මාර්තු 2027

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28293031
අද දිනට

කියවීම්

2027 මාර්තු 8

Lenten Weekday/ John of God, Religious Founder

John of God, Religious Founder
First Reading

යෙසායා 65: 17-21

17සමිඳාණෝ මෙසේ වදාරන සේක: ”මම අලුත් අහසක් ද අලුත් පොළොවක් ද මවමි; පසුගිය දේ මතක් කරන්නේ වත්, සිහි කරනු ලබන්නේ වත් නැත. 18මා මවන දේ ගැන සදහට ම ප්‍රීති සන්තෝෂ වන්න. මා මවන අලුත් ජෙරුසලම ප්‍රීතියෙන් පූර්ණ වන්නේ ය; එහි වැසියෝ සොම්නසින් වෙසෙති. 19මම ජෙරුසලම කෙරෙහිත්, මාගේ සෙනඟ කෙරෙහිත් ප්‍රසන්න වෙමි. ඇඬීමේ ශබ්දයක් වත්, පීඩිත වේදනාවේ ශබ්දයක් වත් එහි තවත් නොඇසෙන්නේ ය. 20ස්වල්ප දවසකින් මැරෙන බිළින්දෝ තවත් එහි නොවෙති; පූර්ණ ආයු නොවළඳා මැරෙන මහල්ලෝ නොසිටිති. සිය වසක් ජීවත් වන්නා ‘තරුණයෙකැ’යි ගණන් ගනු ලැබේ. ඒ වයසට පෙර නැසී යන්නා ‘සාප ලද්දෙකැ’යි ගණන් ගනු ලැබේ. 21ඔව්හු ගෙවල් ගොඩනඟාගෙන එහි වාසය කරන්නෝ ය. මිදි වතු වවාගෙන එහි පලදාව කන්නෝ ය.
Responsorial Psalm

ගීතාවලිය 30: 2 and 4, 5-6, 11-12a and 13b

2මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක. 4පින්වතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න; ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න. 5මන්ද, එතුමන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය. එතුමන්ගේ කරුණාව දිවි ඇති තාක් ය. රැයේ හැඬීම පවතියි; උදය ප්‍රීතිය උදා වෙයි. 6සැප සම්පතේ දී කිසිදාක මම නොසෙල්වෙන්නෙමි”යි කියා ගතිමි. 11ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙවු සේක. ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටු පිළියෙන් මා සැරසූ සේක. 12දැන් ඉතින් මම නිහඬ ව නොසිටිමි. ඔබට ගී පසස් ගයන්නෙමි. මාගේ දෙවි සමිඳුනි, සදහට ම ඔබ හට ගී ගයන්නෙමි.
Verse Before the Gospel

ආමොස් 5: 14

14ජීවත් වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට ඔබ සමඟ සිටින සේකැ යි ඔබ කියන සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඇත්තෙන් ම ඔබ සමඟ සිටින සේක.
Gospel

ශුද්ධ වූ ජොහන් 4: 43-54

43ඒ දෙදවසට පසු, උන් වහන්සේ එතැනින් නික්ම ගලීලයට වැඩම කළ සේක. 44මන්ද, ”ගමේ දිවැසිවරයා ගමට අගේ නැතැ”යි කීවේ උන් වහන්සේ ම ය. 45එහෙත් ජෙරුසලමෙහි මංගල්‍යයේ දී උන් වහන්සේ කළ සියල්ල දුටු බැවින්, ගලීලයෝ උන් වහන්සේ උත්සවාකාරයෙන් හොඳින් පිළිගත්හ. 46යළිත් උන් වහන්සේ ගලීලයේ කානා නම් ගමට වැඩම කළ සේක. උන් වහන්සේ විසින් වතුර මිදියුස බවට හරවන ලද්දේ එහි දී ය. එකල, එහි එක්තරා රාජ්‍ය නිලධාරියෙක් විය. ඔහුගේ පුත්‍රයා රෝගාතුර ව කපර්ණවුමෙහි සිටියේ ය. 47ජේසුස් වහන්සේ ජුදයේ සිට ගලීලයට වැඩම කළ බව අසා, ඔහු උන් වහන්සේ වෙතට ගොස්, තම පුත්‍රයා මරණාසන්න ව සිටින බැවින්, අවුත් ඔහු සුව කරන මෙන් උන් වහන්සේගෙන් අයැද සිටියේ ය. 48ජේසුස් වහන්සේ, ”ඔබ ලකුණු ද අරුමපුදුම දේ ද දුටුවොත් මිස විශ්වාස නො කරන්නාහු ය”යි ඔහුට වදාළ සේක. 49රාජ්‍ය නිලධාරියා ද, ”මහතාණෙනි, මාගේ දරුවා මියයන්නට පෙර වැඩිය මැනවැ”යි අයැදී ය. 50ජේසුස් වහන්සේ කතා කරමින්, ”යන්න, ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි ඔහුට වදාළ සේක. ඒ තැනැත්තා ජේසුස් වහන්සේ වදාළ වචනය විශ්වාස කරගෙන ගියේ ය. 51ඔහු යන කල, ඔහුගේ දාසයෝ පෙරමඟට අවුදින්, ”ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි කී හ. 52එවිට, ”පුත්‍රයා සුවය ලබන්න පටන්ගත්තේ කොයි වේලාවේ දැ”යි ඔහු ඔවුන්ගෙන් විමසී ය. ”ඊයේ පස්වරු එකට පමණ උණ බැස්සේ ය”යි ඔව්හු කී හ. 53ඔබගේ පුත්‍රයා ජීවත් වන්නේ ය”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළේ, ඒ මොහොතේ දී යයි දැනගත් බැවින්, ඔහු ද, ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද එතුමන් අදහාගත්හ. 54මේ වනාහි, ජේසුස් වහන්සේ ජුදයේ සිට ගලීලයට පැමිණි පසු, කළ දෙ වන දේව බල ප්‍රකාශනය වේ.