ජූලි 2028

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2028 ජූලි 4

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

ආමොස් 3: 1-8; 4: 11-12

1ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව, මිසර දේශයෙන් මා පිටතට ගෙනා නුඹලාගේ මුළු ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව සමිඳාණන් වහන්සේ වදාරන මේ වචනවලට සවන් දෙන්න: 2ලොවේ සියලු වංශවලින් මා මැනවින් දැනහැඳිනගෙන ඇත්තේ නුඹ පමණකි. ඒ නිසා නුඹලා කර ඇති සියලු පාපවලට මම දඬුවම් දෙමි.” 3දෙදෙනෙක් එකට ගමනක් යත් ද එකඟ වී මිස? 4සිංහයෙක් වනයේ ගෙරවුම් දෙයි ද ගොදුරක් දුටුවොත් මිස? ගුහාවක් තුළ සිංහ නාම්බෙක් ගොදුරක් නැති ව හඬ නඟයි ද? 5ඇමක් නැති ව කුරුල්ලෙක් මලපතකට අසු වෙයි ද? අසු නොවී කිසිවක් ගැස්සී යයි ද උගුලක්? 6යුධ සක් හඬ ඇසුණොත් නගරයේ සෙනඟ බිය නොවෙත් ද? සමිඳුන් නොපැමිණෙව් විපතක් නගරයේ ඇති වෙයි ද? 7මේ රහස් එළිදරව් නොකර සිය සේවක දිවැසිවරුන් හට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ සැබැවින් ම කිසිවක් නොකරන සේක. 8සිංහයෙක් ගර්ජනා කරයි; බිය නොවී සිටිය හැක්කේ කවරෙකුට ද? මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ කතා කරන සේක; දිවැස් වැකි නොකියා සිටිය හැක්කේ කවරෙකුට ද?” 11දෙවියන් වහන්සේ වන මම සොදොම් සහ ගොමොරා විනාශ කරදැමුවාක් මෙන්, නුඹලා අතරෙන් සමහරෙකු විනාශ කොටදැමුවෙමි; නුඹලා ගින්නෙන් ඇදගත් ගිනි පෙනෙල්ලක් වැනි ය. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. 12එබැවින් ඉශ්රායෙල් ජනයෙනි, මේ දේ මම නුඹලාට කරන්නට යමි; ඒ දේ මා කරන්නට යන බැවින් දෙවියන් වහන්සේගේ විනිශ්චයට මූණපාන්නට සූදානම්වන්න.”
Responsorial Psalm

ගීතාවලිය 5: 4b-6, 7, 8

4ඔබ දුෂ්ටකමට ප්‍රිය කරන දෙවි කෙනෙක් නොවන සේක; ඔබ අබිමුව නපුරට ඉඩ නොතබන සේක. 5අහංකාර අයට ඔබ අබිමුවෙහි තැනක් නැත්තේ ය. අපරාධකරුවන්ට ඔබ ද්වේෂ කරන සේක. 6සමිඳාණෝ බොරු තෙපලන දන වනසන සේක; මිනීමරු කපටි අය පිළිකුල් කරන සේක. 7මම ඔබ විපුල පෙම පෙරදැරි කොට ඔබ නිවෙසට පිවිසෙන්නෙමි; ගරුබිය පාමින් ශුද්ධ මැදුර අබිමුව නමදින්නෙමි. 8සමිඳුනි, මට සතුරන් බොහෝ සිටින බැවින්, දැහැමි මඟ මා ගෙන ගිය මැනව; ගත යුතු මඟ මට පෙන්නුව මැනව.
Alleluia

ගීතාවලිය 130: 5

5මම සමිඳුන්ගේ උපකාරය උදක් ම බලා සිටිමි. එතුමන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තබමි.
Gospel

ශුද්ධ වූ මතෙව් 8: 23-27

23උන් වහන්සේ ඔරුවකට නැඟුණු කල, ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ ගියහ. 24එවිට ඔරුව රැළ පතරින් වැසී යන තරම් මහා චණ්ඩ මාරුතයක් මුහුදේ හැමී ය. උන් වහන්සේ ඔරුවේ සැතපී හුන් සේක. 25එවිට ඔව්හු අවුත්, උන් වහන්සේ අවදි කරවා, ”ස්වාමීනි, අප ගැළෙව්ව මැනව; අප විනාශ වන්න ළඟ යැ”යි කී හ. 26උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය. 27ඒ මනුෂ්‍යයෝ විස්මිත ව, ”මෙතුමා කෙබඳු කෙනෙක් ද? සුළඟ හා මුහුද පවා මෙතුමාට කීකරු වෙතැ”යි කී හ.