උපදේශකයා හෙවත් සිරාක් 4

පෙර මීළඟ
1මාගේ පුත්‍රය, දුප්පතාට නඩත්තුවක් දීම ප්‍රතික්ෂේප නොකරන්න. අගහිඟ වූවන්ට වද නොදෙන්න. 2සාගිනි වූවෙකුට දුක් විඳින්නට ඉඩ නොදෙන්න. හිඟකම් ඇති තැනැත්තාගේ බලාපොරොත්තු සුන් නොකරන්න. 3කුපිත වූ හෘදයක් වඩාත් කුපිත නොකරන්න. ඔබේ දානය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින අසරණයා විඩාවට පත් නොකරන්න. 4අමාරුවෙහි වැටී සිටින හිඟන්නා පලවා නොහරින්න. දුප්පතා කෙරෙන් ඔබේ බැල්ම නොහරවන්න. 5දුප්පතුන් කෙරෙන් ඔබේ නෙත් වෙන අතකට නොහරවන්න. ඔබට සාප කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන්න. 6තම දුකෙහි දී යමෙක් ඔබට සාප කරන්නේ නම්, ඔහුගේ මැවුම්කාරයාණෝ ඔහුගේ දෙස් කීම අසන සේක. 7ජන සමාජයේ සුහදතාව දිනාගන්න. අධිපතියා ඉදිරියෙහි හිස නමන්න. 8දුප්පතාට සවන් දෙන්න. ඔහු ආචාර කළොත් ඔබ ද ආචාරශීලී ව එසේ කරන්න. 9පීඩිතයා පීඩකයාගේ අතින් මුදාගන්න. ඔබේ විනිශ්චයයේ දී ස්ථිර ව සිටින්න. 10අනාථයන්ට පියෙකු මෙන් වන්න. වැන්දඹුවකට ස්වාමි පුරුෂයා මෙන් කරුණාව දක්වන්න. එවිට ඔබ මහො‍්ත්තමයාණන්ගේ පුත්‍රයෙකු මෙන් වන්නෙහි ය. ඔබේ මව ඔබට ප්‍රේම කරනවාට වඩා එතුමාණෝ ඔබට ප්‍රේම කරන සේක. 11ප්‍රඥා තොමො‍් තම දරුවන් ඇතිදැඩි කරන්නී ය. ඇය සොයන්නන් ගැන ඈ සැලකිල්ලක් දක්වන්නී ය. 12ඈට ප්‍රේම කරන්නා ජීවිතයට ප්‍රේම කරන්නේ ය. අලුයම ඇය සොයන්නො‍් ප්‍රීතියෙන් පිරී යන්නො‍් ය. 13ඈ අයිති කරගන්නා මහිමය උරුම කරගන්නේ ය. ඔහු යන යන තැන සමිඳාණෝ ඔහුට ආසිරි දෙන සේක. 14ඈට මෙහෙ කරන්නො‍් සමිඳුන්ට මෙහෙ කරන්නො‍් ය. ඈට ප්‍රේම කරන්නන්ට සමිඳාණෝ ප්‍රේම කරන සේක. 15ඈට සවන් දෙන්නා ජාතීන් නිවැරදි ලෙස විනිශ්චය කරන්නේ ය. ඈ කෙරෙහි සිත යොමු කරන්නා සුරැකි ව වසන්නේ ය. 16යමෙක් තමා ඈට බාර දෙන්නේ නම්, ඔහු ඈ උරුම කරගන්නේ ය. ඔහුගේ පරම්පරාව ඇය භුක්ති විඳින්නේ ය. 17ඈ මුල දී වංගු සහිත මඟකින් ඔහු ගෙනයනු හැකි ය. ඔහු පිට නැති බිය පමුණුවනු හැකි ය. විශ්වාස කළ හැකි කෙනෙකු වන තෙක් තම ශික්ෂණයෙන් ඔහුට දඬුවම් දෙනු හැකි ය. කරදරවලින් ඔහු පරීක්ෂා කර බලනු හැකි ය. 18එහෙත් අන්තිමේ දී ඈ ඔහු ඇද නැති මාර්ගයකින් ආපසු ගෙන යන්නී ය. තම රහස් ඔහුට අනාවරණය කරන්නී ය. 19ඔහු මුළා ව යන්නේ නම්, ඈ ඔහු අත් හරිනු ඇත. ඔහුගේ විනාශය කරා යන්නට ඉඩ හරිනු ඇත. 20මාගේ පුත්‍රය, තැනට ඔබින නුවණින් නපුරෙන් පරෙස්සම් වන්න. ඔබ ගැන ම ලජ්ජා වීමට ඉඩක් නොතබන්න. 21පාපයට මඟ සලසන ලජ්ජාවක් ඇත්තේ ය. එසේ ම ගෞරවය සහ ප්‍රසාදය ගෙන දෙන ලජ්ජාවක් ද ඇත්තේ ය. 22ඔබට පාඩුවක් වන අන්දමින් යමෙකුට පක්ෂවාදී බවක් නොදක්වන්න. ඔබගේ ඇද වැටීමට මඟ පෑදෙන සේ අන්‍යයන්ගේ බලපෑමට නතු නොවන්න. 23සුදුසු අවස්ථාවේ දී කතා කිරීමෙන් නොවැළකෙන්න. ඔබේ ප්‍රඥාව නොසඟවන්න. 24ප්‍රඥාව අඳුනාගනු ලබන්නේ කතාවෙහි දී ය. උගත්කම වචනයෙන් ප්‍රකාශ වන්නේ ය. 25සත්‍යයට විරුද්ධ ව කතා නොකරන්න. එහෙත්, ඔබේ නූගත්කම ගැන ලජ්ජා වන්න. 26ඔබේ පව් කීමට ලජ්ජා නොවන්න. ගංගාවක සැඩ පහරකට විරුද්ධ ව යන්නට උත්සාහ නොකරන්න. 27මො‍්ඩයෙකු ඉදිරියෙහි අධික ලෙස නිවටකම් නොදක්වන්න. බලවතෙකු ඉදිරියෙහි පක්ෂභජන නොවන්න. 28සත්‍යය වෙනුවෙන් මරණය දක්වා සටන් කරන්න. දෙවි සමිඳාණෝ ඔබට පක්ෂ ව සටන් කරන සේක. 29වචනයෙන් අවිනීත නොවන්න. ඔබේ ක්‍රියාවල දී අලස නොවන්න. නොසැලකිලි නොවන්න. 30ගෙදර දී සිංහයෙකු සේ නොවන්න. ඔබේ මෙහෙකරුවන් ඉදිරියෙහි බිය සුලු මිනිසෙක් නොවන්න. 31ආපසු දෙන්නට කාලය පැමිණි විට ඔබේ අත අහකට ගන්නෙහි ද, එසේ නම්, ලබාගැනීමට ඒ අත දිගු නොකරන්න.