කියවීම්
2027 ජූනි 4
Sacred Heart of Jesus Solemnity
දවසේ දේව මෙහෙය
First Reading
හොසියා 11: 1, 3-4, 8c-9
1ඉශ්රායෙල් බාල වියේ දී මම ඔහුට ප්‍රේම කෙළෙමි; මා පුත් ඔහු මිසරයෙන් කැඳවාගතිමි.
3එප්‍රායිම් සෙනඟට ඇවිදින්නට ඉගැන්නුවේ මම ය. දෑතින් ඔවුන් වඩාගත්තේ මම ය. එහෙත්, මා ඔවුන් රැකබලාගත් බව ඔව්හු නොදැන සිටියෝ ය.
4දයාවේ රැහැන්වලින් ද ප්‍රේමයේ බැමිවලින් ද මම ඔවුන්ට මඟ පෙන්නුවෙමි. ළදරුවෙකු ඔසවන සේ මම ඔවුන් මාගේ මුහුණට ඔසවාගතිමි; පහතට නැමී ඔවුන්ට කෑම කැව්වෙමි.
8එප්‍රායිම් ජනයෙනි, මම කෙසේ ඔබ පාවා දෙන්නෙම් ද? ඉශ්රායෙල්, ඔබ කෙසේ අත්හරිම් ද? මා අද්මා නුවරට කළාක් මෙන් මට ඔබටත් කළ හැකි ද? ශෙබොයිම් නුවරට කළාක් මෙන් ඔබටත් කළ හැකි ද? එසේ කරන්නට මාගේ සිත ඉඩ නොදෙයි. ඒ ගැන සිතන විට මාගේ සිත කම්පා වෙයි.
9දැඩි කෝපයට මම ඉඩ නොදෙමි. මම නැවත එප්‍රායිම් විනාශ නොකරමි. මන්ද, මම මනුෂ්‍යයෙකු නොව දෙවියන් වහන්සේ වෙමි. ඔබ සමඟ සිටින ශුද්ධ තැනැන් වහන්සේ මම ය, විනාශ කරන්නට මට ආශාවක් නැත. කෝපයෙන් මම ඔබ වෙත නොඑමි.
Responsorial Psalm
යෙසායා 12: 2-3, 4, 5-6
2බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”
3ඔබ ගැළවීමේ ළිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නහු ය.
4ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී යන්නෝ ය: ”සමිඳුන්ට තුති පුදන්න; එතුමන්ගේ නම පවසා අයැදින්න. එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න. එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න.
5සමිඳුන් කළ අරුමපුදුම දේ නිසා පසස් ගී ගයන්න; මුළු ලොවට ම ඒ ගැන දන්වන්න.
6සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”
Second Reading
එපීස 3: 8-12, 14-19
8සැදැහැවතුන්ගෙන් ඉතා සුළු තැනැත්තාටත් වඩා සුළු වූ මට, මේ වරප්‍රසාදය දෙන ලද්දේ, ක්‍රිස්තුන් වහන්සේගේ අසීමිත ධන සම්භාරය, විජාතීන්ට දේශනා කිරීමටත්,
9මේ අබිරහස් අරමුණ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය එළිදරව් කිරීමටත් ය. යුග ගණනාවක් මුළුල්ලේ ඒ අබිරහස විශ්වයේ මැවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේ තුළ සැඟවී තිබිණි.
10එසේ වූයේ, මේ කාලයේ දී, ශුද්ධ සභාව මඟින් ස්වර්ග ලෝකවල අධිපතීන්ටත්, බලධාරීන්ටත්, දෙවියන් වහන්සේගේ විවිධාකාර ප්‍රඥාව දන්වනු ලබන පිණිස ය.
11දෙවියන් වහන්සේ මෙසේ කළේ, අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ ඉටු කළ ස්වකීය සදාතන අභිප්‍රායට අනුකූල ව ය.
12ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්, සැක නැතිව දෙවියන් වහන්සේ වෙත ළඟා වීමේ නිදහසත්, උන් වහන්සේ තුළ අපට ඇත.
14මේ හේතුව නිසා, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු පෙළපත්වලට නාමය දෙන්නා වූ,
15පියාණන් වහන්සේ ඉදිරියෙහි මම දණින් වැටී යාච්ඤා කරමි.
16උන් වහන්සේගේ මහිමතාවේ සම්පතේ හැටියට, ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබේ ආධ්‍යාත්මික භාවය ශක්තිසම්පන්න වන පිණිස ඔබට බලය දෙන ලෙස ද,
17ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ ඔබේ සිත් තුළ වාසය කරන පිණිස ද, යාච්ඤා කරමි. තවද, ප්‍රේමයේ මුල් බැස, ස්ථිර ව පිහිටා සිටින පිණිස ද, යාච්ඤා කරමි.
18සියලු සැදැහැවතුන් සමඟ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ දිගත්, පළලත්, උසත්, ගැඹුරත් වටහා ගැනීමට ශක්තිය ලබා,
19ක්‍රිස්තුන් වහන්සේගේ ඥානාතික්‍රාන්ත ප්‍රේමය අවබෝධ කරගෙන, දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණ වන පිණිස ද යාච්ඤා කරමි.
Alleluia
ශුද්ධ වූ මතෙව් 11: 29ab or First John 4: 10b
29මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.
Gospel
ශුද්ධ වූ ජොහන් 19: 31-37
31එය සබත් දිනට පෙර සූදානම් වීමේ දවස විය. ඒ සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින ශරීර කුරුසිවල ම නොතිබෙන පිණිස, කුරුසියේ ඇණ ගැසූ අයගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ.
32එබැවින් හේවායෝ අවුත්, පළමුවැන්නාගේත්, එමෙන් ම ඔහු සමඟ ඇණගසන ලද දෙවැන්නාගේත් කකුල් කඩාදැමූ හ.
33එහෙත් ඔව්හු ජේසුස් වහන්සේ ළඟට පැමිණි විට උන් වහන්සේ මිය ගොස් සිටින බව දැක, උන් වහන්සේගේ කකුල් නොකැඩූ හ.
34එහෙත්, හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන් වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එකෙණෙහි ම, ලේත් වතුරත් ගලා ආවේ ය.
35එය දුටු තැනැත්තේ ඒ ගැන සාක්ෂි දරයි. ඔහුගේ සාක්ෂිය සැබෑ ම ය. ඔබත් විශ්වාස කරන පිණිස ඔහුගේ සාක්ෂිය සැබෑ බව ඔහු දනියි.
36මේ දේවල් සිදු වූයේ, ‘ඔහුගේ එක ඇටයක් වත් නොබිඳිනු ලැබේ ය’යි ලියා ඇති ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණිස ය.
37තවද: ‘ඔවුන් ඇණ තුවාළ කළ තැනැත්තා දෙස, බලනු ඇතැ’යි තවත් ශුද්ධ ලියවිලි පාඨයක් ඇත.