අප්‍රේල් 2028

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
30
අද දිනට

කියවීම්

2028 අප්‍රේල් 24

Easter Weekday/ Fidelis of Sigmaringen, Priest, Martyr

Fidelis of Sigmaringen, Priest, Martyr
First Reading

ක්‍රියා 4: 23-31

23පේදුරු හා ජොහන් නිදහස් කරනු ලැබූ පසු, සිය මිතුරන් වෙතට ගොස්, නායක පූජකයන් ද ප්‍රජා මූලිකයන් ද තමන්ට කී දේ සැළ කළහ. 24මෙය ඇසූ ඔව්හු, එක හඬින් දෙවියන් වහන්සේට මෙසේ යාච්ඤා කළහ: ”මහෝත්තම ස්වාමීනි, අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැව්වේ ඔබ වහන්සේ ය. 25ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, ඔබගේ දාසයා වූ ද අපගේ පියා වූ ද දාවිත් රජුගේ මුඛයෙන් කතා කරමින්, ‘විජාතීන් කො‍්ප වූයේ කුමට ද? ජනයන් නිෂ්ඵල උපා යෙදූයේ කුමට ද? 26සමිඳාණන් වහන්සේට ද සිය මෙසියස්වරයාණන්ට ද විරුද්ධ ව, පොළොවේ රජවරු සැරසී සිටියාහ, අධිපතියෝ ද එක්රැස් වූ හ’යි ඔබ වහන්සේ වදාළ සේක. 27සැබැවින් ම, ඔබ ආලේප කළ ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේට විරුද්ධ ව හෙරොද් හා පොන්තියුස් පිලාත්, විජාතීන් ද, ඉශ්රායෙල් ජනයා ද සමඟ මේ නුවර රැස් වූ හ. 28එසේ කෙළේ ඔබගේ බලයෙන් හා කැමැත්තෙන් සිදුවන්නට ඔබ පෙර නියම කළ සියල්ල ඉටුවන පිණිස ය. 29දැන් ඉතින් ස්වාමීනි, ඔවුන්ගේ තර්ජන සලකා බලා ඔබගේ වචනය නිර්භීත ව ප්‍රකාශ කිරීමට ඔබගේ දාසයන්ට වර දුන මැනව. 30සුව කිරීමට ඔබගේ හස්තය දිගු කළ මැනව; තවද, ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේගේ නාමානුභාවයෙන් ලකුණු ද අරුමපුදුම දේ ද සිදු කළ මැනව.” 31මෙසේ යාච්ඤා කළ පසු, ඔවුන් රැස් ව සිටි ස්ථානය කම්පා විය. ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස ප්‍රකාශ කළහ.
Responsorial Psalm

ගීතාවලිය 2: 1-3, 4-6, 7-9

1ජාතීන් විප්ලවයට සැරසෙනුයේ මන් ද? ජනතාවන් නිස්සාර කුමන්ත්‍රණ කරනුයේ මන් ද? 2සමිඳාණන්ට ද එතුමන්ගෙන් අබිසෙස් ලත් නිරිඳාණන්ට ද මහීපාලයෝ විරෝධී ව නැඟිට සිටින්නෝ ය; අධිපතිවරු එක් රැස් වී උපා යොදන්නෝ ය. 3අප හිර කර ඇති විලංගු බිඳදමමින්, යදම් කඩාදමමින් ‘අපි නිදහස ලබමු’යි ඔව්හු පවසන්නෝ ය. 4සගලොව සිහසුන් අරා වැඩ සිටින උත්තමයාණෝ සිනාසෙන සේක. 5සමිඳාණෝ ඔවුන් හට පරිහාස කරන සේක; එකල උන් වහන්සේ කෝපයෙන් ඔවුන්ට තරවටු කරන සේක; උදහසින් ඔවුන්ට තර්ජන කරන සේක. 6මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි. 7මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි; එතුමාණෝ මට කතා කොට, ”නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි. 8නුඹ කැමැති දෙයක් මාගෙන් අයැදින්න. සකල ජාතීහු නුඹ උරුමය වන්නෝ ය; මුළු මහ පොළොව ද නුඹ සන්තක වන්නේ ය. 9නුඹ දරදඬු පාලනයකින් ඔවුන් සිඳබිඳ, මැටි බඳුනක් සේ සුණු විසුණු කර ඇතැ”යි වදාරන සේක.
Alleluia

කොලොස් 3: 1

1ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබූ බැවින්, දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින තැන ඇති, ලොව්තුරු දේ ප්‍රාර්ථනා කරන්න.
Gospel

ශුද්ධ වූ ජොහන් 3: 1-8

1එකල පරිසිවරුන්ගෙන් කෙනෙක් වූ ද, ජුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක් වූ ද, නිකොදේමුස් නම් මිනිසෙක් විය. 2ඔහු එක් රැයක උන් වහන්සේ වෙත අවුත්, ”ගුරුදේවයෙනි, ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙකැ යි අපි දනිමු; මන්ද, දෙවියන් වහන්සේ තමා සමඟ වැඩ නොසිටින සේක් නම්, කිසිවෙකුට ඔබ කරන මේ හාස්කම් කළ නොහැකි ය”යි කී ය. 3ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙක් නැවත නූපන්නොත්, ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකගත නොහැකි ය”යි ඔහුට වදාළ සේක. 4නිකොදේමුස්, කතා කරමින්, ”මනුෂ්‍යයෙකු මහලු ව සිටිය දී, උපදින්නට පුළුවන් කොහොම ද? දෙ වන වරටත් මවු කුසට පිවිස උපත ලැබිය හැකි දැ”යි ඇසී ය. 5ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි; යමෙකු වතුරෙන් ද ආත්මයාණන්ගෙන් ද නූපන්නොත්, ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකි ය. 6කයින් උපදින දේ කායික ය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මික ය; 7‘ඔබ නැවත උපදින්නට ඕනෑ ය’යි මා කීවාට පුදුම නොවන්න. 8සුළඟ සිතු සිතූ තැන් වල හමයි; එහි ශබ්දය ඔබට ඇසෙයි. එහෙත්, එය කොතැනින් එන්නේ ද කොතැනට යන්නේ දැ යි ඔබ නොදන්නහු ය. ආත්මයාණන්ගෙන් ජනිත වූ හැම කෙනෙකුන් ද එසේ ම ය”යි වදාළ සේක.