සැප්තැම්බර් 2026

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
27282930
අද දිනට

කියවීම්

2026 සැප්තැම්බර් 18

Friday of the Twenty-fourth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

1 කොරින්ති 15:12-20

12අප දේශනා කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කරනු ලැබූ බව නම්, මළවුන්ගෙන් උත්ථාන වීමක් නැතැ යි ඔබගෙන් සමහරෙකු කියන්නේ කෙසේ ද? 13මළවුන්ගෙන් උත්ථාන වීමක් නැත්නම්, ක්‍රිස්තුන් වහන්සේත් උත්ථාන කරනු නොලැබූ සේක. 14ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම් අපගේ දේශනා කිරීම නිරර්ථක ය; ඔබගේ ඇදහීමත් නිරර්ථක ය. 15මළවුන් උත්ථාන කරනු ලැබීමක් නැත්නම්, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කෙළේත් නැත. එසේ නම් දෙවියන් වහන්සේ උන් වහන්සේ උත්ථාන කළ සේකැ යි අප සාක්ෂි දුන් බැවින්, අපි බොරු සාක්ෂිකාරයෝ වම්හ. 16මන්ද, මළවුන් උත්ථාන කරනු ලැබීමක් නැත්නම්, ක්‍රිස්තුන් වහන්සේත් උත්ථාන කරනු නොලැබූ සේක. 17ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම් ඔබගේ ඇදහීම නිරර්ථක ය; ඔබ තවමත් පාපයෙහි ඇලී සිටින්නහු ය. 18එපමණක් නොව, ක්‍රිස්තුන් වහන්සේ අදහාගෙන මියගිය අය ද සදහට ම විනාශ වී ඇත. 19ක්‍රිස්තුන් වහන්සේ තුළ අපේ බලාපොරොත්තුව මේ ජීවිතයට පමණක් සීමා වූවක් නම්, අපි සියල්ලන්ට ම වඩා කාලකණ්ණියෝ වෙමු. 20එහෙත් සැබැවින් ම ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක් ම ය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට a සහතිකය වේ.
Responsorial Psalm

ගීතාවලිය 17:1, 6-7, 8, 15

1සමිඳුනි, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව; මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි. 6දෙවිඳුනි, ඔබ මට පිළිතුරු දෙන නිසා මම ඔබට හඬගසමි. මා අයැදුමට කන් යොමු කළ මැනව; මාගේ බස් ඇසුව මැනව. 7මිදුම්කරුනි, ඔබේ දකුණු අතින් සතුරු බියෙන් අප ගළවනු මැනව; ඔබේ අසිරිමත් පෙම හෙළි කළ මැනව. 8ඔබේ ම දෙනෙත රක්නා සේ මා රැකගන්න; ඔබ පියාපත් සෙවණෙහි සුරැකි ව මා සඟවන්න. 15මා දමිටු හෙයින් මම ඔබේ මුහුණ දකින්නෙමි; මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
Alleluia

ශුද්ධ වූ මතෙව් 11:25

25ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.
Gospel

ශුද්ධ වූ ලූක් 8:1-3

1ඉන්පසු ජේසුස් වහන්සේ ධර්ම දේශනා කරමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කරමින් ද නගර සහ ගම්වල සැරිසැරූ සේක. උන් වහන්සේ සමඟ ශ්‍රාවකයෝ දොළොස්දෙනා ද 2අශුද්ධාත්ම කෙරෙන් හා ලෙඩ රෝගවලින් සුවය ලත් සමහර ස්ත්‍රීහු ද තමන් කෙරෙන් දුෂ්ටාත්මයන් හත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලේනා නම් ලත් මරියා ද 3හෙරොද්ගේ භාණ්ඩාගාරික වන කුසාගේ භාර්යාව වන ජෝවන්නා ද සුසානා ද සිය සම්පතින් උන් වහන්සේට උපස්ථාන කළ තවත් බොහෝ ස්ත්‍රීහු ද සිටියහ.