කියවීම්
2026 ජූලි 10
Friday of the Fourteenth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
හොසියා 14:2-10
2සමිඳාණන් වහන්සේ වෙත හැරී අවුත් මේ යාච්ඤාව උන් වහන්සේට ඔප්පු කරන්න: ”අපේ සියලු අපරාධවලට කමා වී අපේ යාච්ඤා කරුණාවෙන් පිළිගත මැනව. එවිට අපි පොරොන්දු වූ පරිදි ඔබට ප්‍රශංසා කරන්නෙමු.
3අප ගළවන්න අසිරියාවට නොහැකි ය: යුද්ධ රථ වාහනවලට අප ආරක්ෂා කළ නොහැකි ය. මින්පසු කිසි කලෙක අතින් තැනූ දේව රූප අමතා, ‘ඔබ අපේ දෙවියෝ ය’යි නොකියමු. ස්වාමීනි, අනාථ අයට ඔබ වහන්සේ දයානුකම්පාව දක්වන සේක.”
4මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි; මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි. මන්ද, ඔවුන් කෙරේ මාගේ උදහස පහ වී ගොස් ඇත.
5ඉශ්රායෙල්ට මම පිනි මෙන් වන්නෙමි. ඔවුන් මානෙල් මෙන් පිපෙනු ඇත; ලෙබනොන්හි ගස් මෙන් මුල් අදිනු ඇත.
6ඔවුන්ගේ අතු විහිදී යයි; ඔලීව ගස් මෙන් හොබනේ වෙයි; ලෙබනොන්හි මෙන් සුවඳ පතුරයි.
7ඔවුන් යළිත් ආපසු පැමිණ මාගේ සෙවණෙහි වසනු ඇත; උයනක් සේ සමෘද්ධ වී මිදි වැලක් සේ පල දරනු ඇත; ලෙබනොන්හි මිදියුස මෙන් කීර්තිමත් වනු ඇත.
8එප්‍රායිම් සෙනඟට දේව රූපවලින් තවත් වැඩක් ඇද් ද? නුඹලාට පිළිතුරු දී නුඹලා ආරක්ෂා කරන්නේ මම ය. මම කිසි කලෙක නොමැලවෙන දේවදාර ගසකි. නුඹලාගේ රැකවරණය මම ය. නුඹලාගේ සියලු ආසිරිවලට උල්පත මම ය.”
9මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.
Responsorial Psalm
ගීතාවලිය 51:3-4, 8-9, 12-13, 14, 17
3මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ.
4ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය.
8මා සිතට සතුට හා සොම්නස දුන මැනව; ඔබ තැළූ පෙළූ මා කයට යළි සුව සෙත දුන මැනව.
9මාගේ පවින් ඔබේ බැල්ම හරවා ගත මැනව; මාගේ සියලු අපරාධ මකා හැරිය මැනව.
12විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව; අවනත සිතක් දී මා දැරුව මැනව.
13එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි.
14දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි.
17දෙවිඳුන් ප්‍රිය පඬුර නම්, බිඳුණු හදවතකි. දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක.
Alleluia
ශුද්ධ වූ ජොහන් 16:13; 14:26
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ මතෙව් 10:16-23
16සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.
17ඒ නිසා මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද, ඔවුන් ඔබ උසාවිවලට පාවා දී, ඔවුන්ගේ ධර්මශාලාවල දී ඔබට තළනු ඇත.
18ඔවුන්ට හා විජාතීන්ට සාක්ෂියක් පිණිස ඔබ මා නිසා ආණ්ඩුකාරයන් ද රජුන් ද ඉදිරියට ගෙනයනු ලබනු ඇත.
19එහෙත්, ඔවුන් ඔබ පාවා දෙන කල, ඔබ කතා කළ යුත්තේ කෙසේ ද, කිව යුත්තේ කුමක් දැ යි සිතමින් කරදර නොවන්න. මන්ද, ඔබ කිව යුතු දේ නියම වේලාවේ දී ම ඔබට දෙනු ලැබේ.
20කතා කරන්නේ ඔබ නොව, ඔබ තුළින් කතා කරන ඔබේ පියාණන්ගේ ආත්මයාණෝ ය.
21තවද, සහෝදරයා තම සහෝදරයා ද පියා තම දරුවා ද මරණයට පාවා දෙන්නෝ ය. දරුවෝ ද මවුපියන්ට විරුද්ධ ව නැඟී සිට ඔවුන් මරණයට පත් කරවන්නෝ ය.
22මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනු ඇත. එහෙත්, අන්තිම දක්වා ස්ථීර ව සිටින්නා ගැළවෙන්නේ ය.
23ඔවුන් එක් නුවරක දී ඔබට පීඩා කළහොත්, ඊළඟ නුවරට දිව යන්න. සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් එන්න පෙර, ඉශ්රායෙල්හි සියලු නුවරවල සැරිසරා නිමකරන්න ඔබට නොහැකි ය.