පෙබරවාරි 2028

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
272829
අද දිනට

කියවීම්

2028 පෙබරවාරි 23

Polycarp, Bishop, Martyr Obligatory Memorial

දවසේ දේව මෙහෙය
First Reading

ජාකොබ් 4: 13-17

13අද හෝ හෙට හෝ අපි අසවල් නගරයට ගොස් එහි අවුරුද්දක් නැවතී වෙළහෙළඳාම් කොට ලාභ උපයාගන්නෙමු”යි කියන තැනැත්තෙනි, සවන් දෙන්න. 14හෙට කුමක් වේ දැ යි ඔබ නොදන්නහු ය. ඔබගේ ජීවිතය කුමක් ද? ඔබ මඳ වේලාවක් පෙනී, පසු ව නොපෙනී යන මීදුමක් වැන්න. 15එබැවින් ඔබ කිය යුත්තේ: ”සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම්, අපි ජීවත් වී ඒ දෙය හෝ මේ දෙය හෝ කරන්නෙමු”යි කියා ය. 16එහෙත් දැන් ඔබ පුරසාරම් දොඩමින් අහංකාරයෙන් පාරට්ටු කරගන්නහු ය. එවැනි සියලු පුරසාරම් දෙඩීම් නපුරු ය. 17එබැවින් යමෙක් කළ යුතු යහපත දැන දැනත් එය නොකරන්නේ නම්, ඔහු පව්කාරයෙකි.
Responsorial Psalm

ගීතාවලිය 49: 2-3, 6-7, 8-10, 11

2ලොකු කුඩා සියල්ලෙනි, දුප්පත් පොහොසත් සියල්ලෙනි, සවන් දෙන්න. 3මම නැණවත් සිතුවිලි සිතමි; මම පැණවත් වදන් පවසමි. 6සිය ධන සම්පත් කෙරේ විශ්වාසය තැබූ, සිය වස්තු සම්භාරය නිසා අහංකාර වූ අය මා අවටින් සිටින විට, මම කිසිසේත් බිය නොවන්නෙමි. 7තම විමුක්තිය තමාට ම සාදා ගත නොහැකි ය; ජීවිතය සඳහා මිදීමේ මිලය දෙවිඳුන්ට ගෙවීමට ඔහුට නුපුළුවන. 8මිනිසෙකුගේ ජීවිතය සඳහා ගෙවිය යුතු මිදීමේ මිලය ඉතා විශාල ය; මිනී වළට යාමෙන් වැළකෙන පිණිසත්, 9සදා ජීවත් වීමට වරයක් ලබන පිණිසත්, තමා විසින් ගෙවනු ලැබිය හැකි මිලය කිසිසේත් නොසෑහේ. 10පැණවතුන් මියයන බව ද නූගතුන් හා අනුවණයන් යන දෙගොල්ල ම වැනසෙන බව ද ඔවුන්ගේ ධනය අනුන්ට තබා යන බව ද නොදන්න කෙනෙක් නැත. 11වරක් ඔවුන්ගේ ම නමින් ගම්බිම් තිබුණ නමුත්, දැන් ඔවුන්ගේ ගෙවල් සදහට ම සොහොන් ගෙවල් වී ඇත. ඔවුන් එහි සදහට ම වාසය කරනු ඇත.
Alleluia

ශුද්ධ වූ ජොහන් 14: 6

6ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නො‍් ය.
Gospel

ශුද්ධ වූ මාර්ක් 9: 38-40

38ජොහන් උන් වහන්සේට කතා කොට, ”ගුරුදේවයෙනි, අප අනුගමනය නොකරන කෙනෙකු ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු කරනු දුටිමු; ඔහු අප අනුගමනය නොකරන නිසා අපි ඔහුට එය තහනම් කෙළෙමු”යි කීවේ ය. 39එහෙත් ජේසුස් වහන්සේ ”තහනම් නොකරන්න. මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරෙකුටවත් ඒ හුස්මෙන්‍ ම මා ගැන අපවාදයක් කරන්න නොහැකි ය. 40අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයෙහි ය.