මාර්තු 2027

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28293031
අද දිනට

කියවීම්

2027 මාර්තු 4

Lenten Weekday/ Casimir

Casimir
First Reading

ජෙරමියා 7: 23-28

23එහෙත්, මා ඔවුන්ට අණ කෙළේ, ‘මාගේ හඬට කීකරු වන්න, එවිට මම නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා ද මාගේ සෙනඟ වන්නහු ය; නුඹලාට ශුභසිද්ධ වන පිණිස මා නුඹලාට අණ කරන මාර්ගය අනුව හැසිරෙන්න, කියා ය. 24එහෙත්, ඔව්හු සවන් දෙන්නේ වත්, කීකරු වන්නේ වත් නැති ව, හිතුමතේ ද මුරණ්ඩු සිත්වල දුෂ්ට අදහස් අනුව ද හැසිරෙමින් ඉදිරියට යෑම වෙනුවට පසුබැස ගියහ. 25නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටත් ව පැමිණි දා සිට අද දක්වා, නොකඩවා මම මාගේ සේවකයන් වූ දිවැසිවරුන් ඔවුන් වෙත එවීමි. 26එහෙත්, ඔවුන් සවන් දුන්නේ වත්, කන් යොමු කෙළේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු මුරණ්ඩු වී ඔවුන්ගේ පියවරුන්ටත් වඩා නපුරුකම් කළෝ ය. 27‘ජෙරමියා, නුඹ මේ සියලු වචන ඔවුන්ට කතා කර කියන නමුත්, ඔව්හු නුඹලාට සවන් නොදෙන්නෝ ය. නුඹ ඔවුන්ට අඬගසන නමුත්, ඔව්හු නුඹට උත්තර නොදෙන්නෝ ය. 28එබැවින් ඔව්හු තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කන් නුදුන්, දැනුමැතිකම නොපිළිගත් ජාතියකි; සත්‍යය ඔවුන් තුළ නැත. ඒ සියල්ල ම ඔවුන්ගේ මුඛයෙන් අතුරුදහන් වී ඇතැ’යි කියන්න.”
Responsorial Psalm

ගීතාවලිය 95: 1-2, 6-7, 8-9

1එන්න, සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට සාදු හඬ නඟා තුති ගී ගයමු. 2තුති ගී ගයා එතුමන් අබිමුවට ගමන් කරමු; එතුමන් හට ජය මංගල ගී ගයමු. 6එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු. 7එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත! 8පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න. 9එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය. මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය.
Verse Before the Gospel

ජෝවෙල් 2: 12-13

12සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”උපවාසයෙන් ද වැලපීමෙන් ද මුළු සිතින් දැන් වත් මා වෙත හැරී එන්න. 13වත ඉරාගෙන නොව, සිත ඉරාගෙන, නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න. මන්ද, එතුමාණෝ, කරුණාභරිත, දයාන්විත, වහා නොකිපෙන, තිර පෙමින් සමන්විත, කමා වීමට කැමැති දෙවි කෙනෙකි.
Gospel

ශුද්ධ වූ ලූක් 11: 14-23

14වරක්, උන් වහන්සේ ගොළු දුෂ්ටාත්මයෙකු දුරු කරමින් සිටි සේක. දුෂ්ටාත්මය දුරුවෙත් ම ගොළු මිනිසා කතා කෙළේ ය. සමූහයෝ පුදුම වූ හ. 15එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් කතා කොට, ”මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපති වූ බෙල්සෙබුල්ගේ අනුහසින් ය”යි කී හ. 16අන් සමහරු උන් වහන්සේ වචනයකින් අල්ලාගන්න පිණිස, ස්වර්ගයෙන් හාස්කමක් උන් වහන්සේගෙන් ඉල්ලූ හ. 17උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන මෙ‍සේ වදාළ සේක: ”ඊට ම විරෝධී ව භේද වූ යම් රාජ්‍යයක් ඇද්ද එය පාළු වන්නේ ය, ඊට ම විරෝධී ව භේද වූ යම් ගෙදරක් ඇද්ද එය පිරිහී යන්නේ ය. 18සාතන් ඔහුට ම විරෝධී ව භේද ව සිටී නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මා දුෂ්ටාත්මයන් දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් යයි ඔබ කියන්නාහු ය. 19එහෙත් මම බෙල්සෙබුල්ගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, ඔබගේ අනුගාමිකයෝ කවරකුගේ අනුහසින් ඔවුන් දුරු කරද් ද? මෙ‍ලෙස ඔබේ අනුගාමිකයෝ ම ඔබේ තර්කය බිඳදමති. 20එහෙත් මම දෙවියන් වහන්සේගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, සැබැවින් ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙහි උදා වී ඇත. 21අවිආයුධ ගත් බලවන්තයකු සිය නිවස රක්නා කල ඔහු සතු දේපළ සුරක්ෂිත ව ඇත. 22එහෙත් ඔහුට වඩා බලවන්තයෙක් අවුත් ඔහු මැඩපවත්වන්නේ නම්, ඔහු විශ්වාසය තැබූ ආයුධ පැහැරගෙන, කොල්ලකාගත් දේ බෙදාගන්නේ ය. 23මාගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂ ය; මා සමඟ රැස් කිරීමට උදව් නොකරන්නා විසුරුවා දමන්නේ ය.”