මාර්තු 2027

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28293031
අද දිනට

කියවීම්

2027 මාර්තු 12

Lenten Weekday. Day of Abstinence from Meat (Age 14 and up).

දවසේ දේව මෙහෙය
First Reading

සලමොන්ගේ ප්‍රඥාව 2: 1a, 12-22

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Responsorial Psalm

ගීතාවලිය 34: 17-18, 19-20, 21 and 23

17දැහැමි අය අයැදුම් කළහ; හිමි තුමාණෝ සවන් දී සියලු දුක් වේදනාවලින් ඔවුන් මිදූ සේක. 18හිමි තුමාණෝ බිඳුණු සිත් ඇත්තන්ට ළං ව සිටින සේක; තැළුණු හදවත් ඇත්තන්ට පිහිට වන සේක. 19දමිටුන්ට බොහෝ ආපදා ඇතත්, හිමි තුමාණෝ ඒ සියල්ලෙන් ඔවුන් මුදා හරින සේක. 20එතුමාණෝ ඔවුන්ගේ ඇඟේ එක ඇටයකුදු නෑර ඔවුන් රක්නා සේක; ඉන් එකක් වත් බිඳෙන්න නොහරින සේක; 21දුෂ්ටයා නපුරෙන් වැනසෙයි. දැහැමි අයට දෙස් තබන්නෝ දඬුවම් ලබන්නෝ ය.
Verse Before the Gospel

ශුද්ධ වූ මතෙව් 4: 4b

4උන් වහන්සේ උත්තර දෙමින්, ” ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ ජොහන් 7: 1-2, 10, 25-30

1ඉන්පසු ජේසුස් වහන්සේ ගලීලයේ සැරිසරමින් සිටි සේක. ජුදෙව්වරුන් තමන් මරන්නට සෙවූ බැවින්, උන් වහන්සේ ජුදයෙහි සැරිසරන්ට නොකැමැති වූ සේක. 2එකල ජුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළං ව තිබිණි. 10එහෙත්, තමන්ගේ සහෝදරයන් මංගල්‍යයට ගිය පසු, උන් වහන්සේ ද ප්‍රසිද්ධියේ නොව, රහසින් මංගල්‍යයට වැඩිය සේක. 25එබැවින්, ජෙරුසලම් වැසි ඇතැමෙක්, ”ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නොවේ ද? 26එසේ වුව ද ඔහු එළිපිට ම කතා කරයි. එහෙත්, ඔව්හු කිසිවක් ඔහුට නොකියති. මේ ක්‍රිස්තුවරයාණන් බව ප්‍රධානීන් දැන සිටිනවා විය හැකි ද? 27කෙසේ වෙතත්, මොහු පැමිණියේ කොහෙන් දැ යි අපි දනිමු. එහෙත් ක්‍රිස්තුවරයාණන් පැමිණි විට උන් වහන්සේ කොතැනින් වඩින සේක් දැ යි කිසිවෙක් දැන නොගනිති”යි කී හ. 28එවිට ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී හඬනඟා අනුශාසනා කරමින් මෙසේ වදාළ සේක: ”ඔබ සැම මා දන්නහු ය, මා පැමිණියේ කොතැනින් ද කියාත් දන්නහු ය. එහෙත් මා පැමිණියේ, මාගේ ම කැමැත්තෙන් නොවේ. මා එවා වදාළේ සත්‍යය ම වන තැනැන් වහන්සේ ය. ඔබ උන් වහන්සේ නොදන්නහු ය. 29එහෙත් මම උන් වහන්සේ දනිමි; කුමක් හෙයින් ද, මම උන් වහන්සේ කෙරෙන් පැමිණියෙමි; මා එවා වදාළේ උන් වහන්සේ ය.” 30මෙසේ වදාළ විට, ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. ඒ නමුත්, උන් වහන්සේගේ නියමිත මොහොත නොපැමිණි බැවින් කිසිවෙක් උන් වහන්සේ පිට අත් නොතැබූ හ.