ජනවාරි 2027

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2027 ජනවාරි 19

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

හෙබ්‍රෙව් 6: 10-20

10මන්ද, ඔබගේ සේවය ද, ඔබ සැදැහැවතුන්ට කළා වූ, කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන්වූ ප්‍රේමය ද අමතක කිරීමට තරම් උන් වහන්සේ අසාධාරණ නොවන සේක. 11එහෙත් ඔබ එකිනෙකා අග දක්වා ම බලාපොරොත්තු මුදුන්පත් වන තෙක්, එම උද්‍යෝගය පෙන්වනවාට අපි ආශා වෙමු. 12තවද ඔබ අලස නොවී, ඇදහීමෙන් හා ඉවසීමෙන් යුතු ව පොරොන්දු උරුම කරගන්නන් අනුගමනය කිරීම අපේ ආශාව ය. 13මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රතිඥා දුන් කල, දිවුරුම් දීම සඳහා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් නැති බැවින් තමන්ගේ ම නාමයෙන් දිවුරමින්; 14සැබැවින් ම නුඹට අතිශයින් ආශීර්වාද කරන්නෙමි, නුඹේ දරු පරම්පරා බොහෝ වැඩි කරන්නෙමි”යි වදාළ සේක. 15එසේ ඔහු ඉවසිල්ලෙන් සිට ඒ පොරොන්දුව ලබා ගත්තේ ය. 16සැබැවින් ම මනුෂ්‍යයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකුගේ නාමයෙන් දිවුරති. ඔවුන්ගේ සියලු වාද විවාද නිමාවකට ගෙනෙන්නේ දිවුරා දෙන සහතිකයකිනි. 17එමෙන් ම දෙවියන් වහන්සේ: පොරොන්දුව උරුම කරගන්නන්ට තමන් වහන්සේගේ අරමුණ වෙනස් නොවන බව පැහැදිලි ලෙස පෙන්වන පිණිස, දිවුරුමකින් එය සහතික කළ සේක. 18මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුව ද දිවිරීම ද යන කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කරගැනීමට, ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත. 19අප සතු මේ බලාපොරොත්තුව ආත්මයේ නැංගුරමක් වැනි ය. එය සුරක්ෂිත ය, ස්ථීර ය. එය වනාහි දේව මාලිගාවේ තිරයෙන් ඇතුළට, ශුද්ධස්ථානයට අප පමුණුවන බලාපොරොත්තුව ය. 20ජේසුස් වහන්සේ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව, සදහට ම උත්තම පූජකයෙකු වී අප උදෙසා පුරෝගාමියෙකු වශයෙන් එතැනට පිවිසි සේක.
Responsorial Psalm

ගීතාවලිය 111: 1-2, 4-5, 9 and 10c

1සමිඳුන් පසසන්න, දැහැමියන්ගේ සමාගමේ දී ද සභාවේ දී ද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි. 2සමිඳුන්ගේ ක්‍රියා කොපමණ උදාර ද? ඒවාට ප්‍රිය වන සියල්ලෝ ඒවා තේරුම්ගැනීමට උත්සාහ කරති. 4සිය පුදුම ක්‍රියාවන් අපට අමතක වන්නට ඉඩ නාරින සේක. සමිඳාණෝ, දයාවන්ත ය; සානුකම්පිත ය. 5එතුමාණෝ තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක. එතුමාණෝ සිය ගිවිසුම කිසි කලක අමතක නොකරන සේක. 9එතුමාණෝ සිය සෙනඟ මුදා ලූ සේක; සිය ගිවිසුම සදහට ම පිහිටෙවු සේක. එතුමන්ගේ නාමය සුවිශුද්ධ ය; ගරු ගම්භීර ය. 10දේව ගරුබිය පෑම ප්‍රඥාවේ මුල් පියවර වේ; එය පිළිපදින සියල්ලන්ට මනා බුද්ධිය ඇති වන්නේ ය. එතුමන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නේ ය.
Alleluia

එපීස 1: 17-18

17තේජසේ පියාණන් වූ, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ, උන් වහන්සේ අවබෝධ කරගැනීම පිණිස, ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන් මම යාච්ඤා කරමි. 18තවද, උන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක් ද කියාත්, සැදැහැවතුන්ට හිමි වන තේජාන්විත උරුමයේ ධන සම්භාරය කිමෙක් ද කියාත්,
Gospel

ශුද්ධ වූ මාර්ක් 2: 23-28

23තවද, උන් වහන්සේ සබත් දිනයේ දී වෙල්යායක් මැදින් වඩින විට, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩ කඩා ගියහ. 24පරිසිවරු ඒ දැක, ”බලන්න, මොවුන් සබත් දිනයෙහි නොකට යුත්තක් කරන්නේ මක්නිසා දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 25උන් වහන්සේ උත්තර දෙමින්, දාවිත් රජ තමාට ද සිය පිරිවරට ද කෑමට කිසිවක් නැති ව බඩගිනි වූ කල කළ දේ, 26එනම්, අබියාතර් නායක පූජක ව සිටිය දී දාවිත් දෙවියන් වහන්සේගේ ගෘහයට පිවිස පූජකයන් මිස අන් කිසිවෙකු නොකෑ යුතු පිදූ රොටි කා, සිය පිරිවරටත් දුන් වග, ඔබ කවදාවත් කියවා නැද්දැ”යි ඇසූ සේක. 27උන් වහන්සේ ඔවුන්ට කතා කොට, සබත පිහිටුවන ලද්දේ මිනිසා උදෙසා ය; මිනිසා සබත උදෙසා නොවේ; 28එහෙයින් මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි වදාළ සේක.