අගෝස්තු 2028

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
2728293031
අද දිනට

කියවීම්

2028 අගෝස්තු 22

Queenship of the Blessed Virgin Mary Obligatory Memorial

දවසේ දේව මෙහෙය
First Reading

එසකියෙල් 28: 1-10

1සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි තීර්ගේ අධිපතියාට කියන්න. නුඹ දෙවි කෙනෙකු නොව, මනුෂ්‍යයෙකු වන නමුත්, නුඹේ සිත උඩඟු වී, මම දෙවි කෙනෙක්මි. මුහුද මැද මම දෙවි කෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමි යි කියමින්, නුඹ දෙවිඳුන්ට සමාන ය යි සිතන්නෙහි ය. 3නුඹ දානියෙල්ට වඩා ප්‍රඥාවන්ත ය යි ද නුඹෙන් කිසි රහසක් සඟවන්නට බැරි ය යි ද නුඹ සිතන්නෙහි ය. 4නුඹේ ප්‍රඥාවෙන් ද නුඹේ නුවණින් ද නුඹ සම්පත් උපදවාගෙන, රන් රිදී ද ලබා නුඹේ ගබඩාවල තබා ගත්තෙහි ය. 5නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළෙඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩි කරගෙන සිටින බැවින්, නුඹේ සම්පත් නිසා නුඹේ සිත උඩඟු වී තිබේ. 6එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹ දෙවි කෙනෙකු මෙන් ඥානවන්ත යයි සිතන බැවින්, 7බලන්න, මම ජාතීන් අතරෙන් ඉතා භයානක විදේශිකයන් නුඹට විරුද්ධ ව පමුණුවන්නෙමි. ඔව්හු නුඹේ අපූරු ප්‍රඥාවට විරුද්ධ ව තමන්ගේ කඩු ඇද නුඹේ දීප්තිය කිළුටු කරනු ඇත. 8ඔවුන් නුඹ මිනීවළට පමුණුවනු ඇත. මැරුම්කන අය මරනු ලබන ලෙස නුඹ මුහුද මැද දී මැරෙනු ඇත. 9නුඹ දෙවි කෙනෙකු නොව, නුඹ සතුරන් අතට අසු වී හුදෙක් මිනිසෙකු ව සිටින නමුත්, නුඹව මරාදමන්නන් ඉදිරියෙහි, ‘මම දෙවි කෙනෙක්මි’යි එවිටත් නුඹ කියා සිටින්නෙහි ද? 10අචර්මඡේදිතයන් මෙන් නුඹ විදේශිකයන් අතින් මැරුම්කන්නෙහි ය. මන්ද, මම එසේ කීයෙමි. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”
Responsorial Psalm

ද්විතීය නීති සංග්‍රහය 32: 26-27ab, 27cd-28, 30, 35cd-36ab

26ඔවුන් දස දෙස විසුරුවා හැර, ඔවුන්ගේ නම මිනිසුන් අතරෙන් මකාදමමි. මෙය මාගේ තීරණය වේ. 27‘අපි ජයගත්තේ අපේ අතිනි. මෙය කෙළේ සමිඳාණන් නොව, අපි ම ය’යි සතුරන් වරදවා කියා මා උදහසට පත් නොකරනු වස්, මම එසේ නොකෙළෙමි. 28ඉශ්රායෙල්වරු නැණනුවණ මදි ජාතියකි; ප්‍රඥා හීන සෙනඟකි. 30ඔවුන්ගේ පර්වතයාණො‍්, ඔවුන් නොවික්ක සේක් නම්, සමිඳාණො‍්, ඔවුන් පාවා නුදුන් සේක් නම්, එක් කෙනෙක් දහසක් ද දෙන්නෙක් දස දහසක් ද පලවා හරින්නේ කෙසේ ද? 35ඔවුන් වැරදි පියවරක් ගන්න විට පළිගැනීම හා ප්‍රතිඵල දීම මාගේ ය. ඔවුන්ගේ විපත්ති දවස ළඟ ය; ඔවුන්ගේ ඉරණම වහා පැමිණේ. 36තම ජනයාගේ බලය නැති වූ බව, දාසයා ද නිර්දාසයා ද නැති බව, සමිඳාණො‍් දැක; සිය සෙනඟට යුක්තිය ඉටු කරන සේක; ඔවුන්ට අනුකම්පා කරන සේක.
Alleluia

2 කොරින්ති 8: 9

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Gospel

ශුද්ධ වූ මතෙව් 19: 23-30

23එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, ”සැබැවින් ම මම ඔබට කියමි. ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම දුෂ්කර ය. 24යළිත් මම ඔබට කියමි, ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය”යි වදාළ සේක. 25ශ්‍රාවකයෝ ඒ අසා අතිශයින් මවිත වී, ”එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඇසූ හ. 26ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, ”මිනිසුන්ට නම් එසේ කළ නොහැකි ය; එහෙත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය”යි වදාළ සේක. 27එවිට පේදුරු කතා කරමින්, ”බලන්න, අපි නම් සියල්ල අත්හැර දමා ඔබ අනුව ආවෙමු; එහෙයින් අපට කුමක් ලැබේ දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 28ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: ”සැබැවින් ම මම ඔබට කියමි, මතු ඇති වන නව යුගයේ දී මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමාන්විත ව සිංහාසනයේ වැඩ හිඳින කල, මා අනුගාමී වූ ඔබත් ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහු ය. 29ඇරත් මාගේ නාමය නිසා, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ පියා හෝ මව හෝ දූ පුතුන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද, ඔහු ඒ වෙනුවට සිය ගුණයක් ලබන්නේ ය; සදාතන ජීවනය ද හිමි කරගන්නේ ය. 30එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය.”