ජූලි 2028

බ්‍ර සි සෙ
1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
අද දිනට

කියවීම්

2028 ජූලි 16

Fifteenth Sunday in Ordinary Time

දවසේ දේව මෙහෙය
First Reading

ද්විතීය නීති සංග්‍රහය 30: 10-14

10එසේ වන්නේ, මේ නීති සංග්‍රහයේ ලියා ඇති දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝග ද පිළිපදින පිණිස, ඔබ උන් වහන්සේගේ හඬට කීකරු වුණොත්, ඔබේ මුළු හෘදයෙන් සහ ඔබේ මුළු සිතින් උන් වහන්සේ වෙත හැරී ආවොත් පමණකි. 11මා ඔබට අද නියම කරන මේ පණත දුෂ්කර එකක් වත්, ඉටු කරන්නට අපහසු එකක් වත් නොවේ. 12එය ඇත්තේ අහසෙහි නොවේ; එබැවින් එය අසා, ඉටු කරන පිණිස අප වෙත ගෙන එන්නට කවරෙක් අහසට නඟින්නේ ද කියා කිසිවෙකුට කිව නොහැකි ය. 13එය ඇත්තේ මුහුදින් එතෙර ද නොවේ; එබැවින් එය අසා ඉටු කරන පිණිස අප වෙත ගෙන එන්නට කවරෙක් මුහුද තරණය කරන්නේ ද කියා කිසිවෙකුට කිව නොහැකි ය. 14එහෙත්, ඒ වචනය ඔබ ඉටු කරන පිණිස එය ඔබට ඉතා ළං ව, ඔබේ තොල් මත ද ඔබේ සිතෙහි ද ඇත්තේ ය.”
Responsorial Psalm

ගීතාවලිය 69: 14, 17, 30-31, 33-34, 36, 37 or ගීතාවලිය 19: 8, 9, 10, 11

14මට එරී යන්න නොදී මඩ වගුරෙන් මා මුදාගත මැනව! මාගේ සතුරාගෙන් ද ගැඹුරු ජලයෙන් ද මා මුදාගත මැනව! 17ඔබේ දාසයා වෙතින් ඔබ මුහුණ ඉවතට නොගත මැනව! මා විපතට පත් ව සිටින බැවින් යුහු ව මට පිළිතුරු දුන මැනව! 30එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි; තුති ගී ගයමින් මම එතුමන් බොහෝ සේ පසසන්නෙමි. 31ගවයෙකු පිදීමට වඩා මෙවැන්නක් සමිඳුන්ට ප්‍රසන්න වන්නේ ය. අං සහ කුර සහිත ගොනෙකු පිදීමට වඩා එය ප්‍රසන්න වන්නේ ය. 33මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක; හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක. 34අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා! මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමන්ට ප්‍රශංසා කරත් වා! 36එතුමන්ගේ සේවක පෙළපත එය උරුම කරගන්නෝ ය. දෙව් නමට පෙම් කරන්නෝ එහි වාසය කරන්නෝ ය.
Second Reading

කොලොස් 1: 15-20

15ක්‍රිස්තුන් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය ව, මුළු මැවිල්ලේ අගතැන් ගන්නා සේක. 16මක්නිසා ද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නා වූ දේවල් ද නොපෙනෙන්නා වූ දේවල් ද යන සියල්ල උන් වහන්සේ තුළ මවන ලද්දේ ය; සියලු දේ උන් වහන්සේ කරණකොටගෙන ද උන් වහන්සේ උදෙසා ද මවා තිබේ; 17උන් වහන්සේ සියල්ලට ම පළමුවෙන් සිටින සේක, සියල්ල ද උන් වහන්සේ තුළ පවතින්නේ ය. 18උන් වහන්සේ සභාව නමැති ශරීරයේ හිස ය. එහි මූලාරම්භය ය. මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයාණෝ ය. මෙසේ උන් වහන්සේ සියල්ලෙහි අසමසම තැන දරන සේක. 19මන්ද, දේව කැමැත්ත අනුව, දේවත්වයේ පරිපූර්ණතාවය ක්‍රිස්තුන් වහන්සේ තුළ විය. 20උන් වහන්සේ කරණකොටගෙන මුළු විශ්වය ම තමන් හා සමඟි කරගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින්, කුරුසිය මත පුත්‍රයාණන්ගේ a යාගික රුධිරය හේතුකොටගෙන සාමදානය ඇති කරමින්, උන් වහන්සේ කරණකොටගෙන සගලොවෙත් මෙලොවෙත් ඇති සියලු දේ සමඟි කළ සේක.
Alleluia

ශුද්ධ වූ ජොහන් 6: 63c, 68c

63ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි. 68සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, ”ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය.
Gospel

ශුද්ධ වූ ලූක් 10: 25-37

25එක්තරා විනයධරයෙක් නැඟිට, උන් වහන්සේ පරීක්ෂා කරමින් ”ගුරුදේවයෙනි, සදාතන ජීවනය හිමි කරගනු සඳහා මා කුමක් කටයුතු දැ”යි ඇසී ය. 26උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින්, ”ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත්තේ කිමෙ‍ක් ද? ඔබ එය තේරුම්ගන්නේ කෙසේ දැ”යි ඇසූ සේක. 27ඔහු උත්තර දෙමින්, ”නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි වූ සමිඳාණන් වහන්සේටත්, නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙ‍න් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුයි” කී ය. 28උන් වහන්සේ, ”ඔබේ උත්තරය හරි ය. එසේ කරන්න, එවිට ඔබ ජීවත් වන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. 29එහෙත් ඔහු තමන් නිවැරදි බව දක්වන්ට කැමැති ව ”මාගේ අසල්වැසියා කවරෙක් දැ”යි ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. 30ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මෙ‍සේ වදාළ සේක: ”එක් මිනිසෙක් ජෙරුසලමෙන් ජෙරිකෝව බලා යද්දී, සොර මුළකට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට තළා පෙළා, ඔහු අඩ පණ කොට දමා යන්නට ගියහ. 31ඒ අතර එක් පූජකයෙක් අහම්බෙන් ඒ මඟ යනුයේ, ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය. 32එසේ ම ලෙවීයයෙක් ද, එතැනට පැමිණ ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය. 33එහෙත්, ඒ මඟින් ගමන්ගත් එක් සමාරිය ජාතික මිනිසෙක් ඔහු හුන් තැනට අවුත්, ඔහු දැක, අනුකම්පා උපදවා, 34ඔහු වෙතට ගොස්, තෙල් හා මිදියුස ගල්වා, තුවාළ බැඳ, තමාගේ ම මෘගයා පිට හිඳුවා, තානායමට ගෙන ගොස් ඔහු බලාගත්තේ ය. 35පසුවදා ඔහු රිදී කාසි දෙකක් ගෙන තානායම්කාරයාට දී, ‘මොහු බලාගන්න; මෙ‍යට වැඩියෙන් ඔබ වියදම් කරන යම් තරමක් ඇද්ද, නැවත ආ විට මම එය ඔබට ගෙවන්නෙමි’යි කී ය. 36ඉදින් සොරුන් අතට අසුවූ ඒ තැනැත්තාට මෙ‍කී තිදෙනාගෙන් අසල්වැසියා වූයේ කවරෙක් ද කියා ඔබ සිතන්නෙහි ද? 37ඔහුට දයාව දැක්වූ තැනැත්තා ය”යි විනයධරයා කී ය. ”ඔබත් ගොස් එසේ ම කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.