සැප්තැම්බර් 2026

බ්‍ර සි සෙ
12345
6789101112
13141516171819
20212223242526
27282930
අද දිනට

කියවීම්

2026 සැප්තැම්බර් 25

Friday of the Twenty-fifth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

ධර්මදේශකයා 3:1-11

1හැම දෙයට ම ප්‍රස්තාවක් ද මේ මහ පොළොවෙහි හැම කාරණයට ම නිසි කාලයක් ද ඇත. 2උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක් ඇත; සිටුවන්නට කාලයක් සහ උදුරා දමන්නට කාලයක් ඇත; 3මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත; කඩා දමන්නට කාලයක් සහ ගොඩනඟන්නට කාලයක් ඇත; 4අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත; වැලපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත; 5පෙම්වතුන්ට එක් වීමට කාලයක් සහ එයින් වැළකීමට කාලයක් ඇත. වැළඳගන්නට කාලයක් සහ වැළඳගැනීමෙන් වළකින්නට කාලයක් ඇත; 6සොයාගන්නට කාලයක් සහ නැති වී යන්නට කාලයක් ඇත; තබාගන්නට කාලයක් සහ ඉවත දමන්නට කාලයක් ඇත; 7ඉරාදමන්නට කාලයක් සහ එලලන්නට කාලයක් ඇත; නිශ්ශබ්ද ව සිටින්නට කාලයක් සහ කතා කරන්නට කාලයක් ඇත; 8ප්‍රේම කරන්නට කාලයක් සහ ද්වේෂ කරන්නට කාලයක් ඇත; යුද්ධයට කාලයක් සහ සාමයට කාලයක් ඇත. 9අපේ සියලු වැඩකටයුතුවලින් කවර ප්‍රයෝජනයක් ඇද් ද? 10දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා පිට තබා ඇති කාර්යය මම දනිමි. 11උන් වහන්සේ සියලු දේ ම ඒ ඒ කාලයට සුදුසු ලෙස සකසා තිබේ. උන් වහන්සේ අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් මිනිසුන්ගේ සිත්හි තබා ඇත. එසේ වුවත්, දෙවියන් වහන්සේ මුල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයාට බැරි ය.
Responsorial Psalm

ගීතාවලිය 144:1 and 2, 3-4

1මාගේ පර්වතය වන සමිඳුන්ට ප්‍රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක. 2එතුමාණෝ මට කරුණා නිධානය ය; මාගේ බලකොටුව ය; මාගේ උස් කොටුව හා මාගේ මිදුම්කරු ය; මාගේ පලිහ ය. මා විශ්වාසය තබන තැනැන් වහන්සේ ය. ජාතීන් මට යටත්කර දෙන්නේ එතුමාණෝ ය. 3සමිඳුනි, ඔබ, මිනිසා ගැන කල්පනා කරන්න තරම් ඔහු කවරෙක් ද? මිනිසා ගැන සලකන්න තරම් ඔහු කවරෙක් ද? 4මිනිසා සුළං රොදකට සමාන ය; ඔහුගේ කාලය පහ වී යන හෙවණැල්ලක් වැනි ය.
Alleluia

ශුද්ධ වූ මාර්ක් 10:45

45කුමක් හෙයින් ද මනුෂ්‍ය-පුත්‍රයාණන් වුව ද වැඩියේ, සේවය ලැබීමට නොව සේවය කිරීමට ය; බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වී සිය දිවි පිදීමට ය.”
Gospel

ශුද්ධ වූ ලූක් 9:18-22

18ඉන්පසු උන් වහන්සේ තනියම යාච්ඤා කරද්දී ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ සිටියහ. එවිට උන් වහන්සේ, ”මහජනයා මා කවරෙකැ යි කියද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. 19ඔව්හු, ”සමහරු ‘ස්නාවක-ජොහන් ය’ කියාත් සමහරු ‘එලියා ය’ කියාත් අන් සමහරු, ‘ආදියෙහි සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් නැවත උත්ථාන වී ය’ කියාත් කියති”යි පිළිතුරු දුන්හ. 20එහෙත්, ඔබ! ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ”ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ය”යි පේදුරු පිළිතුරු දුන්නේ ය. 21උන් වහන්සේ මෙ‍ය කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට තදින් අණ දුන් සේක. 22තවද, ”මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකවරයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්න හා මරනු ලබන්ටත් තෙ වන දින යළි මරණින් උත්ථාන කරනු ලබන්ටත් නියම ව ඇතැ”යි වදාළ සේක.