ජූනි 2027

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
27282930
අද දිනට

කියවීම්

2027 ජූනි 2

Ordinary Weekday/ Marcellinus and Peter, Martyrs

Marcellinus and Peter, Martyrs
First Reading

තෝබිත් 3: 1-11a, 16-17a

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Responsorial Psalm

ගීතාවලිය 25: 2-3, 4-5ab, 6 and 7bc, 8-9

2මාගේ දෙවියෙනි ඔබ කෙරේ විශ්වාසය තබමි. මා ලජ්ජාවට පත් වන්න ඉඩ නුදුන මැනව; මා පරදා ජය හඬ නඟන්න මා සතුරන්ට ඉඩ නොතැබුව මැනව. 3ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. හිතුවක්කාර ලෙස විශ්වාසය කඩ කරන අය පරාජය වන්නෝ ය. 4සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව; ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව. 5ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව; මට එය ඉගැන්නුව මැනව; මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය. දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි. 6සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව. මේවා ඔබේ චිරාගත ගුණාංගයෝ ය. 7සමිඳුනි, මාගේ යොවුන් වියේ පාප ද අපරාධ ද සිහි නොකළ මැනව. සමිඳුනි, ඔබේ යහපත්කම ද මහා කරුණාව ද අනුව මා සිහි කළ මැනව. 8සමිඳාණෝ යහපත් ය; අවංක ය. එතුමාණෝ පවිටුන් හට යා යුතු මාර්ගය උගන්වන සේක. 9එතුමාණෝ නිහතමානී අය යුක්තියෙහි හසුරුවන සේක. එතුමාණෝ යටහත් පහත් අයට තම මාර්ගය උගන්වන සේක.
Alleluia

ශුද්ධ වූ ජොහන් 11: 25a, 26

25ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය; 26ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ”යි ඇසූ සේක.
Gospel

ශුද්ධ වූ මාර්ක් 12: 18-27

18පුනරුජ්ජීවනයක් නැතැ යි උගන්වන සද්දුසිවරුන්ගෙන් සමහරු උන් වහන්සේ වෙත අවුත් ප්‍රශ්න කරමින්, උන් වහන්සේගෙන් මෙසේ ඇසූ හ: 19ගුරුදේවයෙනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ, සිය භාර්යාව ජීවත් ව සිටිය දී මියගියොත්, ඔහුගේ සහෝදරයා ඒ ස්ත්‍රිය පාවාගෙන සිය සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු ය යි මෝසෙස් විසින් අපට අණ දී තිබේ. 20වරක් සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නැති ව මළේ ය. 21දෙවැන්නාත් ඇය පාවාගෙන දරුපල නැති ව මළේ ය. තෙවැන්නාටත් එසේ ම විය. 22සත්දෙන ම දරුපල නැති ව මළෝ ය. හැමට ම පසු ස්ත්‍රිය ද මළා ය. 23සත් දෙනා ම ඇය භාර්යාව කොට පාවාගත් බැවින් පුනරුජ්ජීවනයේ දී, ඔවුන් මළවුන්ගෙන් නැඟිටින කල ඈ ඔවුන්ගෙන් කවරෙකුගේ භාර්යාව වන්නී ද?” 24ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: ”ඔබ මුළා වන්නේ ශුද්ධ ලියවිලි වත් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය වත් නොදන්නා නිසා නොවේ ද? 25මා එසේ කියන්නේ මළවුන්ගෙන් උත්ථානවීමේ දී ආවාහ වීමක් හෝ විවාහ වීමක් හෝ නැති බැවිනි; ඔව්හු ස්වර්ගයෙහි දේව දූතයන් මෙන්‍ වෙති. 26තවද මළවුන් නැඟිටුවනු ලැබීම ගැන, ‘මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය, ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය, ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය’යි දෙවියන් වහන්සේ මෝසෙස්ට වදාළ බව ඔහුගේ පොතේ ගිනිගත් පඳුර ගැන සඳහන් වන පාඨයෙහි ඔබ කියවා නැද් ද? 27උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය. ඔබ බොහෝ සේ මුළා ව ගොස් ඇත.”