මාර්තු 2027

බ්‍ර සි සෙ
123456
78910111213
14151617181920
21222324252627
28293031
අද දිනට

කියවීම්

2027 මාර්තු 13

Lenten Weekday

දවසේ දේව මෙහෙය
First Reading

ජෙරමියා 11: 18-20

18මාගේ සතුරන් මට විරුද්ධ ව කරන්න අදහස් කළ නපුරු දේ ගැන සමිඳාණන් වහන්සේ මට දැන්වූ බැවින් මම එය දැනගත්තෙමි. 19මම, මරණයට ගෙනයන හීලෑ බැටළු පැටවෙකු මෙන් සිටියෙමි; ‘අපි පල සමඟ ගස සිඳදමන ලෙස ඔහුගේ නම තවත් ඉතිරි නොවන පිණිස ජීවත් ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු නැති කර දමමු’යි ඔවුන් මට විරුද්ධ ව උපා යෙදූ බව මම නොදැන සිටියෙමි. 20ජෙරමියා යාච්ඤා කරමින්, ”යුක්ති සහගත ලෙස විනිශ්චය කරන, හෘදයත්, සිතත් විමසන සියලු බලැති සමිඳුනි, මාගේ නඩුව මා ඔබ ඉදිරියේ තබා ඇති බැවින් ඔවුන්ගෙන් ඔබ පළි ගනු දැකීමට මට ඉඩ ලැබේ වා!”යි කී ය.
Responsorial Psalm

ගීතාවලිය 7: 2-3, 9bc-10, 11-12

2නැතහොත්, ගළවන්නට බැරි තැනකට සිංහයෙකු මෙන්, ඔවුන් මා ඩැහැගෙන යනු ඇත; එහිදී මා කැබලි කොට මරා දමනු ඇත. 3සමිඳුනි, මාගේ දෙවියෙනි, කෙනෙකුට යම් අයුක්තියක් මා කර ඇත්නම්, 9මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න; දහම් රජය පිහිටුවන්න. 10දෙවිඳාණෝ මට රැකවරණය දෙන පලිහ වන සේක; අවංක සිත් ඇතියන් හට පිළිසරණ වන සේක. 11දෙවිඳාණෝ දැහැමි විනිසකරුවෙක් වන සේක; එහෙත් නිරතුරු ව උදහස් ව නොසිටින සේක. 12පවිටු දනන් වැරදි මඟින් නොහැරෙන විට, දෙවිඳාණෝ සිය අසිපත තියුණු කරන සේක; දුනු දිය තැත්කවා සූදානම් කරන සේක.
Verse Before the Gospel

ශුද්ධ වූ ලූක් 8: 15

15සරු බිමේ වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ අවංක, පිරිසිදු සිතකින් වචනය අසා, පිළිපැද, නොපසුබට වීර්යයෙන් පල දරන අය ය.”
Gospel

ශුද්ධ වූ ජොහන් 7: 40-53

40මේ වචන ඇසූ කල සෙනඟගෙන් සමහරු, ”මොහු, සැබැවින් ම ඒ දිවැසිවරයාණෝ ය”යි කී හ. 41අන් සමහරු, ”මේ ක්‍රිස්තුස් ය”යි කී හ. තවත් සමහරු ”ක්‍රිස්තුවරයාණන් වඩින්නේ ගලීලයෙන් ද? 42ක්‍රිස්තුවරයාණන් දාවිත්ගේ වංශයෙන්, දාවිත් විසූ ගම වන බෙත්ලෙහෙ‍මෙන්, වඩින බව ශුද්ධ ලියවිල්ලෙහි ලියා නැද්දැ”යි ඇසූ හ. 43මෙසේ උන් වහන්සේ නිසා සමූහයා අතර භේදයක් හටගත්තේ ය. 44ඔවුන් අතරෙන් සමහරෙක් උන් වහන්සේ අල්ලාගන්නට සිතූ හ. එහෙත්, කිසිවෙක් උන් වහන්සේ පිට අත නොතැබූ හ. 45ඉක්බිති, මුර සේවකයෝ නායක පූජකයන් ද පරිසිවරුන් ද වෙතට පෙරළා පැමිණියහ. ඔව්හු ද, ”නුඹලා ඔහු නොගෙනාවේ මන්දැ”යි ඇසූ හ. 46කවර මිනිසෙක් වත් මෙසේ කතා නොකෙළේ ය”යි මුර සේවකයෝ පිළිතුරු දුන්හ. 47පරිසිවරු පිළිතුරු දෙමින්, ”නුඹලාත් මුළා වූවාහු ද? 48ප්‍රධානීන්ගෙන් වත් පරිසිවරුන්ගෙන් වත් කිසිවෙක් ඔහු අදහාගත්තෝ ද? 49ව්‍යවස්ථාව නොදත් මේ සෙනඟ සාප ලද්දො‍් ය”යි කී හ. 50ඔවුන්ගෙන් එක් කෙනෙක් වූ, මීට පෙර උන් වහන්සේ වෙත ගිය නිකොදේමුස් කතා කොට, 51පළමුකොට යම් මිනිසකුගෙන් කරුණු නොවිමසා, ඔහු කරන්නේ කුමක් දැ යි තේරුම් නොගෙන, අපේ ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කළ හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. 52ඔව්හු පිළිතුරු දෙමින්, ”ඔබත් ගලීලයෙක් ද? ගලීලයෙන් දිවැසිවරයෙක් එන්නේ ද කියා සොයා බලන්නැ”යි කී හ. d 53එවිට සියල්ලෝ ම තම තමන්ගේ ගෙවලට ගිය හ.