නැති තරමට යන එන අය බොහෝ වූ බැවිනි. 32එවිට ඔව්හු පමණක් ඔරුවෙන් හුදකලා තැනකට ගියෝ ය. 33බොහෝ දෙනෙක් ඔවුන් යනවා දැක, ඔව්හු කවරහු දැ යි හැඳින, සියලු නුවරවලින් එක් වී ගොඩින් දිව අවුත්, ඔවුන්ට පෙර එහි පැමිණියහ. 34උන් වහන්සේ ගොඩට ආ කල, මහ පිරිසක් දැක, එඬේරෙකු නැති බැටළුවන් වැනි වූ, ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත් සේක.