කියවීම්
2027 ජූනි 20
Twelfth Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
First Reading
ජෝබ් 38: 1, 8-11
1එවිට දෙවිඳාණෝ කුණාටුව මැදින් ජෝබ්ට මෙසේ පිළිතුරු දුන් සේක;
8පොළෝ ගැබින් මහ මුහුද බිහි වූ විට දොරටු වසා මුහුදු ජලය නැවැත්වූයේ කවරෙක් ද?
9මහ මුහුද වලාකුළුවලින් පළඳා, අඳුර නමැති සළුව පෙරවූයේ මම ය.
10මුහුදේ මායිම් නියම කෙළේත්, එහි දොර අගුල් තැබුවේත් මම ය.
11‘මේ දක්වා එන්නෙහි ය; මින් එහා නොයන්නෙහි ය; නුඹේ එඩිතර රළ පතර මෙහි නවතින්නේ ය’ කියා කීවේත් මම ය.
Responsorial Psalm
ගීතාවලිය 107: 23-24, 25-26, 28-29, 30-31
23සමහරු නැව්වලින් සමුදුර තරණය කරති; මෙලෙස සිය ජීවිකාව සඳහා වෙළෙඳාම් කරති.
24ඔව්හු සමිඳුන්ගේ ක්‍රියා ද මුහුද මත එතුමන් කළ අරුමපුදුම දේ ද දකිති.
25මන්ද, එතුමාණෝ අණ දෙමින් එහි රැළ නංවන චණ්ඩ මාරුතය හටගැන්වූ සේක.
26නැව් අහස උඩට විසි වී ගැඹුරේ පතිත විය. ඒ විපතින් නැවියෝ අධෛර්යයට පත් වූ හ.
28එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක.
29එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක. එවිට මුහුදේ රැළ නිසල විය.
30නිසලතාව ඇති වූ බැවින් ඔව්හු සතුටු වූ හ. එතුමාණෝ ඔවුන් අදහස් කළ වරායට ඔවුන් පැමිණෙවු සේක.
31සමිඳුන්ගේ තිර පෙම හා මිනිසුන් හට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ එතුමන්ට තුති පුදත් වා!
Second Reading
2 කොරින්ති 5: 14-17
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Alleluia
ශුද්ධ වූ ලූක් 7: 16
16එකල සියල්ලෝ ම බිය පත් ව, ”ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
Gospel
ශුද්ධ වූ මාර්ක් 4: 35-41
35එදා සවස් වූ කල, ”අපි එගොඩ යමු”යි උන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ සේක.
36ඔව්හු සමූහයා පිටත් කර යවා, උන් වහන්සේ ඔරුවේ හුන් ලෙස ම තමන් සමඟ ගෙන ගියෝ ය. ඒ සමඟ තවත් ඔරු තිබිණි.
37එවිට චණ්ඩ මාරුතයක් හමා, ඔරුව පිරී යන තරමට එයට රැළ ගැසී ය.
38උන් වහන්සේ ඔරුවේ අවරයෙහි, මෙත්තය මත නිදා හුන් සේක. ඔව්හු උන් වහන්සේ පුබුදුවා, ”ගුරුදේවයෙනි, අප විනාශ වන්න ළඟ ය, ඔබට කිසි ගණනක් නැද්දැ”යි ඇසූ හ.
39උන් වහන්සේ අවදි ව සුළඟට තර්ජනය කොට, ”නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙව”යි මුහුදට අණ කළ සේක. සුළඟ නැවතිණි. මහා නිශ්චලයක් විය.
40උන් වහන්සේ ද, ”ඔබ ඔය තරම් බිය වන්නේ මන් ද? තව ම ඔබට ඇදහිල්ල නැද්දැ”යි ඇසූ සේක.
41ඔව්හු මහත් භීතියකින් ඇලළී, ”මේ කවරෙක් ද? සුළඟ සහ මුහුද පවා උන් වහන්සේට කීකරු වන්නේ ය”යි එකිනෙකාට කී හ.