කියවීම්
2028 ජූලි 2
Thirteenth Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
First Reading
රාජාවලියේ පළමු වන පොත 19: 16b, 19-21
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Responsorial Psalm
ගීතාවලිය 16: 1-2 and 5, 7-8, 9-10, 11
1දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව.
2මම මෙසේ කීමි: ”සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය. ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.”
5සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක.
7මට උවදෙස් දෙන හිමි තුමන් හට තුති කරන්නෙමි. රෑ යාම්වල දී මා සිත්සතන්හි නුවණ පහළ වන්නේ ය.
8හිමි තුමන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි.
9එබැවින් මසිත උදන් අනයි; මහද ප්‍රීතියෙන් පිනා යන්නේ ය; මා ගත සුරැකි ව ඇත්තේ ය.
10මන්ද, ඔබ මා පාතාලයෙහි නොරඳවන සේක; ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක.
11ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.
Second Reading
ගලාති 5: 1, 13-18
1ක්‍රිස්තුන් වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමට ය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත යටත් නොවී ස්ථිර ව සිටින්න.
13සහෝදරවරුනි, ඔබ නිදහස්කමට කැඳවනු ලැබුවහු ය; ඔබගේ ඒ නිදහස මාංසික තෘෂ්ණා සඳහා වැය නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න.
14මන්ද, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන එක ශික්ෂා පදය මුළු ව්‍යවස්ථාවෙහි සම්පිණ්ඩනය වෙයි.
15එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.
16ආත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීම ඇති ව හැසිරෙන්න. එවිට ඔබ මාංසික තෘෂ්ණාවලට වසඟ වන්නේ නැත.
17මන්ද, මාංසික තෘෂ්ණා ආත්මයාණන් වහන්සේට විරුද්ධ ය. ආත්මයාණන් වහන්සේ ද මාංසික තෘෂ්ණාවලට විරුද්ධ ය. දෙපක්ෂය අතර ඇති මේ විරෝධය නිසා, ඔබ කැමැති දේ ඔබට කළ නොහැකි ය.
18එහෙත් ඔබ ආත්මයාණන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්නහු නම්, ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහු ය.
Alleluia
සාමුවෙල්ගේ පළමු වන පොත 3: 9; John 6: 68c
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ ලූක් 9: 51-62
51තවද, උන් වහන්සේගේ ස්වර්ගාරෝහණ දිනය ආසන්න වූ කල, උන් වහන්සේ ජෙරුසලම බලා යන අධිෂ්ඨානයෙන්
52තමන්ට පෙරටුව දූතයන් යැවූ සේක. ඔව්හු ගොස් උන් වහන්සේට අවශ්‍ය දේ පිළියෙළ කරන පිණිස සමාරීයයන්ගේ ගමකට ඇතුළු වූ හ.
53එහෙත්, උන් වහන්සේ හුදෙක් ජෙරුසලමට ම යන්නට අදහස් කර සිටි බැවින් ඔව්හු උන් වහන්සේ නොපිළිගත්හ.
54උන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ ජාකොබ් ද ජොහන් ද ඒ දැක, ”ස්වාමීනි, මොවුන් විනාශ කරන පිණිස අහසින් ගිනි වැටෙන්නට අප අණ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ.
55උන් වහන්සේ හැරී ඔවුන්ට තරවටු කළ සේක.
56ඉන්පසු ඔව්හු අන් ගමකට ගියහ.
57ඔවුන් මඟ බැස යද්දී එක් මිනිසෙක්, ”ඔබ වහන්සේ යන ඕනෑ ම තැනකට වුව ද මමත් ඔබ අනුව එන්නෙමි”යි කී ය.
58ජේසුස් වහන්සේ කතා කොට, ”හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට හිස තැබීමට වත් තැනක් නැතැ”යි ඔහුට වදාළ සේක.
59උන් වහන්සේ තව කෙනෙකුට, ”මා අනුව එන්නැ”යි වදාළ සේක. ඔහු: ”ස්වාමීනි පළමුකොට මාගේ පියා භූමදාන කරන පිණිස යන්නට මට අවසර දුන මැනවැ”යි කී ය.
60උන් වහන්සේ උත්තර දෙමින්, ”මළවුන්ගේ භූමදානය මළවුන් ම කළා වේ; ඔබ ගොස් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන්නැ”යි ඔහුට වදාළ සේක.
61තවත් කෙනෙක්, ”ස්වාමීනි ඔබ අනුව එන්නෙමි; එහෙත් පළමුකොට මාගේ ගෙදර උදවියගෙන් සමු ගෙන ඊමට අවසර දුන මැනවැ”යි කී ය.
62ජේසුස් වහන්සේ, ”නගුලට අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැ”යි ඔහුට වදාළ සේක.