කියවීම්
2028 පෙබරවාරි 17
Ordinary Weekday/ Seven Founders of the Order of Servites, Religious
Seven Founders of the Order of Servites, Religious
First Reading
ජාකොබ් 2: 1-9
1මාගේ සහෝදරයෙනි, ඔබ තේජශ්‍රීයෙන් වැජඹෙන, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහන නිසා, මිනිසුන්ගේ තරාතිරම් බැලීමෙන් වැළකෙන්න.
2රන් මුදු පැළඳ, ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් කෙනෙක් ද වැරහැලි ඇඳගත් දිළින්දෙක් ද ඔබගේ ධර්මශාලාවට පැමිණියෝ යයි සිතමු.
3ඔබ ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් අයට විශේෂ සැලකිලි දක්වා, ”කරුණාකර මෙහි, අසුන් ගන්න” කියා ද, දිළින්දාට, ”උඹ ඔතන හිටපන්”, නැත්නම් ”මාගේ පාපුටුව ළඟ බිම හිඳගන්නැ”යි කියා ද කීවොත්,
4ඔබ අතරෙ ම පක්ෂවාදිකම් ඇති කරන නපුරු සිතුවිලි සහිත විනිශ්චයකරුවන් නොවන්නේ ද?
5මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, සවන් දෙන්න, ඇදහිල්ලෙහි ධනවතුන් වන පිණිසත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, උන් වහන්සේ ලෝකයේ දිළිඳුන් තෝරා ගත්තේ කුමක්නිසා ද?
6එහෙත් ඔබ දිළිඳුන්ට අවමන් කළහු ය. ඔබට පීඩා කරන්නෝ ධනවත්තු නොවෙත් ද? නඩු ශාලාවලට ඔබ ඇදගෙන යන්නෝත්,
7ඔබ දරන උතුම් නාමයට අපහාස කරන්නෝත් ඔව්හු නොවෙත් ද?
8එසේ වුව ද, ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි: ”ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන රාජ නීතිය පවත් වන්නහු නම්, ඔබ කරන දෙය කදිම යි.
9එහෙත් මිනිසුන්ගේ තරාතිරම් සලකන්නහු නම්, ඔබ වරදකාරයන් බව ව්‍යවස්ථාව අනුව ඔප්පු වන බැවින් ඔබ කරන දෙය පාපයකි.
Responsorial Psalm
ගීතාවලිය 34: 2-3, 4-5, 6-7
2මම එතුමන්ගේ ගුණ වර්ණනා කරමි. නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා;
3මා සමඟ හිමි තුමන් වර්ණනා කරන්න; අපි එක් වී එතුමන්ගේ නාමය පසසමු.
4මම හිමි තුමන් සොයා ගියෙමි; එතුමාණෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූ සේක.
5එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබළෙන්නේ ය. ඔහුගේ මුහුණ කවදාවත් ලජ්ජාවෙන් අඳුරු නොවන්නේ ය.
6හිමි තුමන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය; එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.
7හිමි තුමන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.
Alleluia
ශුද්ධ වූ ජොහන් 6: 63c, 68c
63ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි.
68සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, ”ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය.
Gospel
ශුද්ධ වූ මාර්ක් 8: 27-33
27ජේසුස් වහන්සේ ද ශ්‍රාවකයෝ ද පිලිප්පි කායිසාරියේ ගම්වලට නික්ම ගියහ. මඟ දී උන් වහන්සේ, කතා කරමින්, ”මා කවරෙකු කියා මිනිස්සු කියත් දැ”යි ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක.
28ඔව්හු උත්තර දෙමින්, ”සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’යි කියති; සමහරෙක්, ‘එලියා ය’යි කියති; අන් සමහරෙක්, ‘දිවැසිවරයන්ගෙන් කෙනෙකැ’යි කියති”යි පැවසූ හ.
29මා කවරෙකු කියා ඔබ කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ”ඔබ ක්‍රිස්තුවරයාණෝ ය”යි පේදුරු පිළිතුරු දුන්නේ ය.
30උන් වහන්සේ ද තමන් ගැන කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට අණ කළ සේක.
31එවිට උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්නටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් මරනු ලබන්නටත්, තෙ දිනකට පසු නැවත නැඟිටින්නටත් නියම බව ඔවුන්ට උගන්වන්න පටන්ගත් සේක.
32උන් වහන්සේ මේ ගැන ප්‍රසිද්ධියේ ම කතා කළ සේක. එකල පේදුරු උන් වහන්සේ පසෙකට ගෙන, උන් වහන්සේට තදින් චෝදනා කෙළේ ය.
33උන් වහන්සේ හැරී, සිය ශ්‍රාවකයන් දෙස බලා, පේදුරුට තදින් චෝදනා කරමින්, ”සාතන්, අහකට යව, නුඹ සිතන්නේ, මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.