ජූනි 2027

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
27282930
අද දිනට

කියවීම්

2027 ජූනි 22

Ordinary Weekday/ Paulinus of Nola, Bishop/ John Fisher, Bishop, Martyr, and Thomas More, Married Man, Martyr

John Fisher, Bishop, Martyr, and Thomas More, Married Man, Martyr
First Reading

උත්පත්ති කථාව 13: 2, 5-18

2ආබ්‍රම් ගවමහිෂයන්ගෙන් හා රන් රිදීයෙන් ඉතා ධනවතෙක් විය. 5ආබ්‍රම් සමඟ ගමන් කළ ලොත්ට ද එළු බැටළු, ගවමහිෂයන් සහ ඔහු සමඟ කඳවුරු බැඳගත් පිරිසක් ද වූ හ. 6එබැවින් ඔවුන් දෙදෙනාට ම පොදුවේ ජීවත් වීමට තරම් සෑහෙන තණ බිම් එහි නොතිබිණි. ඔවුන්ට අයිති ගවසම්පත් බොහෝ වූ බැවින් දෙදෙනාට එක් ව විසීමට නොහැකි විය. 7එහෙයින් ආබ්‍රම්ගේ ගොපලුන් හා ලොත්ගේ ගොපලුන් අතර ආරාවුල් හට ගැනිණි. එකල කානානිවරු ද පෙරිස්සිවරු ද එම දේශයෙහි වාසය කළො‍් ය. 8එවිට ආබ්‍රම් ලොත්ට කතා කොට, ”අප දෙගොල්ල ම නෑදෑයින් බැවින් ඔබ හා මා අතරත්, ඔබේ ගොපලුන් හා මාගේ ගොපලුන් අතරත් ආරාවුල් නො තිබිය යුතු ය. 9මේ මුළු දේශය ම ඔබ ඉදිරියෙහි ඇත; කරුණාකර ඔබ මගෙන් වෙන් වී යන්න. ඔබ වමතට යන්නෙහි නම්, මම දකුණතට යමි. ඔබ දකුණතට යන්නෙහි නම්, මම වමතට යමි”යි කී ය. 10ලොත් ද නෙත් ඔසවා ශොවර් දිශා භාගය දක්වා මුළු ජොර්දාන් තැනිතලාව දෙස බැලී ය. එහි හැම තැනට ම, සමිඳාණන් වහන්සේගේ උයනට මෙන් ද, මිසර දේශයට මෙන් ද මැනවින් ජලය සැපයුණු බව දිටී ය. මෙය සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගරයන් විනාශ කිරීමට පෙර ය. 11එබැවින් ලොත් තමාට මුළු ජොර්දාන් තැනිතලාව ම තෝරාගෙන නැගෙනහිර දෙසට ගියේ ය; ඒ දෙදෙනා මෙලෙස එකිනෙකාගෙන් වෙන් වූ හ. 12ආබ්‍රම් කානාන් දේශයෙහි පදිංචි විය. ලොත් තැනිතලාවේ නගර අතර පදිංචි වී සොදොම් නගරය අසල කඳවුරු බැන්දේ ය. 13සොදොම් නුවර වාසීහු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ, නපුරු, මහ අපරාධකාරයෝ වූ හ. 14ලොත් වෙන් වී ගිය පසු, සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, ”නුඹ සිටින තැන සිට නෙත් ඔසවා උතුර ද දකුණ ද නැගෙනහිර ද බටහිර ද දෙස සැලකිල්ලෙන් බලන්න. 15නුඹට පෙනෙන මේ මුළු රට ම නුඹටත්, නුඹේ පෙළපතටත් සදහට ම මම දෙන්නෙමි. 16ගණනින් පොළොවේ දූවිලි හා සමාන වන ලෙස නුඹේ පරපුර වැඩි වර්ධනය කරන්නෙමි. යමෙකුට පොළොවේ දූවිලි ගණන් කළ හැකි නම්, නුඹේ පෙළපත ද ගණන් කළ හැකි වේ. 17දැන් නුඹ නැඟිට රට පුරා ම ඇවිදින්න. මම මේ සියල්ල ම නුඹට දෙන්නෙමි”යි වදාළ සේක. 18මෙසේ ආබ්‍රම් සිය කඳවුර රැගෙන විත් හෙබ්‍රොන්හි පිහිටි මම්රේහි ආලෝන අරඹ ළඟ පදිංචි වී, සමිඳාණන් වහන්සේට එහි පූජාසනයක් ඉදි කෙළේ ය.
Responsorial Psalm

ගීතාවලිය 15: 2-3a, 3bc-4ab, 5

2නිදොස් ලෙස කල් යවන, දැහැමි ලෙස වැඩ කරන, අවංක වදන් පවසන තැනැත්තාට ය. 3ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය. 4ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය. සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි. 5ඔහු මුදල් පොළියට නොදෙයි; නිදොස් අයට විරුද්ධ ව අල්ලස් නොගන්නේ ය. මෙවන් ගුණැති මිනිසා හට පිරිහීමක් කිසි කලක නොවන්නේ ය.
Alleluia

ශුද්ධ වූ ජොහන් 8: 12

12යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ මතෙව් 7: 6, 12-14

6පූජනීය දේ බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඇට ඌරන් ඉදිරියෙහි නොදමන්න. එසේ කළොත්, උන් ඒවා පයින් පාගාදමා හැරී අවුත් ඔබ කැබලි කොට ඉරාදමනු ඇත.” 12අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ හරය එය වේ.” 13පටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශයට යන දොරටුව විශාල ය, පාරත් පළල් ය. එයින් ඇතුළු වන්නෝ ද බොහෝ ය. 14එහෙත්, ජීවනයට යන දොරටුව පටු ය; පාර ද අවහිර ය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි.”