කියවීම්
2028 ජූලි 28
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
ජෙරමියා 3: 14-17
14මා කෙරෙන් වෙන් ව ගිය දරුවෙනි, මා නුඹලාගේ ස්වාමීන් වන බැවින් මා වෙත හැරී එන්න. මම නගරයකින් එක් කෙනෙකු ද වංශයකින් දෙදෙනෙකු ද නුඹලා අතරෙන් පිළිගෙන සියොන් කන්දට පමුණුවන්නෙමි.
15මට හිතවත් පාලකයන් නුඹලාට දෙන්නෙමි. ඔවුන් ප්‍රඥාවෙන් ද සිහි නුවණින් ද නුඹලා පෝෂණය කරනු ඇත.
16මෙසේ නුඹලා දේශයේ වැඩි වී බහුල වූ විට, ගිවිසුම් කරඬුව ගැන සෙනඟ තවත් කතා කරන්නේ වත්, ඒ ගැන සිහි කරන්නේ වත් නැත; තවත් ගිවිසුම් කරඬුවක් ඔවුන් සාදාගන්නේ වත් නැත.
17ඒ කාලය පැමිණි විට ජෙරුසලම සමිඳාණන් වහන්සේගේ සිංහාසනය යයි කියනු ලබන්නේ ය. සියලු ජාතීන් සමිඳාණන් වහන්සේ වැඩ සිටින ජෙරුසලමේ රැස් වනු ඇත. ඔව්හු තමන්ගේ නපුරු සිතිවිලි අනුව මුරණ්ඩුකමින් තවත් නොහැසිරෙන්නෝ ය.
Responsorial Psalm
ජෙරමියා 31: 10, 11-12abcd, 13
10එම්බා ජාතීනි, සමිඳුන්ගේ වචනයට සවන් දී දුර බැහැර දිවයින්වල එය ප්‍රකාශ කරන්න. ‘ඉශ්රායෙල් සෙනඟ විසිරවූ මම ඔවුන් රැස් කරන්නෙමි; එඬේරා තම රැළ රැකගන්න පරිදි මම ඔවුන් රැකගන්නෙමි’යි කියන්න.
11ඉශ්රායෙල් සෙනඟට නිදහස දී, බලවත් ජාතීන්ගේ හස්තයෙන් මම ඔවුන් ගළවාගනිමි.
12ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති, මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය. ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය.
13එවිට තරුණියෝ ප්‍රීතියෙන් නටන්නෝ ය. තරුණයෝ ද මහල්ලෝ ද එක් ව ප්‍රීති වන්නෝ ය. මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවන්නෙමි. ඔවුන් සනසා ඔවුන්ගේ දොම්නස සොම්නසට හරවන්නෙමි.
Alleluia
ශුද්ධ වූ ලූක් 8: 15
15සරු බිමේ වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ අවංක, පිරිසිදු සිතකින් වචනය අසා, පිළිපැද, නොපසුබට වීර්යයෙන් පල දරන අය ය.”
Gospel
ශුද්ධ වූ මතෙව් 13: 18-23
18එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම්ගන්න.
19යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවුඩය අසා එය වටහා නොගනී නම්, ඔහුගේ සිතේ වැපුරූ දේ නපුරා අවුත් පැහැරගනියි. මඟ දිගේ වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.
20පණිවුඩය ඇසූ කෙණෙහි ම එය සතුටින් පිළිගනිතත්, සිත්හි තැන්පත් වී නැති බැවින්,
21මඳ කලක් පැවත, පණිවුඩය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි වහා ම කෙනෙක් පැකිළී වැටෙති. ගල් බිම්වල වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.
22පණිවුඩය අසා, මේ ජීවිතයේ කරදරවලින් ද වස්තු මායාවෙන් ද පණිවුඩය යටපත් වීම නිසා, කෙනෙක් පල නොදරති. කටු අතර වැටුණ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.
23පණිවුඩය අසා එය වටහා ගෙන සිය ගුණයක් ද හැට ගුණයක් ද තිස් ගුණයක් ද බැගින් කෙනෙක් පල දරති. සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.”