ජූලි 2028

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2028 ජූලි 25

James, Apostle Feast

දවසේ දේව මෙහෙය
First Reading

2 කොරින්ති 4: 7-15

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Responsorial Psalm

ගීතාවලිය 126: 1bc-2ab, 2cd-3, 4-5, 6

1සමිඳුන් අප මුදා සියොනට ගෙනා කල, අපට එය සිහිනයක් මෙන් විය. 2එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු; ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු. එවිට, ”සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ. 3සමිඳාණෝ අප උදෙසා ඉමහත් දේ කළ සේක; එබැවින් අපි සන්තෝෂ වමු. 4සමිඳුනි, අපේ b සිරකරුවන් දකුණු දිශාවේ ගලා යන ඇල දොළ මෙන් අපට යළි ගෙන දුන මැනව. 5දුකින් කෙත වපුරන්නෝ තුටින් අස්වැන්න නෙළාගන්නෝ ය. 6ඔව්හු වී මලු රැගෙන කඳුළු සල සලා පිටත් ව ගිය නමුත්, තම ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් පින පිනා ආපසු ආහ.
Alleluia

ශුද්ධ වූ ජොහන් 15: 16

16ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.
Gospel

ශුද්ධ වූ මතෙව් 20: 20-28

20එකල සෙබදීගේ පුත්‍රයන්ගේ මව ඇගේ පුත්‍රයන් හා සමඟ උන් වහන්සේ වෙත අවුත්, දණින් වැටී, එක් වරයක් ඉල්ලුවා ය. 21උන් වහන්සේ කතා කරමින්, ”ඔබ කුමක් ඉල්ලන්නෙහි දැ”යි ඇයගෙන් ඇසූ සේක. ඈ පිළිතුරු දෙමින්, ”ඔබගේ රාජ්‍යයෙහි දී මේ මාගේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකු ඔබගේ දකුණු පසෙහි ද එක් කෙනෙකු වම් පසෙහි ද හිඳගැනීමට නියම කළ මැනවැ”යි කීවා ය. 22එහෙත්, ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ඔබ ඉල්ලන්නේ කුමක් දැ යි ඔබ ම දන්නේ නැත. මා බොන්න යන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්න ඔබට හැකි දැ”යි ඇසූ සේක. ”අපට හැකි ය”යි ඔව්හු පිළිතුරු දුන්හ. 23උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”සැබැවින් ඔබ මාගේ කුසලානෙන් බොන්නහු ය. එහෙත් මාගේ දකුණු පසෙහි ද වම් පසෙහි ද හිඳගන්න දීම මා සතු දෙයක් නොවේ. මාගේ පියාණන් විසින් ඒවා යම් අය සඳහා නියම කරන ලද්දේ ද ඒවා අයිති ඔවුන්ට ය”යි වදාළ සේක. 24දස දෙනා එපවත් ඇසූ විට ඒ සොහොයුරන් දෙදෙනා ගැන කො‍්ප වූ හ. 25එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙත කැඳවා මෙසේ වදාළ සේක: ”විජාතීන්ගේ ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත්, ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් ඔබ දන්නහු ය. 26එහෙත්, ඔබ අතර එසේ නොවිය යුතු යි. ඔබ අතර යමෙක් නායකයා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ සේවකයා වන්නේ ය. 27ඔබ අතර යමෙක් ප්‍රධානියා වන්න කැමැත්තේ නම්, ඔහු ඔබේ දාසයා වන්නේ ය. 28මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ සේවය ලබන්න නොව, සේවය කරන්නටත්, බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදීමටත් ය.”