ජූනි 2027

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
27282930
අද දිනට

කියවීම්

2027 ජූනි 8

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

2 කොරින්ති 1: 18-22

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Responsorial Psalm

ගීතාවලිය 119: 129, 130, 131, 132, 133, 135

129ඔබේ අණපණත් විස්මයජනක ය. එබැවින් මාගේ මුළු සිතින් මම ඒවා පිළිපදින්නෙමි. 130ඔබේ වචන පැහැදිලි වන විට ආලෝකය ලැබේ. එයින් අනුවණයන්ට නුවණ ලැබේ. 131ඔබේ ආඥාවලට පිපාසයෙන් සිටිමි. මම මුව අයා හතිලන්නෙමි. 132ඔබේ නාමයට ප්‍රේම කරන අයට ඔබ කරුණා කරන්නාක් මෙන් මා දෙසට හැරී මට කරුණා කළ මැනව. 133ඔබ පොරොන්දු වූ ලෙස මා දෙපා තර කළ මැනව; කිසි අයුක්තියකට මා කෙරෙහි බල පෑමට ඉඩ නුදුන මැනව. 135දයාවෙන් මා දෙස බැලුව මැනව; ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
Alleluia

ශුද්ධ වූ මතෙව් 5: 16

16එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”
Gospel

ශුද්ධ වූ මතෙව් 5: 13-16

13ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නට ද, මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නට ද මිස, අන් කිසිවකට සුදුසු නැත. 14ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකි ය. 15මිනිස්සු පහනක් දල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති; එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. 16එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”